හැමෝම ආදෙර් කරන රනිල් මල්ලවආරච්චි බිරිඳ දරුවන් සමග ඕස්ට්‍රේලියාවේ ගෙවන ජිවිතයේ ජායාරූප 25ක්

Life Story

අපේ රටේ මීට වසර ගණනාවකට පෙර ගුවන් විදුලි ගී යුගයක් තිබුණා ඔබට මතක ඇති. ඉතින් ඒ කාලේ බොහෝදෙනෙක් ගුවන්විදුලි ගී වලින් තමයි පෝෂණය උනේ. ඒ කාලේ හැමෝටම රසවිදින්නට ලැබුණේ ගුවන්විදුලි ගීත පමණයි. ඉතින් ඒ ගුවන්විදුලි ගීත ගායනා කරපු ගායක ගායිකාවන් ඒ ගායනය අතිශය විශිෂ්ට ආකාරයෙන් ඉදිරිපත් කළා.කිසිම රුප රචනා නැතත් ඒ හැම ගීතයක්ම මිනිසුන් අතරට ගියා හැමෝම ආදරෙන් වැලදගත්තා. ඉතින් ඒ අතර කවුරුත් ඒ කාලේ ආදරය කරපු ගෞරව කරපු ගීත කෝකිලයා විදිහට හදුන්වපු කෙනෙක් තමයි මිල්ටන් මල්ලවආරච්චි කියලා කියන්නේ.ඉතින් අද මිල්ටන් මල්ලවආරච්චි මහතා අප අතර නැති උනත් මේ අසහාය ගායකයාගේ හඩ නමැති ජානය ගෙනයන ඔහුගේ පුතනුවන් දෙදෙනා රනිල් මල්ලවආරච්චි වගේම පවන් මල්ලවආරච්චි අද වනවිට අපේ රටේ ඉතාමත්ම ජනප්‍රිය කාගේත් ආදරය ගෞරවය දිනා ගත්ත ඉතාමත් නිහතමානී දෙපලක් කිවුවොත් හරියටම හරි.

ඉතින් රනිල් මල්ලවආරච්චි කියන්නේ දැන්නම් වැඩිය ලංකාවේ ඉන්න කෙනෙක් නෙමෙයි. ඔහු ඕස්ට්‍රේලියාවේ තමයි දැන් පදිංචි වෙලා ඉන්නේ. ඉතින් රනිල් මල්ලවආරච්චි කියලා කියන්නේ ඔහුගේම ගීතවලින් ගීත ක්ෂේත්‍රයට ආපු කෙනෙක්. ඉතින් ඒ අතර මල් මාවතේ, රෑ තාරකාවෝ, වැනි ගීත ජනතාව අතර බොහෝ සේ ජනප්‍රිය වුණා. ඉතින් ඒ වගේ මීට ටික කලකට පෙර ඔහු විසින් ගායනා කල මගේ මල ගීතයත් බොහෝ සේ රසික හදවත් දිනා ගැනීමට හැකිවූ ගීතයක්. ඉතින් අපි කවුරුත් ආදරය කරන මිල්ටන් මල්ලවආරච්චි මහත්මයාගේ එදා රෑ ගීතය එලෙසම විශ්ෂ්ට අයුරුන් ගායනා කිරීමෙන්ද රනිල් මල්ලවආරච්චි මහත්මයා පසුගිය කාලයේ බොහෝ ජනප්‍රිය තාවයට පත් වුණා. ඉතින් ආගම වෙනුවට මනුදම් යෝජනා කරන පිය පුතු සම්බන්ධය පිලිබඳව ඉතාම විස්වාසෙකින් කටයුතු කරන ආදරණීය නිහතමානී චරිතයක් තමයි රනිල් මල්ලවආරච්චි කියලා කියන්නේ. ඉතින් මේ සුන්දර කලා පවුලකින් පැවත එන නිහතමානී ගායන ශිල්පියාගේ සොදුරු කැදැල්ලේ ඡායාරූප පෙළක් අපි අද ඔබ වෙත ගෙන එන්න හිතුවා .

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *