Actress Gossip

පස්වසරකට පසු නැවතත් ආපු පුංචි තිරේ අහිංසක පෙම්වතිය වෛද්‍ය ඉෂාරා සදමිනිගේ අලුත්ම චායාරුප

Written by Prasad

ඇය පුංචි තිරයේ අහිංසකාවිය.රංගනය වගේම නිවේදනයෙන්ද ඔබේ හදවතට ආමන්ත්‍රණය කළ ඇය දැන් ආදරණීය මවක්. වෘත්තීයෙන් ආයුර්වේද වෛද්‍යවරියක වන ඇය වසර පහකට පසුව නැවතත් තමන්ට හුරුපුරුදු කැමරාව ඉදිරියට ඇවිත් තිබෙනවා ඒ සුන්දර කළා කාරිනිය තමයි ඉෂාරා සදමිනි.ඉතින් අද අපි ඔබට මේ සුන්දර කළා කාරිනිය ගැන තොරතුරු බිදක් තමයි ගෙන එන්නේ.

මම වසර ගණනාවකට පසු අහස්මාලිගා ටෙලිනාට්‍යට සම්බන්දවුනා අහස්මාලිගා ටෙලිනාට්‍යට කලින් මට වැඩ ගොඩාක් ආවා එත් මම ඒවා බාරගත්තේ නැහැ මොකද ගොඩක් ඒවා දුර පළාත් වල රූ ගතකිරීම් වලට යන්න තියෙන නිසා මම දැන් වැඩිපුරම හිතන්නේ මගේ බබා ගැන ඒක නිසා ගෙදරින් ගොඩක් දුර පළාත් වලට යන්න අමාරුයි මම වැඩ බාරගන්නෙත් ගොඩාක් තෝරාගෙන ලගපාත තියෙන ඒවා තමයි වැඩි හරියක් කරන්න හිතාගෙන ඉන්නේ.ඉතින් මට වෙනසක් කරන්න හිතුනා ඒ නිසා තමයි මම අහස්මාලිගා තෝරාගත්තේ.

අහස්මාලිගා ටෙලිනාට්යේ මගේ චරිතය මට කලින් කරේ වෙන කෙනෙක් මම මගදී තමයි සම්බන්ද වෙන්නේ.ඇය මගදී අයින් වෙනවා ඒ වෙනුවට තමයි මම සම්බන්ද වෙන්නේ මට එයාගේ විදියට රඟපාන්න බැරිවුනත් මට මගේ විදියට රගපාන්න කියලා තමයි අද්‍යක්ෂක වරයා පැවසුවේ ඉතින් මම මට පුළුවන් උපරිමෙන් මගේ විදියට කළා මට හොද ප්‍රතිචාර ලැබෙනවා.මම හරිම ආසාවෙන් කරපු චරිතයක් තමයි ඒක.මම වසර ගනාවකින් ආවත් ස්වර්ණවාහිනියේ ආයුබෝවන් ශ්‍රීලංකා වැඩසටහන කරපු නිසා මට රඟපාන්න ලෙසිවුනා.

මම ආයුර්වේද වෛද්‍යවරියක් වගේම කලාවෙත් ඉන්න කෙනෙක් නිසා මට අවශ්‍ය වුණේ මේ දෙකටම ගැළපෙන දෙයක් කරන්න. මගේ බලාපොරොත්තුව වුණේ මිනිස්සු නීරෝගීව ඉන්න ගමන් ලස්සනට තියන්න. මුලින් හිතුවේ ආයුර්වේද ට්‍රීට්මන්ට් සෙන්ටර් එකක් පටන් ගන්න වුණත් පවතින වසංගත තත්ත්වය එක්ක එය කල් දාන්න සිදු වුණා. ඒ නිසා යූටියුබ් චැනල් එක ආරම්භ කළා. හැමෝටම ආරධනා කරනවා ආයුර්වේද බයි ඉෂාරා සඳමිණි යූටියුබ් චැනලය හා එකතු වෙන්න කියලා.

ඇත්තටම කලාව කියන්නේ මගේ විනෝදාංශය ගානක් හම්බෙනවා තමයි මම වසර ගණනාවකින් අවාම මට හිතුනා මට වැඩ නැතිවෙයි කියලා ඒ උනාට මට වැඩක් තිබුනා මම ඒ වැඩේ හොදටම කළා.රංගන ශිල්පිනි ගොඩාක් දෙනෙක් මේ වෙද්දී කලාවට ඇවිත් ඒ උනාට මගේ හිස්තැන ඒ අඩුව පුරවන්න මට අවස්තාවක් ලැබුනා ඒ නිසා මට ලස්සන චරිතයක් ලැබුන.මම ගොඩාක් චරිත කරලා නැහැ හැබැයි මම කරපුවා හදවතට දැනෙන ඒවා.අහස්මාලිගා ටෙලිනාට්යෙන් මට හම්බවුනේ ගොඩාක් අලුත් අය ඉතින් අපි පරණ අය කියලා හිතලා වැඩ කලොත් එයාලා එක්ක වැඩ කරන්න අමාරුයි ඒ නිසා අපි එයාලගේ තැනට ඇවිත් වැඩ කලොත් එයාලා එක්ක වැඩ කරන්න පුළුවන් මාත් එහෙම තමයි එයාලා එක්ක වැඩ කලේ.ඉතින් එහෙම තමයි ඇය ඇගේ අලුත්ම තොරතුරු පැවසුවේ.

About the author

Prasad

Leave a Comment