මට හැදුනේ සමාජ රෝගයක් නෙවෙයි මම බය නැහැ රෝහලේ ඉන්න චතුරිකා කියපු දේ

Gossip

රට කලා තරු කිහිප දෙනකුමම මේ අලුත් වසංගතය ආසාදනයවී ඇති බවට විවිධ පුවත් මේ දිනවල සමාජ මාධ්‍ය කලඹනවා. කලාකරුවන් ලෙස විශේෂ ලේබල් ගසමින් ආසාදනය වු කලාකරුවන්ද සාමාන්‍ය මනුෂ්‍යයන් බව මතක් කරමින් මේ වන විට එම වසංගතයට ගොදුරුව රෝහල් ගතව සිටින කලා ශිල්පිනියක් වන චතුරිකා පීරීස් බොහෝ දෙනාට උත්තර දෙන්න වගේම සමාජ වගකීමක් වෙනුවෙන් පණිවුඩයක් ලබා දෙන්න තීරණය කර තිබුනා මේ ඇය එක්තරා පුවත් පතක් සමග කරපු සංවාදයක් ඇය මේක කරලා තිබෙන්නේ රෝහලේ සිටමයි ඇත්තටම චතුරිකා කරපු මේ දේ අගය කරන්නම ඕනේ හැමෝම හැන්ගේද්දී චතුරිකා කිසිම බයක් නැතුව සමාජෙට පණිවිඩයක් දෙන්න හිතපු එක ගැනනම් අගේ කරන්නම ඕනේ මේ චතුරිකා පුවත් පත සමග කරපු කතාව

ඉතින් කොහොමද චතුරිකා ජිවිතේ දැන් තත්වේ මොකද.මම මේ වෙද්දි වෛද්‍ය නිර්දේශ මත රෝහල්ගතව ඉන්නේ. මගේ පි සි ආර්. පරීක්ෂණය කළේ පසුගිය 24 වැනිදා. පහුවදා තමයි මටමේ වසංගතය ආසාදනය වී ඇති බව දැනගත්තේ. ගයානුත් පි සි ආර් එක කළා. එයාගේ පි සි ආර් වාර්තාව නෙගටිව්. දුවයි ගායානුයි දැන් ගෙදර. අපි ගැන වගේම මගේ නංගි පූර්ණිකා සහ පේෂලටත් මේ වසංගතය ආසාදනය වෙලා කියලා සමහර ගොසිප් වෙබ් අඩවි දාලා තිබ්බා. නමුත් ඒ දෙන්නා හොඳින්. අපි නිතර මුණගැහෙන්නේ නැති නිසා එයාලට පි සි ආර් පරීක්ෂණ කරන්න අවශ්‍ය වුණේ නැහැ.චතුරිකා පි සි ආර් පරීක්ෂණයට යොමු වුණේ ඔයාට සැකයක් ඇති වුණු නිසාද. මට කිසිම රෝග ලක්ෂණයක් තිබුණේ නැහැ. සැකේට තමයි පි සි ආර් පරීක්ෂණය කළේ. ප්‍රතිශක්තිකරණය දුර්වල අයටයි මේ රෝගය උඩු දුවන්නේ. දැන් වුණත් මම ශක්තිමත්ව ඉන්නවා. ගහලා බැණලා වුණත් අපි පොඩි කාලෙ අපේ අම්මලා අපිට දුන්නු දේශීය ඖෂධවල ශක්තිය වෙන්න ඇති තවම තියෙන්නේ. දැන් වුණත් රෝහලේ දී කොත්තමල්ලි බොන්න දෙනවා. උණු වතුර දෙනවා. ලූ‍ණු වතුරෙන් කට හෝදන්න දෙනවා. හුමාලය අල්ලනවා. විටමින් සී බොන්න දෙනවා.මම හොද ශක්තියෙන් හොදින් ඉන්නවා අපේ අම්මලාට තාත්තට පින්සිද්ද වෙන්න වෛද්‍ය වරුත් හැමදාම බලනවා හොයනවා අපි ගැන

