Actress Gossip

පියයුරු, කකුල් පේනවා කියල චරිතෙට අසාධාරණයක් කරන්න බෑ මට දෙන වැඩේ මම හොදට කරනවා සුලෝචනා

Written by Prasad

සුලෝචනා වීරසිංහ කියන්නේ සම්මානනීය දක්ෂ රංගන ශිල්පිනියක්. වේදිකාව,සිනමාව,වගේම ටෙලි තිර වලිනුත් ඇයගේ රංගන හැකියාවන් අපට දැක බලා ගන්න පුළුවන්.ඒ වගේම ඇය කැළණි සරසවියේ උපාධිදාරියක් වනවා.පුංචි තිරය තුල ඇයව ජනතාව අතරට යන්නේ ITN නාලිකාවේ විකාශය වූ ජනප්‍රිය ටෙලිනාට්‍යක් වන“තණමල්විල කොල්ලෙක් ටෙලිනාට්‍ය හරහායි.’ගින්නෙන් උපන් සීතල’යන සිනමා පටය හරහාත් ඇය ගොඩක් ප්‍රසිද්ධ වනවා.වගේමයි නිකිණි වැස්ස තමයි ඇගේ මුල්ම සිනමා පටය සම්මාන රැසක්ම දිනාගන්නත් එම චිත්‍රපටයට හැකියාව ලැබෙනවා.සුලෝචනා මේ වෙද්දී ශ්‍රී ලංකා ප්‍රවෘර්ති දෙපාර්තුමේන්තුවේ සේවය කරන රාජ්‍ය සේවිකාවක්.

ඇය දැනට වසර හතක ඉඳන් එම රැකියාව නිරත වන බවටත් අපට දැනගන්නට ලැබුනා.ඇය විවාහ වී සිටින්නේ චානක සංජිව නම් කැමරා අධ්‍යක්ෂක වරයකු සමඟයි. කළා ගමනට පා තබන්නට මාර්ගය පෙන්වා දී තිබුනේ ඔහුයි.ඉතින් ඒ වගේමයි තරුණ කාලේ ඉදන්ම මල්ලිලාගේ ක්‍රෂ් එක උනේ සුලොචනාලු ඒ වගේමයි මල්ලි කෙනෙක් සමගමයි ඇය විවහා වෙලා සිටින්නේත්, ඉතින් කළා කටයුතුයි,රැකියාවේ කටයුතුයි,එක්ක පවුල් පසුබිමත් රැකගෙන ඉන්න ඇයට කාර්යබහුලත්වයෙන් වැඩි ජිවිතයක් ගත කරන බවයි අපට දැනගන්නට ලැබුනේ.

ඉතින් බොහෝ කලකට පසු පුංචි තිරයේ මේ දිනවල ඇයව අපිට දැක ගැනීමට ලබෙනෙවා. ඉතින් ඒ ගැන අපිට කිවුවේ මෙහෙමයි. ඉතින් මන් මේ දිනවල දිවිතුරා ටෙලි නාට්‍යයේ රංගනයෙන් දායක වනවා. හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. අන්තර්ජාලය හරහා පළ කරලා තියෙන්නේ නිලූ ආන්ටි වගේ කෙනෙක් ඉන්නවා නම් කියලයි. සමාධිගෙයි නිලූගෙයි තියෙන මිත‍්‍රත්වය ගොඩක් දෙනෙක් අතර ජනපි‍්‍රය වෙලා තියෙනවා. කාලෙකට පස්සේ මගේ සහෝදරිය හිමාලි සයුරංගි එක්ක වැඩ කරන්න ලැබුණා. ඊට කලින් අපි දෙන්නා ආනන්ද අබේනායකගේ තක්සලාව ටෙලිනාට්‍යයෙන් තමයි මුණගැසෙන්නේ.

සමාධිගේ හොඳම යාළුවා විදිහට තමයි නිලූ ආන්ටිගේ චරිතය එන්නේ. 30 වැනි කොටසෙදි තමයි මම සම්බන්ධ වෙන්නේ. මම නම් ඒ පිටපත ලියැවෙන විදිහට කැමැතියි හොඳම යාළුවා වුණත් හරිම වෙලාවේදී ගෙන්නලා තියෙනවා කියලයි මට නම් හිතෙන්නේ. අගස්ති, තරුපති, සමාධි, නිලූ ඇන්ටි කියන චරිත අතර ලොකු සම්බන්ධයක් තියෙනවා.ඊට අමතරව වසන්ත කේ. වැල්ලවාය කියන අධ්‍යක්ෂවරයාගේ ඉරට ළඟ මිනිස්සු ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණා. වැල්ලවායේ තමයි රූගත කිරීම් සිදු කළේ. සමන්ත ගමගේ තමයි පිටපත ලිව්වේ.තියටර් එක අපට දැන් මිස් වෙනවා. ඒ ගැන ලොකු දුකක් තියෙනවා කියලා තමයි ඇයනම් කියන්නේ.

ඒ වගේමයි සිනමා පට වල තිබෙන ලිංගික දර්ශන වලට මම බය නැහැ ඇයි බයවෙන්නේ ඒ දර්ශනය මට අදාළ දෙයක් නෙවෙයිනේ. ඒක රඟපෑමක් විතරයි. එහෙම ප්‍රශ්නයක් තිබුණා නම් මගේ රඟපෑම දිහා වැරදි ඇහැකින් බලපු කෙනෙක්ට විතරයි. සුලෝචනා කියන නිළිය දිහා බලපු කෙනෙක්ට ඒක හොඳ රඟපෑමක් විතරයි. ක්ෂේත්‍රයේ හැම කෙනෙක්ම මගේ රංගනයට ප්‍රසංසා කළා. සම්මාන උළෙලවල් කීපයකම සම්මාන ලැබුණා. අදටත් මම හිතන්නේ ඒක මම කරපු රඟපෑමක් විතරයි.අනික පියයුරු දැක්කා පස්ස දැක්ක කකුල දැක්කා කියලා අපිට රංගනයේ යෙදෙන්නේ නැතුව ඉන්න බැහැ මට ලැබෙන චරිතේ හරියටම කරන එක තමයි මට ප්‍රධාන වෙන්නේ. මට හොදයි කියලා කරන්න පුළුවන් කියලා හිතෙන චරිතයක්නම් මම කොහොම හරි කරනවා.

මගේ මහත්තයා චානක සංජීව. කැමරා අධ්‍යක්ෂවරයෙක්. රාවණා ටෙලි නාට්‍යයේ කැමරා කරන්නේ ඔහු. මේ ක්ෂේත්‍රය නිසාමයි ඔහු මට මුණගැහෙන්නේ. ඒ නිසා සීයට සීයක් ඔහු මාව තේරුම් අරගෙන ඉන්නවා. මේ රංගනය වෙනුවෙන් ඔහු මට හුඟක් උදව් කරනවා. මගේ දියණිය මෞලි ආර්යා. එයාට තාම වයස තුන හමාරයි.ඉඳහිටවත් ඉදිරියේ නිර්මාණයකින් දකින්න ලැබෙයි.මම රැකියාවට මුල්තැන දීලා තමයි වැඩ කරන්නේ ඉදිරියේදී බලමු අලුත් වැඩකින් හමුවෙමු කියලා තමයි සුලෝචනා අවසාන වශයෙන් පැවසුවේ.

About the author

Prasad

Leave a Comment