Actress Gossip

පලවෙනි පෙම්වතා දාල ගියා දැන් එයාට දුක ඇති මන් ගැන මම ජොලියෙන් ඉන්නවා දැන් සුරූපී සංජානා

Written by Prasad

සංජානා ගමාරච්චි කියලා කියන්නේ සුන්දර රංගන ශිල්පිනියක් වගේම නිරූපන ශිල්පිනියක් ද වෙනවා. පසුගිය දිනවල ඇය කල ප්‍රකාශයක් නිසා ‘BMW කෙල්ල’ යන අනුවර්තන නාමයෙන්ද ඇයව හදුන්වනු ලැබුවා. ඉන් පසුව සංගීත් සතරසිංහ නිසාද ඇයට බොහෝ සේ මඩ ගැසීම් සහ කට කතා අසන්නට ලබුනා. ඉතින් ඒ කිසි දෙයකට නොසැලී ඇය ඇගේ ගමන යනවා. ඉතින් මේ දිනවල අපිට ඇයව හිරු ටීවී නාලිකාවේ විකාශය වන දිවිතුරා ටෙලි සිත්තම හරහා දැක ගැනීමට ලැබෙනවා.

ඉතින් ඇයට ඒ හරහා බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාරත් ලැබෙනවා. ඉතින් ඇයගේ අලුත්ම තොරතුරු ඇය අපිට කිවුවේ මේ විදිහටයි.වරදක් නැහැ. සතුටෙන් ඉන්නවා. ‘දිවිතුරා’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් සිද්ද වෙනවා මේ දවස්වල. තවමත් නමක් තබා නැති ටෙලි නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා මට.BMW කතාව නිසා මම තවත් ප්‍රසිද්දවුන මට BMW තියෙන තරුණයෝ ගොඩාක් දෙනෙක් මගේ මුණුපොත හරහා මට පණිවිඩ එවලා තිබුනා මාව විවහා කරගන්න කැමති කියලත්.

ඉතින් පවතින වසංගත උවදුර යම් තරමකට පහව ගියාම අලුත් ටෙලි නාට්‍ය සදහා දින වකවානු දැනගන්න ලැබේවි.තිර පිටපත අතට ලැබුනාම එහි කරුණු ගැන සැලකිලිමත් වෙලා තමයි මන් එක තෝරාගන්නේ මට ලැබෙන්නෙම යොවුන් වියේ දගකාර චරිත නිරූපනයට.ඉතින් ඒ චරිතවල ඇදුම් පැළදුම් සහ සමහර දර්ශනයන් ගැන ටිකක් හිතන්න වෙනවා. හැමවෙලාවෙම මම පවුලේ අයගේ අදහස් ගැන විමසිලිමත් වෙනවා. එයාලා අදාළ චරිතය ගැන කියන්නේ මොනවද කියන කාරණය මට ගොඩාක් වැදගත්.වෙනස් චරිතයක් ලැබෙන තුරු මම ආසාවෙන් බලාගෙන ඉන්නවා.

තරමක් හෝ සංකීර්ණ චරිතයක් සදහා යම් නිර්මාණකරුවෙකු මට ආරාධනා කරන තුරු මම බලාගෙන ඉන්නේ ආසාවෙන්. සාමාන්‍ය චරිතයකට වැඩිය අසාමාන්‍ය චරිතයකට ප්‍රේක්ෂකයන් හරි ඉක්මනට සමීප වෙනවා. මම හිතන්නේ නලුවෙකුට යම් ප්‍රතිරූපයක් දිගු කාලීනව හදාගන්න අවශ්‍ය නම් සංකීර්ණ චරිතයක් අත්‍යාවශ්‍යයි.ඉතින් ඇයගේ ආදර්ශය ගැන අපිට කිවුවේ මේ වගේ දෙයක්.

මට දැන් පෙම්වතෙක් නැහැ. මට ගොඩාක් යෝජනා එන්නේ නෑ. සාමාන්‍ය විදියට යෝජනා කිහිපයක් ආවා. හැබැයි මම ඒ ගැන උනන්දු වුණේ නෑ තාම. විවාහ යෝජනා රැගෙන තරුණයන් නිවසටද එනවා. ඒක ඕනෑම තරුණියෙකුට සාමාන්‍ය දෙයක්. හැබැයි තවම මම එහෙම දේවල් ගැන උනන්දුවක් දක්වලා නැහැ. විවාහය සදහා කෙනෙක් තෝරාගැනීම ටෙලිනාට්‍යක ගිවිසුමක් අත්සන් කරන ආකාරයට කරන්න බැහැ. අවැසි කාලයට මට හිමි කෙනා පැමිණේවි. ඒ නිසා ඒ කාරණය ගැන ඕනිවට වඩා ඔලුවට ගන්න යන්නේ නෑ.

මගේ පළමු පෙම මා හැරගිය නිසා හරිම දුකයි තමයි. හැබැයි මම නැවත ඒ වගේ දේකට මැදි නොවන්නට ඒක හේතුවක් නෙවෙයි. මම හිතන්නේ මගේ හිතට හරියන අය තාම මට මුණගැසුණේ නෑ කියලා.මට කවද හරි මන් වෙනුවෙන් මවපු කෙනා ලැබෙයි එතකන් මේ නිදහස විඳිමින් ජොලියේ ඉන්නවා.පෙම්වතා දාලා ගියා කියලා අපි මනසින් වැටෙන්න හොද නැහැ මම දැන් එයාව අමතක කරලා මගේ ජිවිතේ සැහැල්ලුවෙන් ගෙවනවා.ඉදිරියේදී මාව ගොඩක් දුරට දකින්න ලැබෙයි බාර ගත්ත වැඩ ගොඩක් ඉස්සරහට එනවා ඒක නිසා මාව දාලා ගිය කෙනා දැන් දුක් වෙනවා ඇති මම ඉන්න තැන දැකලා ඒ උනාට දැන් කරන්න දෙයක් නැහැ මම පාඩුවේ මගේ ගමන යනවා කියලා තමයි සංජානා කියන්නේ.

About the author

Prasad

Leave a Comment