එතකොට චතුරිකා ඔයා කොහොමද මේ ලෙඩේ ආසාදිතයෙක් වුණේ ඔයාට කොහොමද මේක හැදුනේ .මම එක්තරා නාළිකාවක නර්තන වැඩසටහනක පුහුණුවීම්වලට සහභාගි වුණා. මුලින් මේ ලෙඩේ ආසාදනය වුණා යැයි දැනගන්න ලැබුණු සහෝදර රංගන ශිල්පියා පුහුණුවීම්වලට ඇවිත් දින හයකට පස්සෙයි මම පුහුණුවීම්වලට ගියේ. ඊට දින දෙකකට පස්සෙ තමයි දැනගන්න ලැබුණේ ඔහුට මේ ලෙඩේ ආසාදනය වෙලා කියලා. මම පහුවදා තිබුණු රූගත කිරීම් පවා නැවැත්තුවා. අදාළ නර්තන වැඩසටහන කළ රූපවාහිනී ආයතනයට කතා කළාම ඔවුන් හරිම වගකීමෙන් කටයුතු කරලා පහුවදාම අපේ පි සි ආර් පරීක්ෂණ ලෑස්ති කළා. නර්තන කණ්ඩායමයි මමයි පි සි ආර් පරීක්ෂණය කළාම නර්තන කණ්ඩායම ඇතුළු දොළොස් දෙනකුටයි පොසිටිව් වුණේ. එදා කලාකරුවෙක් විදිහට පොසිටිව් වුණේ මම විතරයි. පොඩි පොඩි ගොසිප් සයිට්වල දාලා තිබුණු තොරතුරු භාගෙට භාගයක් බොරු. මම වැඩ කරපු නිෂ්පාදන කණ්ඩායමත් මේ වෙනකොට නිරෝධායනය වෙනවා.ඊට පස්සේ තමයි අපිව රෝහල් ගත කලේ ඇත්තටම චතුරිකා හැමෝම කියනවා වගේ කලාකරුවන් වැඩ කළේ වගකීම් රහිතවද ඔව්න් කිසිම දෙයක් ගණන් නොගෙනද වැඩ කලේ.එහෙම කිසිම දෙයක් නැහැ අපි හැමෝම සෞඛ්‍යාරක්ෂිතව වැඩ කළා. රූගත කිරීම්වලට ගියහම ගයාන් අයියයි මමයි වෙනම කාමරයක හිටියේ. අදාළ දර්ශන රූගත කරන වෙලාවට විතරයි එළියට ගියේ. ගිය මැයි මාසේ රට ඇරියට පස්සේ ඉඳන් මේ වෙනකල් අපි වැඩ කළා. කාටවත් ප්‍රශ්නයක් වුණේ නැහැ. අහම්බෙන් මේ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒක කලාකරුවන් කියලා අමුතුවට දකින එකයි ප්‍රශ්නේ.කළා කරුවන් කියන්නෙත් මිනිස්සුමයි කල කරුවන් කියලා කියන්නේ අහසින් වැටුණු අය නෙවෙයිනේ.චතුරිකා ඇත්ත ඇති සැටියෙන් සමාජයට කියන්න ඉදිරිපත් වීම ඇත්තටම අගේ කරන්නම ඕනේ දෙයක් අපිත් බොහොම අගේ කරනවා ඔබ කරපු දේ ගැන.මමත් ආසාදිතයෙක් බව දැනගත්තට පස්සේ බය වුණේ නැහැ. මාව එක්කන් එද්දි ගෙදර අය නම් දුකෙන් හිටියා. ඒත් මේ වෙලාවෙ හැමෝම ගැන හිතලා වැඩ කරන්න ඕනේ. මට දවස් 14ක් රෝහලේ ඉන්න වෙනවා. මම හිතන් ඉන්නේ ගෙදර ගියාට පස්සෙත් මේ වගේම දේශීය දේවල් එදිනෙදා ජීවිතයට එකතු කර ගන්න. මේ රෝගය බය වෙලා බේරෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. කරන්න තියෙන්නෙ තමනුත් පරෙස්සම් වෙලා අනෙක් අයවත් ප‍ෙරස්සම් කරගන්න එක.දොස්තරලා ගෙදරට වෙලා ඉන්න කියන්නේ වෙන දෙකට නෙවෙයි මෙන්න මේ දේ නිසානේ කොහොම හරි මට හදුනා මම කාටවත් මගෙන් මේ දේ බෝ වෙන්න දෙන්නේ නැහැ අනිත් අයටත් මම කියන්නේ පරිස්සම් වෙලා ගෙදරටම වෙලා ඉන්න කියලා.

එතකොට අපි මෙහෙම ඇහුවොත් පුංචි දෝණි අම්මා හොයන්නේ නැද්ද ගයාන්ට පුලුවන්ද දෝනිව බලාගන්න අම්මා නැතුව.දුවගෙන් ඈත් වෙලා ඉන්න හරිම අමාරුයි.මට හැමවෙලාවෙම මතක් වෙන්නේ මගේ පුංචි කෙල්ල එයාටත් එහෙමයි. ඒත් මං නිසා දරුවට කරදරයක් වෙන්න බැහැ. අපේ අම්මා, ගයාන් දුව එක්ක ඉන්නවා. දුවට අවුරුද්දකට පස්සේ මගේ කිරි වගේම ෆ්‍රෙෂ් මිල්ක් වලටත් හුරු කළා. දැන් එයා ටික ටික ඒ කිරිවලටත් හුරු වෙනවා කියලා ගෙදරින් කිව්වා. මම දවස් දහ හතරකට ෂූටින් ගියා කියල හිතන්න කියලයි මම ආවේ. රෝහලේ ඉන්න ගමන් නිතරම දුවට කතා කරනවා. එයාලා ළඟ නැති පාළුව ගොඩක් දැනෙනවා. හැබැයි ඒක මට විතරක් මුහුණ දෙන්න වුණ ප්‍රශ්නයක් නෙමෙයි. මේ රෝහලෙත් මං වගේ අම්මලා ගොඩක් ඉන්නවා.ඒ ගැන හිතලා මට හිත හදාගන්න පුළුවන් මගේ දුව දකිනකල් වදාගන්නකල් මට ඉවසිල්ලක් නැහැ දැන්නම්.මේ වසංගතයට ගොදුරු වූවන් පිළිබඳ ඇතැමුන් දක්වන ප්‍රතිචාරය ගැන ඔබ මොකද හිතන්නේ,ඔව්න් ඔබ ගැන ඔබට මොකද කියන්නේ මේ රෝගයේ මුල කවුරුවත් හරියට දන්නෙ නැහැ. මේ වෙලාවේ බය වෙලා ප්‍රතික්ෂේප කරනවට වඩා සෞඛ්‍යාරක්ෂිත වීමයි වැදගත්. තමන් පරෙස්සම් වුණොත් තමන්ට වගේම සමාජෙම පරෙස්සම් කරගන්න පුළුවන්. මිනිස්සු මේ ලෙඩේ ගැන කිව්වම පැනලා යන්න හදනවා. ඒත් කොහේටද අපි පැනලා යන්නේ. යන්න වෙලාව ආවොත් මේ ලෙඩේ නෙමෙයි වෙන දෙයක් හැදිලා වුණත් යන්න වෙනවා.ලෝක බලවතුන් සුපිරි නළු නිළියන් ඇමරිකාවේ ජනාධිපතිට පවා මේ රෝගය හැදිලා හොඳ වුණා නම් ඇයි අපි බය වෙන්නේ. සැකයක් තියෙනවා නම් හැං‍ෙඟන්නේ නැතිව ප්‍රතිකාර ගන්න. බය වෙලා පැනලා ගියාට ලෙඩේ සනීප වෙන්නේ නැහැ. ඒ වගේම මනුස්සයෙක්ට වසංගතය හැදුනට පස්සේ ඔවුන් දිහා වැරැදි ඇහෙන් බලලා පීඩාවට පත් කරන්නත් හොඳ නැහැ.මොකද මේක සමාජ රෝගයක් නෙවෙයි හංගන්න ඕනේ ලෙඩක් නෙවෙයි මම බය නැහැ මොකද මම මේක බලෙන් හදාගත්තෙත් නැහැ මේක සමාජ රෝගයක් නෙවෙයිනේ හැමෝටම මම කියන්නේ බයවෙන්න එපා කියලා

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *