අපේ කලා ක්ෂේත්රයේ ඉන්න දක්ෂ හුරුබුහුටි කටකාර දඟකාර රංගන ශිල්පිනියක් තමයි ලෝචනා ඉමාෂි කියලා කියන්නේ. ඉතින් නිරන්තරයෙන්ම විදෙස්ගතව වගේම ලංකාවට ඇවිල්ලත් දිවි ගෙවන මේ සුරූපී දක්ෂ රංගන ශිල්පිනිය දක්ෂ නර්තන ශිල්පිනියක් රුපලාවන්‍ය ශිල්පිනියක් වගේම නිවේදන ශිල්පිනියක් යන හැම භූමිකාවකටම පන පොවනවා. ඉතින් මේ ආදරණීය රංගන ශිල්පිනිය කාලෙකට පස්සේ ඇයගේ අලුත්ම විස්තර ගැන කියන්නේ මෙන්න මේ වගේ කතාවක්. මම ලඟදි අලුත් වැඩක් බාර ගත්තා. ඒ වැඩෙත් එක්ක මන් දැන් ටිකක් කාර්යබහුල වෙලා ඉන්නේ. මට රංගනයටත් ආරාධනා කිහිපයක්ම ලැබුණා. ඉතින් ඒ නිර්මාණ වලට දායක වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.
හැබැයි මගේ අලුත් වැඩේනම් වෙනස් එකක්. මම ඉස්සර ඉදන් කැමතියි නිවේදනයට. මම රට යන්න කලිනුත් ගිහින් ආවට පස්සෙත් මම නිවේදන කටයුතු කළා. ඉතින් පහුගිය දවස් වල නැවත අලුත් වැඩසටහනකට ආරාධනා ලැබුන නිසා මම බොහොම අසාවෙන් බාර ගත්තා. මගේ දුර ගමන් වලටනම් වැඩි කැමැත්තක් නැහැ. ළඟ පාතට ගිහින් එන්න තියෙනවානම් ඇති. හැබැයි ඉතින් මේක ජොබ් එකක්නේ. කැමති උනත් අකමැති උනත් සංචාරයට තෝරා ගන්නේ ඈත ප්රදේශයක්නම් යන්නම වෙනවා. ඉතින් ඒ වගේම අපි පෞද්ගලිකව සංචාරය කලාම විදින්න තියන නිදහස මෙතෙන්දී සීමිතයි. මොකද ඒක වගකීමෙන් කලයුතු වැඩසටහනක් නිසා. විදීම කෙසේ වෙතත් වැඩේ උපරිම කැපවීමෙන් කරන්නයි මට අවශ්‍ය. මන් යන හැමතැනම අම්මවත් එක්කන් යනවා.කියලා තමයි ලෝචනා නම් කියන්නේ ඉතින් ඔබ අප ආදරේ කරන මේ කළා කාරිනියගේ චයාරුප පෙළක් තමයි ගෙන එන්නේ,
1 2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30