ලෝකප්‍රසිද්ද Lord Of The Rings චිත්‍රපටයට ගිය ලංකාවේ නිළිය මෙන්න

article

ලෝක ප්‍රකට ලෝඩ් ඔෆ් ද රින්ග්ස් චිත්‍රපටය පදනම් කරගෙන ඇමේසන් ඔරිජිනල් කතා මාලාවේ අලුත්ම චිත්‍රපටයේ රංගනයට ශ්‍රී ලංකාවේ උපන් නිළි තුසිතා ජයසුන්දර ඇතුළත් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.ඇමේසන් ස්ටූඩියෝස් විසින් මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද පරිදි තුසිතා ජයසුන්දර අලුතෙන් එක්කල නළු නිළියන්  විසි දෙනාගෙන් එක් අයෙක් බවයි සඳහන් වන්නේ.මාධ්‍ය වාර්තාවලට අනුව අලුතින් හෙළිදරව් කරන ලද නළු නිලි සාමාජිකයින් මීට පෙර නිවේදනය කරන ලද ගෝලීය නළු නිළියන් හා කාර්ය මණ්ඩලයට එක්වනු ඇති බවත් පැවසෙනවා.තුසිතා ජයසුන්දර එක්සත් රාජධානියේ වෙසෙන ශ්‍රී ලාංකික නිළියක් වන අතර 1971 දී ශ්‍රී ලංකාවේ උපත ලැබූ ඇය 1993 දී රාජකීය නාට්‍ය ඇකඩමියෙන් උපාධියක්ද ලබා තිබෙනවා.මෙම නිළිය The Foreigner 2017. Doctor Foster. A Woman Scorned 2015 සහ The Bill 1984 චිත්‍රපට සඳහාද රංගනයෙන් දායක වී තිබෙන බවයි අපිට දැනගන්නට ලැබුනේ කෙසේ නමුත් මෙම චිත්‍රපටය ලෝකප්‍රසිද්ද චිත්‍රපටයක් අපිටත් ඇගේ හැකියාව බලාගන්න මේක හොද අවස්තාවක් වෙනවා ඇයටත් ඇයගේ හැකියාව ලෝකෙටම පෙන්නන්න මේක ඉතාම විශාල පිටුවහලන් වෙනවා කියල නම් කියන්න පුළුවන් අපිත් ඇයට සබපතමු ඇගේ හැකියාව උපරිමයෙන් කරන්න ලැබේවා කියා

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *