Actress Gossip

අදටත් විවහා නොවී වසර 27 පවුල් කන w ජයසිරි මහතා 27 වැනි සංවත්සරය දා බිරිඳට කියූ දේ

Written by Prasad

සිංහල සිනමාවේ සිටිනා දැවැන්තයෙක් විදියට ඩබ්ලිව් ජයසිරි මහතා හදුන්වන්න පුළුවන්.ඒ වගේමයි විවිද මත දරන්නෙක් විදියටත් ඔහු ප්‍රසිද්දයි.මේ වෙද්දීත් ඔහු මෙගා ටෙලිනාට්‍යක් විදියට විකාශය වන සිදු ටෙලි නාට්යේ අපට දැකගන්න ලැබෙනවා.වේදිකා නාට්‍ය ටෙලි නාට්‍ය සිංහල සිනමාව මේ තුනෙන්ම වැඩ පෙන්වූ අති දක්ෂ රංගන ශිල්පියෙක් තමා ඔහු.ඒ වගේමයි රටේම ජනප්‍රියවුනු ගීත රැසකම නිර්මාණ කරුවා ද ඔහු වෙනවා.ඒ වගේමයි සමාජයේ ඔහු කෙරෙහි තිබෙන්නේ කමත්තකට වැඩිය අකමැත්තක් ඒ ඔහුගේ කෙලින් කතා කිරීම සහා අදහස ප්‍රකාශ කිරීම වගේ දේවල් නිසා.

ඔබට මතක ඇතිනේ ජයසිරි මහතා පසුගිය දා අපෙන් සමුගත් සුපිරි ගායන ශිල්පී සුනිල් පෙරේරා මහතා ගැන සටහනක් තබා තිබුනා.සැප්තැම්බර් පලමුවෙනිදා,ඒ කියන්නෙ හරියටම දවස් පහකට ඉස්සෙල්ලා පාන්දර 6.30ට විතර මට ෆෝන්කෝල් එකක් ආවා සුනිල් පෙරේරගෙන්.”මචං,මට email කරල උඹේ account number එක එවපං.මගේ email එක මතක තියාගන්න හරිම ලේසියි.no problem [email protected]”.මම ඇහුව මොකද මේ හදිසියේම.මගේ birthday එක ළඟ යි නේසුනිල්,හැම අවුරුද්දෙම එයා ගෙ උපන්දිනය දාට,සැප්තැම්බර් 14දා, ලොරෙන්ස දඅල්මේදා,කොලොම්තොටට යහපත් නාවිකයා ගීතය ලියූ මටත් එහි සංගීතය නිර්මාණය කල කාලෝ විජේසිරිටත් කතෘභාගය හැටියට එක්කෙනෙකුට රුපියල් 25,000 ගානෙ රුපියල් 50,000ක් ගෙවනව.

කාලෝ විජේසිරි මියගියත් ඔහුගේ බිරිඳට ඒ මුදල තැපැල් මගින් යවනව.අපි ඉල්ලල නෙමෙයි, සුනිල්ම හිතල ස්වකැමැත්තෙන් සිදුවන දෙයක්.2016 අවුරුද්දෙ ඉඳල හැම අවුරුද්දෙම සුනිල් ගෙ උපන්දිනය දවසට ඒ වැඩේ වෙනව.මේ අවුරුද්දෙත් ඒ කටයුත්ත වෙනදට වඩා කලින් සැප්තැම්බර් පලමුවෙනිදාම කරන්න සුනිල් ඇයි තීරණය කලේ කියල මම ඇහුවෙ නෑ.සුනිල්ට කො රෝනා වැළඳිල, සුවපත් වෙල ආපු බව මම දන්නව.මම ඒ ගැන ඇහුවෙත් නෑ.සුපුරුදු ලෙස උපන්දිනය දාටම සුනිල් මුණ ගැහිල ආ ගිය තොරතුරු සැපදුක විමසන්න මම හිතාගෙන උන්නෙ.

අනේ සුනිල්,ඇයි මෙහෙම උනේ.සුනිල් පෙරේරා කාටවත් බයත් නැති ණයත් නැති සුන්දර මිණිහෙක්.සුනිල්,ඔබ දෙව්මව්තුරුලේ සුබ සිහිණ දකින්න.ඌන පූරණයක්ම මම සුනිල්ගෙන් ඇහුව ඇයි මෙහෙම අපිට මේ වගේ ගෙවන්නෙ කියල. එතකොට සුනිල් කිවුව උඹ ලියපු සිංදුව හරිම ජනප්‍රිය යි.ඒ සිංදුව මම තාම මගේ ෂෝස්වල ගයල මම හම්භ කරනව.ඉතිං උඹටත් ඒ සල්ලිවලින් ගාණක් අයිතියි කියාය අපි උඩින් දැක්කට ඇත්තටම මිනිසුන්ගේ හදවත් හිතන තරම් අසුන්දර නැත කියන දේ හොදින්ම පැහැදිලි කර ඒ අසාහය ගායකයා අද යන්නම ගොස් ඇත සුනිල් පෙරේරා මහතාට අපිත් නිවන් සුව පතනවා.

ඒ වගේමයි තවත් දවසක ජයසිරි මහතාගේ දියණියගේ උපන්දිනය සැමරුවා ඒ අවස්තාවෙත් ජයසිරි මහතා හරි අපුරු සටහනක් තබා තිබුනා ඒ ඔහුගේ දියණියගේ නම තැබූ හැටි.මහාචාර්ය සුචරිත ගම්ලත් මගෙන් ඇහුව උඹට දොස්තර කිවුව ද උඹේ ගෑණිට ලැබෙන්නෙ කෙල්ලෙක් කියල.මං කාගෙන්වත් ඇහුවෙ නෑ.මට අමුතු නමක් දෙන්න කෙල්ලෙක්ට හරි යන. මහාචාර්ය ගම්ලත් කිවුව අන්නපූර්නා කියල දාපං. ඉන්දියාවේ කන්දක් තියෙනව ඒ නමින්.රවි ශංකර් ගෙ පලවෙනි බිරිඳ ගෙ නම.කෑමෙන් බීමෙන් අඩුවක් නෑ කියන තේරුම. 1996 අප්‍රේල් 30 රෑ 09.01ට ඔයා ඉපදුනා.අන්නපූර්ණා කියල නම දැම්ම.අද ඔයා ගෙ උපන්දිනේ.මගේ ලොකු දුවට දැං වයස අවුරුදු 25යි. ජයවේවා කියා, ඉතින් මේ වගේ අරුම පුදුම හිතක් ඇති කෙනෙක් තමයි ජයසිරි මහතා.

අද අපි ඔබට කියන්නේ මේ කිසිවක් ගැන නෙවෙයි පසුගිය දවසක ඔහු ඔහුගේ 27 වැනි විවහා සංවත්සරය සැමරුවා ඒ අවස්ථාවේ ඔහු සටහනක් තබා තිබුනා ඒ සටහන තමයි අද අපි ඔබට ගෙන එන්නේ.මම යි රූපික යි කොයිම ආකාරයක හෝ නීතිමය බැඳීමක් නැතිව එකිනෙකා අතර වූ ආදරය හා ගෞරවය නිසා එකවහලක් යටට වී 26-09-2021 අදට විසිහත් අවුරුද්දක් වෙනව.අපේ සෙණෙහසේ මල්ඵල වූ අන්නපූර්ණා හා මන්දාරිකා සමග අපි හතරදෙනාම කිසිවිටෙකත් ආගම්වාදී නොවී, ජාතිවාදී නොවී, අන්තවාදී නොවී සියලු සත්වයෝ නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා,සුවපත් වෙත්වා ප්‍රාර්ථනාවෙන් සාමකාමීව ජීවත්වෙමු.කියා සටහනක් තබා තිබුනේ ඒ විදියට.

About the author

Prasad

Leave a Comment