ජයසේකර අපොන්සු මහතා 27 හැවිරිදි බිරිඳත් සමග ගෙවන ජීවිතය චයාරුප 25 මෙන්න

Gossip

එදා එයා තනිවෙලා හිටපු විදිහට මට දුක හිතුණා එකයි මම එයාව විවහා කරගන්න තීරණය කලේ ජයසේකර අපොන්සු කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක්. පසුගිය කාලයේ ඔහු ව්‍යාපාරයකුත් ආරම්භ කළා. විවාහ කිහිපයකින්ම වෙන් වූ ජයසේකරගේ හිත ගන්න අවුරුදු 25 ක යුවතියක් සමත් වෙලා තිබුනා ඔවුන් දැන් විවාහකයි. යලි විවාහ වූ ජයසේකර ඒ ගැන අපට කියන්නේ මෙහෙමයි.අපොන්සු මහතා මාස ගාණක් තිස්සේ ජයටම කරගෙන ගිය ව්‍යාපාරයට තිත තැබුවා කියලා ආරංචියි. ඇත්තද ඒ කතාව අනේ ඔව්.ආයේ නම් මම කරවල බිස්නස් කරන්නේ නැහැ. මට හරියන්නේ කලාව විතරයි. ඒ නිසා මම හිතාගත්තා ඉතුරු ජීවිත කාලයක් කලාවටම කැප කරන්න.ඇයි ඔබ ඒ විදියේ තීරණයක් ගත්තේ.හේතු කාරණා කිහිපයක්ම ඒකට බලපෑවා. මගෙන් කරවල මිලදී ගත්තු සමහර මුදලාලිලා ඒ වෙනුවෙන් මුදල් ගෙවද්දී හොර බොරු කරපු අවස්ථා තිබුණා. මොකද මම වෙළෙඳාම ගැන දැන ගෙන ‍නෙවෙයිනේ මේ වැඩේට බැස්සේ. අනික සමහර කඩවල්වලට කරවල අරගෙන ගියාම මුදලාලිලා අහන්න ගත්තා ඇයි මම මේ වගේ තත්ත්වයකට වැටුණේ කියලා. හුඟක් දෙනා හිතාගෙන හිටියේ ජයසේකර අ‍පොන්සු බංකොලොත් වෙච්ච නිසා කරවල වෙළෙඳාමට බැස්සා කියලයි. මේ දේවල් එක්ක මම හිතුවා දන්නා කලාවම ඉදිරියට කරගෙන ඉන්නවා කියලා.

කරවල වෙළෙඳාම අත්හැර දැමුවාට ඔබ දැන් ජීවිතයේ අලුත් ගමනක් පටන් ගෙනයි තියෙන්නේ. එහෙම නේද කොහොමද ඒ ජිවිතේ.ඇත්ත. දැන් මගේ ජීවිතය වෙනදාට වඩා වෙනස් වෙලයි තියෙන්නේ. මොකද මගේ දුක සැප ඛෙදා ගන්න සහකාරියක් දැන් මට ඉන්නවා. එයාගේ නම සුජාතා ප්‍රියදර්ශනී.ජයසේකර අ‍පොන්සු එහෙම කියනකොට අපි සුජාතා දෙසට හැරුණේ ඒ ගැන වැඩි දුර තොරතුරු ඇගෙන්ම දැනගන්න හිතාගෙනයි සුජාතා අපිට කිව්වේ මෙහෙම කතාවක්. මම අ‍පොන්සු අයියාගේ හොඳම රසිකාවියක්. අපි දැන හඳුනාගෙන දැන් අවුරුදු 5ක් විතර වෙනවා. හොරු නාට්‍යය අනුරාධපුරේ වේදිකාගත කරපු කා‍ලේ තමයි අපි කතාබහ කරලා මිත්‍රත්වයක් ඇති කරගත්තේ.එතකොට ඔබ දෙපලගේ ඒ බැඳීම තවත් ශක්තිමත් වුණේ කොහොමද.දවසක් මම කොළඹ ආපු වෙලාවක මට අ‍පොන්සු අයියව බලන්න ඕනෑ වුණා. ඒ කා‍ලේ එයා කලා කාරිනියක් වන පුෂ්පා ජෙනට්ගේ ගෙදර පුංචි කාමරයකයි නැවතිලා හිටියේ. ඒක හොඳටම මකුණු දැල් බැඳුණු බොහොම අපිළිවෙළට තිබුණු කාමරයක්. මට පුදුමත් හිතුණා මේ වගේ වටිනා කලාකරුවෙක් මේ විදිහට ඉන්නේ ඇයි කියලා. එහෙම ගියාට පස්සේ මම මුලින්ම කළේ මකුණු දැල් කඩලා කාමරේ සුද්ධ පවිත්‍ර කරන එකයි. ඊට පස්සේ තමයි අපි අපේ ජීවිතවල අලුත් ගමනක් පටන් ගන්න හිතා ගත්තේ.එදා තමයි මම හිතුවේ අපොන්සු අයියට ජිවිතේ හයියක් වෙන්න ඕනේ කියලා ඉතින් ඊට පස්සේ අපි අතරේ බැදීමක් ඇතිවුනා දැන් අපි විවහා වෙලත් අවුරුදු 2 වැඩි වෙනවා අපි දැන් සතුටින් ජිවත් වෙනවා මම මගේ ජිවිත කාලෙම අපොන්සු අයියාව බලාගන්නවා මම ගොඩාක් ආදරෙයි අයියාට එයත් එහෙමයි ආදරේට වයස කියන්නේ අකුරු ටිකක් විතරයි අපිට දැන් ප්‍රශ්න නැහැ අපි හොදින් ඉන්නවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *