බදින්න කලින් කෙල්ලත් එක්ක තනියම රැයක් ගතකලොත් ඔබට ලැබෙන දේ මෙන්න

article

ඔන්න අද අපි ඔබට කියන්න හදන්නේ වෙනස්ම විදියේ කතාවක් ලංකාවේ නම් මේ වැඩේ කරන්නේ නැහැ එත් කරලා බැලුවොත් ඔබට වෙන දේවල් ටිකක් ගැන තම මේ කියන්න හදන්නේ.කසාද ගැන කතා කරද්දි සමහරු කියනව බනිසක් කන්න ආසාවට බේකරියක් දාගන්න එපා කියල. ඒත් කසාදයක් කියන්නෙ කාමුකත්වය විතරක්ම නෙමෙයි. මේ අන්න ඒ කියන බැඳීමට යන්න කලින් අනිවාරෙන් කරන්න ඕන දෙයක් ගැන කතාවක්. සාමාන්‍යයෙන් අපේ සමාජයේ ඈයො ප්‍රසිද්ධියෙ කියන්නෙ නං කසාද බඳින්න කලින් දෙන්නා එක්ව රැයක් ගත කරන එක පාපයක් හැටියටනෙ. ඒත් මේ අපි කරපු සමීක්ෂණයට අනුව ඒක එහෙම නොකෙරුවොත් පසු කාලයක පාපයක් වෙන්න ඉඩ තියෙනවා. අන්න ඒ නිසායි කසාදයකට යන්න කලින් දෙන්නා එක්ක එක වහලක් යට තනිව රැයක් ගත කිරීමේ වාසි කිහිපයක් අපි සටහන් කරන්න හිතුවේ කියවලාම බලන්නකෝ එහෙනම් රැයක් ගතකරනවාද නැද්ද කියන එක තියෙන්නේ නම් ඔබේ අතේ තමයි.හැබැයි මෙන්න මේකත් කියන්න ඕනේ හාස්‍ය රසය නොහඳුනන පුද්ගලයන්ට මේ ලිපිය ඒ තරම්ම සෙට් වෙන්නේ නම් නැති වෙයි

පළවෙනිම එක තමා ගෙරවිලි.කසාද බැන්දත් නැතත් රස්සා කරත් නැතත් ළමයි හැදුවත් නැතත් කොයි කවුරුත් නිදහසේ නිදාගන්න කැමති මමත් හිතනවා ඔබත් එහෙමයි කියලා ඒක තමයි වරු ගානක් නැහිලා තෙහෙට්ටු වෙන ඇඟපතට අපි දෙන එකම නිදහස සුපිරි නින්දක් දාන එක මහා රෑ තිස්සේ ඇහැරගෙන නින්දත් නැතුව දුක් විදින්න අපි කැමති නැනේ ඉතිං කසාද බැඳපු කෙනෙකුට ඔය ඩීප් ස්ලීප් එක ලබාගන්න තියෙන ලොකුම බාධකය වෙන්නෙ ඇඳේ එහා පැත්තෙ නිදියගෙන ඉන්න කෙනාගෙ ගෙරවිල්ල තමයි. අන්න ඒ නිසා එයා ගොරවනසුළු කෙනෙක්ද කියලා දැනගන්න දෙන්නා රැයක් එක්ව ගත කිරීම ලොකු වාසියක් වෙනවා බදාගෙන නිදාගත්තත් මොනවා කරත් වැඩක් නැහැ දෙන්නගෙන් එක්කෙනෙක් ගොරවන්න පටන් ගත්තාම එක නිසා මේ ගැන හිතන්නම වෙනවා නේද 

ඒ වගේම තමයි රෑ තිස්සේ දොඩවන එක එකත් නින්දට ලොකුම බාදාවක් නේද.දැන් ඔය ලව් කරන කාලේ සමහරු කොල්ලෝ කෙල්ලෝ බොරු කියනවනේ මගේ ජීවිතේම ඔයා විතරයි මට කෙල්ල්ක්ට හිටියෙත් ඔයා විතරමයි අන්න ඒවාගේ දේවල් ඔන්න ඔය දේවල් බොරු වෙන්නේ මෙන්න මෙතැනදී අන්න ඒ නිසාම දෙන්නා එකට රැයක් ගතකලොත් මෙන්න මේකත් හදාගන්න පුළුවන් නේද කියන එකත් කියන්න පුළුවන් දෙන්නාටම දෙන්න ගහපු ගේම් ටික අල්ලගන්න පුළුවන් මෙන්න මේ කතාවෙන් අනික මහන්සිවෙලා ගෙදර ඇවිත් කෙල්ලත් ආසයි නිදාගන්න කොල්ලත් ආසයි නිදාගන්න මෙහෙම උනාම එකටත් ලොකු බාදාවක් වෙනවා නේද විවාහා වෙලා ඉන්න ඔබටත් දැන් මේ ප්‍රශ්නේ ඇති ගොරවන එක නින්දෙන් කියවන එක නින්දෙන් ඇවිදින එක වගේ හීනෙන් බයවෙන එක වගේ ගොඩක් දේවල් වලට ඔබ මේ මොහොතේ මුණ දෙනවා ඇති අන්න ඒවා හදාගන්න මේක හොද වෙලාවක් වෙයි කියලා හිතනවා.

මේක තමා හොදම එක රෑ තිස්සේ පඩ ඇරීම.මේකත් අපි කලින් කියපු විදියටම නින්දට බාධා වෙන වැඩක් තමයි. සමහරවිට මුළු රැයම නින්ද යවන්නෙ නැතුව ඇහැරවලා තියන්නත් මේ වගේ දේකට පුළුවන්. ඔබේ සහකරු හෝ සහකාරිය නින්දෙන් අධෝවාත දැඩි ලෙස පිට කරන කෙනෙක් නම් ඔබේ අවට පරිසරයේ ශබ්දය වගේම අදික ගද නිසා ඔබට ලොවම එපාවී, ලොවම කළකිරී තැවී තැවී ඉන්න සිද්ධ වෙන්න හොඳාකාරවම ඉඩ තියෙනවා. ඉතිං ඔය වගේ අවුල් දැනගෙන තමුන්ට ගැලපෙනම සහකරු හෝ සහකාරිය හොයාගන්න ඉඩක් ලැබෙන රැයක් එක්ව ගත කිරීම ඔබ මගහරින්නේ ඇයි.නැත්තන් හුස්නගන්න බැරුව ලෙඩක් හැදෙනවා මෙහෙම ගියොත් අනික හෙන සද්දෙට එක දිගට පඩ අරිනවා කියන්නේ අම්මෝ ආයේ කියන්න දෙයක් නැනේ ඉන්න බැරි කරන්න තමා ඉතින් එකෙන් කරන්නේ සමහර වෙලාවට අල්ලපු කාමරේ අයත් නැගිටලා එන්න ඉඩ තිබෙනවා ඒවාගේ සද්දෙට.

හතර වෙනි එක තමා තංගබලී මේක තමා ආතල්ම එක දෙන්නගේ වලි.මතකනෙ චෙන්නායි එක්ස්ප්‍රස් චිත්‍රපටිය. කොල්ලා කෙල්ලත් එක්ක නිදියගන්න පළවෙනි රාත්‍රියෙ කෙල්ලගෙන් පයින් පාරක් කන්න වෙනවා. ඒ විදියෙ අනුවේදනීය කතා ලෝකෙ තවත් තියෙනව. උසාවියක කියලා ඩිවෝස් කරන්නත් අමාරු හේතුවක් තමයි රෑට නින්දෙන් පයින් ගහනව ස්වාමීනී හැමදාම මෙහෙම ගුටි කන්න බෑ ස්වාමීනී කියන එක. මෙන්න මේ කතා සියල්ල දැනගන්න ලේසි වෙන්න තමයි අපි කියන්නෙ මහ රෑට දෙන්නා එක්ව විසීමේ වාසි තියෙනවය කියලා.කෙල්ල පයින් ගැහුවොත් කොල්ලට මලපනිනවා කොල්ල කෙල්ලට ගැහුවොත් කෙල්ලට මලපනිනවා එතකොට මොකද වෙන්නේ බඩුම තමයි කොට්ට මෙට්ට උස්සන් එන්නේ එතකොට නිදාගන්නේ කොහෙද ආයේ වලි බෙරනවද නැත්තන් ගුටි කනවද එහෙමත් නැත්තන් නිදාගන්නවද පයින් පාරක් ගිය දුරක් දෙන්නම එළිවෙනකල් ඇහැරලා එක නිසා මෙගනත් හිතන්න පුළුවන් ඔබට

මෙන්න තවත් එකක් මේ හිටියා මේ නෑ හොරෙන්ම මාරු වෙලා. විවාහයට පෙරාතුව තීරණයක් ගන්න පුළුවන් තවත් සාධකයක් තමයි මේ. ඒක තමයි කෙටියෙන් මේ කියන්න හදන්නේ.මේ හිටියා මේ නෑ කියල කියන්නෙ. උදාහරණයකට කිවුවොත් නින්දෙන් ඇවිදීම. ඔන්න යකෝ මහ රෑ දෙ​ගොඩහරිය වෙනකං කතා කර කර ඉඳලා නින්දට ගිය මනුස්සයා උදේ ඇහැරෙද්දි ගෙදර නැත්තං, ගෙදර දොරවලුත් ඇරලා දාලා නං වයිෆ්ට හිතෙන්නෙ මොනවද කියනවකො.කොටුවක් තම එකෙන්ම හිතෙන්නේ ඒ මදිවට මනුස්සයා පහුවදා උදේ එහා ගෙදර සාලෙ නිදියගෙන කියලා ආරංචි වුනාම එක්කෝ වෙන ගෙදරක වත්තේ එක්කෝ මිදුලේ හිතට එන කේන්තිය ගැන හිතන්නකො. මෙන්න මේ අවුල් තැවුල් විසඳගන්න පුළුවන් පොයින්ට් එකක් තමයි මේ. ඒ වගේම සමහරු හොරෙන් ගමන් ගිහින් මං නින්දෙන් ඇවිදිනවා ඒයි වගේ කිවුවොත්, විවාහයට කලින් දෙන්නා එක්ක එක වහලක් යට ඉඳලා තියෙන අයට එහෙම බොරු කටින්ම අල්ලගන්නත් පුළුවන්.කොටු පැනලත් ඉවරයි මාරු වෙන්න කලින්ම අල්ලගන්න පුළුවන් නේද ඒ ගැනත් මේක බලලම හිතන්නකෝ එහෙනම්.

මෙන්න තවත් එකක් මේකනම් පුදුම වදයක්.විවාහයට පෙරාතුව එක වහලක් යට හොරාට හොරාටවත් රැය පහන් කරලා තියෙනවානම් මෙහෙමෙ ඈයොන්ව ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. මේ අය නින්දට ලොකු බාධාවක්. ඒ තමයි මෙයාලට නින්ද යන්නෙ නැති එක. මෙයාලට ඕන අපිව රෑ තිස්සට කතාවට අල්ලගන්න. එහෙමත් නැත්තං එයාලා ෆෝන් එකේ එබිලා ඉන්නකොට අපිට එලිය එනවා. ඒ නැතත් එයාලා නිදියන්නෙ නැතුව පෙරලි පෙරලි ඉද්දි අපේ නින්දට ඒක බාධාවක්නෙ. අන්න ඒ නිසාම නින්දට පෙරාතුව දෙන්න එක වහලක් යට ඉඳලා තිබුනානං මේ අර්බුදයට විසඳුමක් හොයාගන්න තිබුනා.මෙහෙම උනාම නිදාගන්න කෙනාටත් නින්දයන්නේ නැහැ අනිත් එකා කෙලින පිස්සු වලට මේගැන අද්දැකීම් ඇති දැනටමත් ගොඩාක් අයට නින්ද කියන්නේ ජීවිතේට අවශ්‍යම දෙයක්නේ මතක් වෙද්දීත් නින්ද යනවා නේද අම්මෝ එහෙම උනාම දෙන්න හිතෙනවා නේද පෝරියල් එකක් නින්ද පැත්තක තියල.මතක් වෙද්දීත් මලපනිනවා නේද එහෙනම් මේක ගැනත් බලන්න අමතක කරන්න එපා

අන්තිම එක තමා සුපිරිම එක මේකට කියන්නේ කුකුල්ලු වගේ පාන්දර නැගිටිනවා කියලා.මෙහෙම ඈයොත් අනාගතේ කසාදයක් බැන්දම පුදුම වදයක් වෙනවා නියතයි. ඇයි යකෝ පාන්දර හතරාමාර වෙද්දි පුරුද්දට වගේ ඇහැරෙන අය කියන්නෙ නං ​ලෝක වාතයක්. එයාලා ඊටපස්සෙ යූටියුබ් වීඩියෝ බලද්දි මහ සද්දෙ. දොරවල් ඇරගෙන එලියට යද්දිත් ඒවා හෙමිහිට නෙමෙයිනෙ කරන්නෙ. ඊටත් හපං මේ අය අපිව ඇහැරවලා තේකක් එහෙම හදාගන්න ඇහුවොත් අන්න ඒ නිසා කුකුලෙක් කිකිළියෙක් නෙමෙයිද කියන එකත් බලාගන්න එක්ව රැය පහන් කරන එක වාසියක් වේවි.නැත්තන් පාන්දර තේ හදන්න කන්න උයන්න එයා නැගිට්ටම ඔයාට නැගිටින්නත් වෙන්න අම්මෝ පාන්දර කියන්නේ හොදටම නින්ද යන වෙලාව බඩුම තමා මේ වෙලාවේ නැගිටින්න උනොත් සදාකල් නිදියන්නම තලන්න හිතෙනවා නේද මෙහෙම උනොත් දැන් ඔබට තේරෙනවා ඇති මෙන්න මේවා නිදාගන්න ලොකු බාදාවක් වෙනවා කියලා එහෙම කියලා කෙල්ලවත් කොල්ලවත් එලවන එක නෙවෙයි කරන්න ඕනේ ඒවාට විසදුමක් හදාගන්න එක තමා වෙන්න ඕනේ එහෙනම් අපි නවතින්නම් කියවලා බලලාම තීරණය කරන්නකෝ කෙල්ලෙක් කොල්ලෙක් එක්ක නිදාගන්න වෙන්නේ මෙන්න මේවත් එක්කම නේද කියලා

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *