Actress Gossip

එයා මට ඕනේ තරම් නටන්න කියලා තියෙන්නේ ඉසුරුගේ දෙවෙනි බිරිඳ වෙන්න ඉන්න රෝසමල තරින්දි ප්‍රනාන්දු

Written by Prasad

තරින්දි ප්‍රනාන්දු ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියන්නේ අද වෙද්දී කළා ලෝකයේ සිටිනා ජනප්‍රියම යුවලක්.ඉසුරු කලින් සේවය කලේ ශ්‍රී ලංකා යුදහමුදාවේ පස්සේ හමුදාවෙන් අයින්වෙලා කලාවට ඇවිත් තියෙන්නේ.ඒ වගේමයි තරින්දි කියන්නේ කලින් බැංකු නිලදාරිනියක් ඇය බැංකුවට සමුදී තමයි කලාවට එන්නේ.ඉතින් අද අපි ඔබට කියන්න හදන්නේ මේ සුරූපී තරින්දි ගැන තොරතුරු ටිකක්.

පාසල් කාලේ ඉදන් නර්තනට උපන් හැකියාව තියෙන තරින්දි මේ වෙද්දී හිරු මෙගස්ටාර් වේදිකාවේ හරි හරියට නර්තනයේ යෙදෙනවා දැකගන්න පුළුවන්.ඒ වගේමයි ටෙලි තිරෙත් මේ වෙද්දී තරින්දි දැකගන්න පුළුවන් හොද වැඩේ නිසා ඉසුරු නම් මුළු ලංකාවම දන්නවන් ලංකාවේම ජනප්‍රිය වෙන්න ඔහුට වැඩි දවසවක් ගියේ නැහැ හොද වැඩේ නිසාත් එක වචනයක් ඔහුගේ මුළු රංගන ජිවිතයම වෙනස් කරන්න සමත්වුනා කිවුවොත් නිවැරදි.

හිරු වේදිකාවේ අවසන් 12 දෙනා අතරට එන්න තිබ්බ හයවැනි වටයේදී ගෝල්ඩන් බ්‍රසර් එක දිනා ගන්නත් අපිට පුළුවන් වුණා. මගේ එක්ක නර්තනයේ යෙදෙන්නේ හසින්ත මධුරංග. ගයාන් ශ්‍රීමාල් අයියා තමා අපේ නර්තන වින්‍යාසයන් සිදු කරන්නේ. ඒ එක්කම මගේ නර්තන අංගවලදී හිරාන් ජයසේකර, කසුන් ෆොන්සේකා, නන්දි සහ අමිල උදය තමා ඇඳුම් නිර්මාණය කරලා දෙන්නේ. ඒ අයවත් අනිවාර්යෙන්ම මතක් කරන්න ඕනේ.එයාලා නිසා තමයි අද මම මේ තරම් දුර ගමනක් ඇවිල්ල තියෙන්නේ.

මම පෞද්ගලික බැංකු ආයතන දෙකක වැඩ කරලා තියෙනවා. මගේ ඒ බැංකු ගමන වෙනස් වෙන්නේ මගේ අම්මා නැතිවෙනවා 2016 අප්‍රේල් 29 වැනිදා. එතැනින් පස්සේ මම බැංකුවේ මාසයක් විතර වැඩ කරලා මම බැංකුවෙන් අයින් වෙනවා. මොකද අම්මත් නැති නිසා ඒ වෙද්දී ගෙදර වගකීම් ටිකක් තිබ්බා. අක්කා එයාගේ පළපුරුද්ද එක්ක බැංකු ක්ෂේත්‍රයේ හොඳ රැකියාවක් කරන නිසා අක්කා රස්සාවෙන් අයින් වෙනවට වඩා ඒ වෙලාවේ හැටියට හොඳම තීරණය මම අයින් වෙන එක කියලා හිතුණා. අයින් වෙලා ඉද්දි තමයි මම ගයාන් ශ්‍රීමාල් අයියාගේ ඩාන්සින් ක්ලාස් එකට ගියේ එතන තමයි මගේ හැරවුම් ලක්ෂයවුනේ කිවුවොත් නිවැරදි අද වෙද්දී නර්තනයෙන් මම ලොකු දුරක් ඇවිත් ඉන්නේ.

රංගන ශිල්පිනියක් විදියට අපිට පුළුවන් වෙන්න ඕනේ හැම අධ්‍යක්ෂවරයෙක් එක්කම වැඩ කරන්න.මම නම් කැමති සිනමාවට සිනමා නිලියක් වෙන්න හැමෝටම ඒක කරන්නත් බැනේ.ට මේ වෙනකම් වැඩ කරන්න ලැබුණු හැම අධ්‍යක්ෂවරයෙක්ගෙන්ම මම මොනවා හරි දෙයක් ඉගෙන ගෙන තියෙනවා ,මට බයනතුව ඕනෙම අද්‍යක්ෂක වරයෙක් සමග වැඩ කරන්න පුළුවන් හැමෝම හොද ඇය අපිට සහයෝගය උපරිමෙන්ම ලැබෙනවා.මට දැනට මගේ සීමාව ඉක්මවලා යන චරිත ලැබිලා නැහැ. මේ වෙනකම් මට ලැබුණේ මට ගැළපෙන චරිත. මට දැනට මගේ සීමාව ඉක්මවලා යන චරිත ලැබිලා නැහැ. මේ වෙනකම් මට ලැබුණේ මට ගැළපෙන චරිත.මට දෙන්නෙත් ඒ වගේම චරිත තමයි.

ඇත්තටම මට ලැබිලා තියෙන පෙම්වතා ගැන කියනවා නම් එයාව මම විවිධ විදියට දකිනවා. මගේ ලෝකයේ ආදරවන්තයා. ඔහු මට වෙලාවකට තාත්තා කෙනෙක්. ඒ වගේම මගේ සහෝදරයා ඔහු. මගේ හොඳම යාළුවාත් ඔහු. ඒ හැම භුමිකාවක්ම ඔහු තුළින් මම ලස්සනට අත්විඳිනවා මොකක් හෝ හේතුවක් නිසා අපේ විවාහය කල් යනවා මේ අවුරුද්දේ ගන්න හිටියා දැන් එකත් බැහැ කොහොම හරි ලබන අවුරුද්දේ නම් අපි දෙන්නා එකවහලක් යටට එනවා කියන තැන තමයි ඉන්නේ.

අද මට ඔහු උපරිම නිදහස දීලා තියෙන්නේ නටන්න මෙගස්ටාර් වේදිකාවේ මට උපරිම නිදහස දීලා තියෙන්නේ ඕනෙම විදියකට ඕනෙම දෙයක් කරන්න කියලා ඒක නිසාම තමයි අද මට මේ තරගාවලියේත් මේ තරම් දුරකට එන්න පුළුවන් වෙලා තියෙන්නේ.අපි අපේ මංගල දිනෙත් කවුරුත්ම කරපු නැති වෙනසක් කරනවා ලොකු වෙඩින් එකක් නම් ගන්නේ නැහැ හැබැයි කවුරුත් නොකරපු වෙනසක් නම් අපි දෙන්න කරනවා කියලා තමයි තරිඳි කියා සිටියේ.

About the author

Prasad

Leave a Comment