Actress Gossip

රටම බලා සිටි සුබ මොහොත දියණියක් මෙලොවට බිහි කරමින් සාරංග දිනක්ෂි දෙමව්පියන් වෙයි

Written by Prasad

දිනක්ෂි සහ සාරංග කියූ සැනින් ඔබේ මතකයට එන්නේ කාලයෙන් කාලයට සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් මවන රංගන ශිල්පීන් යුවළක්.හැම දවසකම චායාරුපයක් මුහුනුපොතට දමන්නත් ඔවුන් අමතක කරන්නේ නැහැ මේ කාලයේ ඔවුන් දෙදෙනා හැමෝම කතා කලේ මේ ආදරණිය කළා කරුවන් දෙදෙනා දෙමව්පියන් වෙන්න යන ආරංචිය ගැන.ඔවුන් ඒ ගැනත් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ දේ ප්‍රචාරය කරමින් තමයි හිටියේ.

නමුත් ඔවුන් ලැබෙන්නට සිටින දරුවා ගැහැනුද, පිරිමි ද යන්න හෙළිකර සිටියේ නෑ.කොහොම නමුත් (26) දිනයේ දිනක්ෂි, සිඟිති දියණියකට උපත ලබා දී තිබෙන බව ඇයගේ නැගණිය ශනුද්‍රි සහභාගී වූ රූපවාහිනී වැඩසටහනකදී තහවුරු කර සිටියා.එහිදී ශනුද්‍රි පැවසුවේ තමා දැන් පුංචි කෙනෙකු බැවින් වෙනසකට මුල පුරමින් සතුටින් සිටින බවයි.එහිදී ඇය තවත් කියා සිටියේ සැප්තැම්බර් මාසය ඇයගේ උපන්දිනය යෙදී තිබීම ගැන තමා තවත් සතුටු වන බවයි.මොකද ශනුද්රි ගේ උපන්දිනයත් සැප්තැම්බර් මාසයේම යෙදී තිබීම නිසා. අපි ලගදීම දිනක්ෂි සාරංග යුවලට අලුතෙන් ආව අමුත්තිය ගැන ඇගේ චායාරුප ඔබට ගෙන එනවා වගේම අලුත් ජීවිතේට අපිත් ඔවුන්ට සුබපැතුම් එකතු කරනවා.

About the author

Prasad

Leave a Comment