තුන්වෙනි වරටත් මවක්වුණු කැනඩාවේ ජීවත්වෙන සුරූපී නිලි මලී සමාධිගේ සුන්දර කැදැල්ලේ චයාරුප 20ක්

Life Story

මලී ටෙලිනාට්‍යයේ මලීගේ චරිතය නිසා බොහෝ ප්‍රේක්ෂක පිරිසක් මලීට ලෙන්ගතු වුණා. ඉතින් අද කියන්න හදන්නේ මලී සමාධි අරුනචායා ගැනයි.නිර්මාණ වලින්නම් මේ දවස් වල දකින්න නොලැබෙන ඇය දැන් ජීවත් වෙන්නේ කැනඩාවේ. ඉතින් මේ රංගන ශිල්පිනිය තුන්වෙනි වතාවටත් උතුම් මව් පදවිය ලැබුවා කියන ඒ ආදරණීය පුවතත් ඔබට කියන්න හිතුවා ඉතින් ඒ පුංචි දියණියකට මවක් වෙමින්. ඉතින් ඒ වගේම ඇයගේ අලුත්ම තොරතුරු ඇය අපිට කිවුවේ මෙන්න මෙහෙමයි.

අපි දැන් කැනඩාවට ඇවිත් දැන් අවුරුදු එක හමාරකට වැඩියි. කාර්යබහුල උනත් ජීවිතේ සුන්දරව විදිනවා. ඉතින් ඒ වගේම මම අයෙත් අම්මා කෙනෙක් උනා. අපේ ලොකු දුව ඉපදුන පෙබරවාරි මාසෙම තමයි අපේ තුන් වෙනි බබත් ඉපදුනේ. ඉතින් අපි හතර දෙනාම එයා එනකන් තමයි බලන් හිටියේ. දැන් බොහෝ අය පුංචි පවුල රත්තරං කියලා එක දරුවෙක් පවුලකට සීමා කර ගන්නවා. නමුත් සැමියයි මමයි කොහොමත් දරුවන්ට ආසයි. දරුවෝ කොච්චර හිටියත් කමක් නෑ කියලයි මටනම් දැනෙන්නේ. වැඩ කරගන්න අපහසුයි තමයි හැබැයි බබාලා ගොඩක් ඉද්දී පවුල පිරිලා වගේ. ඒකට මන් හරිම ආසයි කියලයි ඇයනම් කියන්නේ. ඉතින් මේ අලුත්වුන ආදරණීය කැදැල්ලේ සුන්දර ඡායාරූප පෙළක් අපි අද ඔබ වෙත ගෙනඑන්න හිතුවා හැමෝම ආදරෙන් වැළදගත්ත මේ සුන්දර කළා කාරිනිය මලී නොහොත් සමාධිගේ චයාරුප පෙළක් තමා මේ.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *