Actress Gossip

එයා ගියා කියලා මට දැන් දුකක් නැහැ මම දැන් හරිම සතුටින් ජීවිතය විදිනවා උමාලි දැන් ගෙවන සුපිරි ජිවිතේ

Written by Prasad

උමාලි තිලකරත්න කියන්නේ රංගනයට,ගායනයට,නර්තනයට අති දක්ෂ කළා කාරිනියක්.රෝස වසන්තේ, ආසයි මං පියාඹන්න ,මහරජ ගැමුණු,නිනෝ ලයිව්,හීන හොයන සමනල්ලු, A Level වැනි වැඩිදෙනෙක්ගෙ කතා බහට ලක් වුණු චිත්‍රපට කිහිපයකටම රංගන දායකත්වය ලබා දුන් ඇය පුංචි තිරයේ විකාශනය වුණු සම්මාන පිට සම්මාන දිනාගත් “බොහිමියාණුවෝ” වැනි ටෙලි නාට්‍ය සදහා ද ඇයගෙ රංගන දායකත්වය ලබා දී තිබෙනවා.ඇයගෙ ප්‍රථම චිත්‍රපට පසුබිම ගැයුමෙන්ම හොඳම පසුබිම් ගායිකාව ලෙස ජනාධිපති සම්මාන පවා දිනාගැනීමට තරම් ඇය වාසනාවන්ත වෙනවා.සම්මාන කිහිපයකින් පිදුම් ලැබූ සම්මානනීය ජනප්‍රිය නිලියක්.

පසුගිය කාලයෙදිනම් අපිට නිතර දැකගන්නට නොලැබුනත් කළා කටයුතු වලින් ඈත් නොවුන බවට කියා සිටියා.තමන්ගේ ඉගෙනීම් කටයුතු වලට මුල් තැන දෙමින් කළා කටයුතුත් කල බවටත් ඇය පුවත් පතකට පවසා තිබුනා.ඒ අතර ලේඛණ කලාව හා සම්බන්ද වූ බවත් ගීත කිහිපයකුත් පටිගත කිරීමට දායක වී තිබෙනවා.ජපන් භාෂාව චතුර ලෙසින් කතාකිරීමට දක්ෂ ඇය මේ වන විට ජපානයේ සිනමාවටත් දායක වී තිබෙනවා කියලා අපට දැනගන්න ලැබුනා ඉතින් මේ සුන්දර කළා කාරිනිය ගැන ඇගේ කළා ජීවිතය ගැන තොරතුරු ටිකක් අපි ඔබට ගෙන එනවා.

උමාලිගේ අනාගත බලාපොරොත්තුව වී තිබෙන්නේ මනෝ වෛද්‍යවරියක් වීමයි.කොළඹ මියුසියස් විදුහලෙන් ඉගෙනුම ලැබූ උමාලි පාසල් කාලයේදීත් කැපී පෙනෙන චරිතයක් බවට පත්වී තිබෙනවා. ඇය විෂය සමගාමී කටයුතු වලට වගේම විෂය බාහිර කටයුතු වලටත් දක්ෂ ශිෂ්‍යවක්ලු.ඒ අතර නර්තනය හා නෙට් බෝල් විශේෂයිලු.ඉතින් ඇය විවාහ වන්නේ ජනප්‍රිය රංගන ශිල්පී සාරංග දිසාසේකර සමඟයි.ඔවුන් දෙපල ඇත්ත ජිවිතේ පමණක් නෙවෙයි රංගන ශේස්ත්‍රය තුලත් පෙම්වතුන් ලෙස එකට රගපාපු අවස්ථාත් තිබුනා.

නමුත් බොහොම ටික කලකින් මේ දෙපල විවාහයෙන් වෙන් වෙනවා.ලෙනෙකුගේ කතාවකුත් ඔවුන්ගේ ආදරේට මැදිවෙනවා ඒ කාලේ ගොඩක් දෙනෙක් ඒ ලේනා ගැන කතා කළා ඔබට මතක ඇති පසුව සාරංග ජනප්‍රිය රංගන ශිල්පිනි දිනක්ෂි ප්‍රියසාද් හා විවාහ වුවත් උමාලි තවමත් තනිකඩව තමයි ජීවිතය ගෙවන්නේ .මේ දිනවල නම් උමාලි නිරූපන ශේස්ත්රයේ හා නර්තන ශේස්ත්රයේ නියැලෙන බවට අපට දැනගන්නට ලැබුනා.ඉතින් ඇය දැන් ගෙවන තනිකඩ ජිවිතේ ගැන අපිට කිවුවේ මේ විදිහටයි. මම කවදාවත් දාලා ගිය අයට වැරදි කියන කෙනෙක් නෙමේ. යම් අයකුට මාව නොගැලපෙනවනම් එයා ගැලපෙන තැනක් හොයාගෙන යනවනම්, මම ඔහුට කවදාවත් දොස් කියන්නේ නෑ, ඒ මගේ හැටි.

දෛවයේ සරදමකට මටත් මගේ ආදරේ අහිමි වුනා. වෙන් වෙන්න සිද්දවුනා. ඒ පසුගිය කාලයේ සිද්දවෙච්ච දේවල්, වෙන්න තියන දේවල් තමයි සිද්ද වෙන්නේ. මම ගොඩක් දුක් වින්දා. ඒ වගේම ගොඩාක් විදෙව්වා. දැන් ඒ හැම දෙයක්ම ඉවරයි. හැමදේම වෙන්නේ හොදට කියනවනේ. එහෙම හිතලා මන් දැන් හිත හදාගෙන ඉන්නේ. ඇත්තම මම දැන් සතුටෙන් ජිවත් වෙනවා සාරංග එයාගේ ලෝකයේ සතුටෙන් ඉන්නවා එයා ගියා කියලා මට දැන් දුකක් නැ අපි ජීවත්වෙන මේ සුළුකාලේ අපිට මොනවා වෙයිද කියලා අපි කව්රුත් දන්නේ නැහැ.

ඊලග මොහොතේ මොනවා වෙයිද කියලා කාටද කියන්න පුළුවන්. මම මේ හැමදෙයක් ගැනම ගොඩාක් තේරුම්අරන් උපේක්ෂාවෙන් බලන්න පුරුදු වෙමින් ඉන්නේ. ආදරය කියන්නේ පුදුමාකාර දෙයක්. ඒ වගේම පුදුමාකාර දුකක් දැනෙන දෙයක්. අනිවාරයෙන්ම දෙන්නට දෙන්නා තෙරුම් නොගෙන ලෝකයාට පෙන්න බොරුවට ඉන්න එක වැරදියි.මම දකින්නේ ජිවිතේ සුන්දරම කාලය මේ මොහොත ලෙසටයි.මොකද ගෙවුන කාලය අපෙන් ගෙවිලා ඉවරයි.ඒක අතිතයට අයිති දෙයක්.මම මේ මොහොත මේ කාලය විදිනවා. අනික මම ආදරයෙන් පරාජිත නෑ.මොකද ආදරය කියන වචනය ඇතුලේ ජය පරාජය කියන වචන නෑ.අනිත් කෙනාගේ සතුට දැකලා සතුටු වෙන්න පුළුවන්නම් සැබවින්ම එතනයි ආදරය.

ඉතින් අද වෙද්දී කලාවේ යන්න පුළුවන් උපරිමේට යන්න උමාලිට හැකියාව ලැබෙනවා සිනමාව වගේම පුංචි තිරය සංගීතය රන්තනය මේ හැම අංශයකින්ම ඉදිරියට යන්න ඇයට හැකියාව උපතින්ම ඇවිත් තිබෙනවා ඉතින් අපිත් ඇයගේ අනාගතේට සුබපතන ගමන් ඇගේ ඉදිරි කළා ජීවිතෙත් අති සාර්ථක වෙන්න කියා අපිත් අපේ හදපිරි සුබපැතුම් එකතු කරනවා.

About the author

Prasad

Leave a Comment