Actress Gossip

චන්න අයියා තමා මාව නිලියක් කරේ චන්නගේම චිත්‍රපටයකින් ලගදීම එලියට එන අවුරුදු 21 සුරුපිනිය මෙන්න

Written by Prasad

නිරූපණ ශිල්පිනියක් සහ රංගන ශිල්පිනියක් ලෙසින් ආකර්ෂණය දිනාගත් සසින්දි නිම්හාරා සෙනවිරත්න පසුගියදා සිය 21 වැනි උපන් දිනය සමරනු ලැබුවා. මව සහ පියාගේ ආභාෂයෙන් නිරූපණ ක්ෂේත්‍රයට පැමිණි නිම්හාරා මේ දිනවල චන්න පෙරේරා අධ්‍යක්ෂණය කරනු ලබන සඳ දිය සළු චිත්‍රපටයේ ප්‍රධාන චරිතයද නිරූපණය කරනු ලබනවා.ඒ වගේමයි ඇගේ දෙවෙනි චිත්‍රපටයෙන්ම ඇය ප්‍රධානම චරිතේ කරන්න තරම් වාසනාවන්ත වෙලා තියෙනවා ඉතින් අද අපි ඔබට ගෙන එන්නේ සද දිය සළු තුලින් ඔබේ ආලින්දයට එන නිම්සාරා ගැනයි.

ඇගේ පලවෙනි රංගනය තමයි ලංකාවේ හැමෝම ඒ කාලේ පිස්සුවෙන් වගේ බලමු කාව්‍යා ටෙලි කතාවේ කාව්‍යාගේ පුංචිකාලේ චරිතයට රංගනයෙන් එක් වීම.ඊට පස්සේ ඇය කෙලින්ම සිනමාවට එනවා ඒ නිසල ගිර චිත්‍රපටයේ නීටා ප්‍රනාන්දු මහත්මියගේ දුව හැටියට එතනින් සිනමාවට එන ඇය වැඩි කලක් යන්නෙම නැතුව සිනමාවේ ප්‍රධානම චරිතයක් කරන්න ලැබෙනවා ඒ චන්න පෙරේරාගේ අලුතෙන්ම එන චිත්‍රපටයෙන්.

මට චන්නඅයියාගේ චිත්‍රපටය ලැබෙන්නේ යශෝදා විමලධර්ම අක්කා අපේ අම්මට කියලා තිබුනා චන්න අලුත් ෆිල්ම් එකකට කෙනෙක් හොයනවා කියලා ඊට පස්සේ අපි ගිහින් එයාව හම්බවුනා කොහොම හරි මාව තෝරාගත්තා කියලා තමයි නිම්සාරා කියන්නේ.පවතින වසංගතය නිසා එම චිත්‍රපටයත් අතරමග නතර වෙලා තියෙන්නේ වසංගතය අඩුවුණු ගමන් නැවතත් රූ ගතකිරීම් පටන්ගන්නවා කියලා තමයි ඇය කියන්නේ.

අපි රූගත කරන්නේ රිවස්ටන් ප්‍රදේශයේ. මාසයක් විතර අපි එක දිගටම රූ ගත කිරීම් කළා හරිම සුන්දර අද්දැකීමක් ඒක දවසක් රෑ පටන්ගත්ත ශුට් එක වැස්සේම කරන්න ඕනේ ඒක ඉවර වෙද්දී උදේ 6 වෙලාව.රිවස්ටන් කියන්නේ හරිම සිතල නිසා හරිම අමාරුවෙන් තමයි අපි හිටියේ ඒ උනාට වැඩේ අපි හොදට කළා.මම නම් හිතුවේ මට ලෙඩක් හැදෙයි කියලා මට පුරුදු නැහැ එහෙම සීතලේ ඉදලා හැබැයි මට කිසිම ලෙඩක් හැදුනේ නම් නැහැ හරිම සුන්දර අද්දැකීමක් එකනම්.

මම ඉගෙන ගත්තේ කොළඹ ලයිසියම් ජාත්‍යන්තර පාසලෙන්.මේ වෙද්දී ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිය කරනවා. වැඩිදුර අධ්‍යාපන කටයුතුවලට පිටරටකට යන්න තමයි මම බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඒ අධ්‍යාපන කටයුතු කරන ගමන් තමා මම නිර්මාණවලට දායක වෙන්නේ.ඉස්සරහට ලැබෙන ආරාධනා එක්ක මම ෆුල් ටයිම් කලාවට එන්න හිතාගෙන ඉන්නේ.මගේ අම්මා නිලූ සේනානායක. තාත්තා අර්ජුන සේනානායක. 2002 දී බෙස්ට් මොඩ්ල් ඔෆ් ද වර්ල්ඩ් සහ 2013 වර්ෂයේ මිසිස් ඒෂියා කිරුළ දිනාගත්තේ අම්මා. 2002 මිස්ටර් ශ්‍රී ලංකා මගේ තාත්තා.

චන්න අයියා තමා මාව මේ තැනට ගෙනාවේ ඇත්තටම නිලියක් කලේ චන්න අයියා ඒ වගේමයි මට දෙමව්පියන්ගෙන් සහයෝගය හැමදාම ලැබෙනවා මේ අවස්තාව මට ලැබුනේ යශෝධා අක්කා නිසා එයාවත් මතක් කරන්න ඕනේ චන්න අයියා මට ප්‍රධානම චරිතේ දීලා මාව හැමෝටම අදුන්වලා දෙන්න ලොකු කැපකිරීමක් කළා ඉතින් එයා නිසා තමා අද මම හැමෝම දැනගන්නේ.

About the author

Prasad

Leave a Comment