තවමත් තනිකඩ සුරූපී නිළි ශලනි තාරකා ගේ චයාරුප 30ක් මෙන්න

Life Story

වසර විසිපහක් ලාංකීය ටෙලිනාට්‍ය ඉතිහාසයේ නොබිදී පැවතෙන වාර්තාවක් 2020 රයිගම් ටෙලි සම්මාන උළලේදී සම කරන්නට අපේ රටේ ටෙලි තාරකාවකට හැකි වුණා. 1996 වසරේ සුමති ටෙලි සම්මාන උළලේදී වසරේ ජනප්‍රියම නිලියට හිමි සම්මානය සහ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නිලියට හිමිවන සම්මානය එකම වේදිකාවකදී හිමිකරගනිමින් රංගනවේදී චාන්දනී සෙනෙවිරත්න විසින් තැබූ වාර්තාව වසර විසිතුනක ඇවෑමෙන් සිය දෝතට ගන්නා නිලි තරුව වන්නේ ශලනි තාරකා නම් සුවිශේෂී රංගන ශිල්පිනියයි. 2020 වසරේ විශිෂ්ටත්වය පමණක් නොව ජනතා ආදරයද ලැබූ කුමරිය ලෙස රයිගම් ටෙලි සම්මාන උළලේදී කිරුළු දැරූ ශලනි තාරකා එකී සුවිශේෂී ජයග්‍රහණයත් අතැතිව අපිත් එක්ක කතා බහට එකතු වුණා. මගේ අරමුණ හොඳම නිළිය වීම කියලා මම පැවසුවා තමයි. අද මම ඒ අරමුණ ජය අරන්. මම ඉතා පුංචි කාලේ පුදුම විදිහට හින්දි චිත්‍රපට බලන්න ඇබ්බැහි වෙලා හිටපු ළමයෙක්.

අකුරු ලියන්න හුරුවෙන දෙකේ තුනේ පන්තියේදී මන් මගේ බලාපොරොත්තුව නිලියක් වීම කියලා ලියලා, රතු දිග ගව්මක් ඇදගෙන ඉන්න ගෑනු ළමයෙක්ගේ චිත්‍රයක් ඇඳලා ටීචර්ට පෙන්නලා තියනවා. මෑතක් වන තුරු ඔය පොත අපේ ගෙදර තිබුණා. අපේ පන්ති බාර ටීචර් මේ ගැන අපේ අම්මටත් කියලා තිබුණා. පන්තියේ ළමයි අනාගතේ දොස්තරලා, ඉංජිනේරු වගේ රස්සාවල් කරනවා කියද්දී මේ ළමය විතරක් නිලියක් වෙනවා කියලා කියනවා කියලා. එහෙම ලියුවාට පහ වසරට විතර යද්දී හින්දි චිත්‍රපටවලට තියන ආසාව මගෙන් මඟ හැරිලා ගියා. හය, හත පන්ති වලදී මම හරිම ලැජ්ජාශිලී. තමන්ගේ පාඩුවේ වැඩක් කරගෙන ඉන්න ළමයෙක්. අපේ පවුලේත් කවුරුවත් කලාවට සම්බන්ද නැහැ.මගේ රංගන පාසැල මේ ක්ෂේත්‍රයමයි. මන් මෙතනට එන්න අවුරුදු 12ක් තිස්සේ ලොකු කට්ටක් කෑවා. එපා කියලා මට බෑ කියලා හැරුන තැන් තිබුණා. සමහර නිර්මාණ එක්ක කන කට්ටත් එක්ක ඒවා ඇගයීමට ලක් නොවෙද්දී, සමහර නිෂ්පාදක වරුන්ගෙන් මුදල් ගන්න අමාරු වෙද්දී කලකිරීම් ඇති වෙලා තියනවා. ප්‍රශ්න මැදින් තමයි මේ ගමන ආවේ. මම කාලයක් තිස්සේ තෝරාගෙන තමයි නිර්මාණ වලට දායක වුනේ. මන් උත්සහ කරනවා ඉදිරියේදීත් වසරකට මිනිසුන් අතරට කතා බහට ලක්වන එක චරිතයක් කරන්න කියලයි ශලනි නම් කියන්නේ.

1 2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *