මේ දිනවල කා අතරත් කතාබහට ලක් වුණ චරිතයක් තමයි මේධා ජයරත්න කියලා කියන්නේ. තමාට ආවේණික වූ රංගන කෞෂල්‍යකින් එදා මෙදා තුර රසිකයන්ගේ ආදරය නොඅඩුව දිනාගත් ඇය ඉස්සරටත් වඩා දැන් එන්න එන්නම ලස්සන වෙනවා කිව්වොත් හරි. ඉතින් ඇගේ රූ රහස් ගැන ඇය පුවත්පතකට කියලා තිබ්බේ මෙහෙම. මේ දවස්වල ඇගේ රංගන කටයුතුනම් හොඳින් කරගෙන යනවලු. මේ දවස්වල ස්වධීන රූපවාහිනියේ විකාශය වන දුලීකා මාරපන අක්කගේ ඉන්ටනැෂනල් ටෙලි සිතුවමේ සිතාරගේ චරිතයට මේ දිනවල ඇයට ලොකු ප්‍රතිචාරයක් ලැබෙනවලු. එන්න එන්නම ලස්සන වෙන රහස වෙනදට වඩා වැඩි වෙලාවක් ව්‍යායාම කරන්න කාලය යොදවන නිසා තමයි.
ෂූටින් නැති හැම දවසකම මම ව්‍යායාම කරනවා. සාමාන්යෙන් ජිම් එකේ පැය එක හමාරක් දෙකක් ඉන්නවා. කෑම බීම පාලනය කරලා හොඳට ව්‍යායාම කරාම නිරෝගීකම ආරක්ෂා වෙනවා වගේම අපි දන්නෙම නැතුව ලස්සනත් වෙනවා. ගෙදර ඉද්දි ලස්සන වෙන්න විශේෂ දේවල් ගොඩක් කරන්නේ නෑ. එළවළු පලතුරු පලා වර්ග නිතරම හිතලා ගොඩක් කනවා. බත්නම් කන්නේ හරිම අඩුවෙන්. උදේට ඕට්ස් කන්න කැමතියි. කඩල කව්පි මුං ඇට වගේ දේවල් තමයි ගොඩක් වෙලාවට උදේට කන්නේ. එළවලු සලාද විදිහට හරි සුප් විදිහට හරි හදලා තමයි ගොඩක් වෙලාවට කන්න කැමති. ඊට අමතරව මං වතුර ගොඩක් බොනවා. උදේ නැගිට්ටම වතුර ලීටරයක් අනිවාර්යෙන්ම බොනවා. කොහොමහරි දවස ඇතුළත වතුර ලීටර 3ක් බොනවා.ඉතින් එක තමයි මෙධාගේ විස්තර ඉතින් අද අපි ඔබට ගෙන එන්නේ ඔබ ආදරේ කරන කළා කාරිනියගේ චයාරුප පෙළක්.
1 2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30