පෘතුවියේ බ්‍රමණයට පවා බලපෑම් කරන ලෝකේ විශාලම ජලවිදුලි බලාගාරය

article

පෘථිවි භ්‍රමණයට පවා බලපෑම් කල හැකි තරම් විශාල වූ ජල විදුලි බලාගාරය මේක හැමෝටම ගොඩක් වටින ලිපියක් කියා මම හිතනවා එකයි ඔබට මේ ගැන කියන්න හිතුවේ. චීනයෙ හුබෙයි ප්‍රාන්තයේ පිහිටි ලොව 3වන දිගම ගංගාව වන යැන්ග්ට්ස්.Yangtze. ගංගාව හරස් කොට ඉදිකෙරුන Three Gorges වේල්ල පෘථිවියෙ භ්‍රමණයට පවා බලපෑම් කල හැකි තරම් විශාල වූ ව්‍යාපෘතියක් කිව්වොත් ඔබට හිතාගන්න පුලුවන්ද. මේ වේල්ල හේතුවෙන් මුහුදු සීමාවට 175m ක් ඉහලින් ඇති වන කිලෝග්‍රෑම් ට්‍රිලියන 39ක් පමණ වූ අතිවිශාල ජලස්කන්ධය හේතුවෙන් පෘථිවි භ්‍රමණයට මයික්‍රො තප්පර 0.06කින් පමණ බලපෑමක් වන බව නාසා විද්‍යාඥයන් විසින් ගණන කර ඇත.1992 වසරේ දි මෙම ව්‍යාපෘතිය සදහා චීන රජයෙන් අනුමැතිය හිමිවුවත් මෙහි ඉදිකිරීම් ආරම්භ වූයෙ 1994 දෙසැ 14 දිනය බලාගාරයෙ ඉදිකිරීම් කටයුතු වසර 2009 දී අවසන් කිරීමට නියමිතව තිබුනත් ව්‍යාපෘතිය අවසන් කිරීම වසර 2012 මැයි මස දක්වා කාලයක් ගතවිය.

Three Gorges Dam ජල විදුලි වේල්ල ලොව විශාලම විදුලි බලාගාර වලින් එකක් කියලා හදුන් වන්න පුළුවන්.ගංවතුර පාලනය හා ලාභදායි ව විදුලිය නිපදවීම මෙහි ප්‍රධාන අරමුණු බවයි මෙහි නිර්මාණ කරුවන් පවසන්නේ.කොන්ක්‍රිට් හා ලෝහ ආධාරයෙන් තනන ලද මෙම වේල්ල දිග අඩි 7661ක් හා උස අඩි 596 ක් වෙනවා මේ සදහා ටොන් 510 000ක ලෝහ යොදාගෙන තිබෙනවා මෙය ප්‍රංශයේ අයිෆල් කුළුන 60වතාවක් විශාල කර ඉදිකිරීමට ප්‍රමාණවත් වන බවයි පවසන්නේ මෙහි ජල ටර්බයින 34 මගින් නිපදවනු ලබන විදුලි ප්‍රමාණය මෙගාවොට් 22.500කි.එය දැවි තෙල් යොදාගෙන නිපදවූයෙ නම් ඒ සදහා දැවි තෙල් ටොන් මිලියන 25 අවශ්‍ය වන අතර මේ සදහා ගල් අගුරු යොදාගත්තෙ නම් ඒ සදහා ටොන් මිලියන 50ක ගල් අගුරු යොදාගැනීමට සිදුවේ යැයි ඔව්න් පවසනවා වේල්ල නිසා බිහිවූ ජලාශයේ විශාලත්වය වර්ග සැතපුම් 405කි. මෙම නිසා චීනය රජය විසින් පුද්ගලයින් මිලියන 1.24ක් නැවත පදිංචි කිරීමට සිදුවිය. එසේම නගර 100කට වඩා ජලාශයට යට කිරීමටත් පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන 1000කට වැඩි ගණනන් ජලයට කැප කිරීමටත් සිදුවූ බවයි මෙහි නිර්මාණ කරුවන් පැවසුවේ. වාර්ෂිකව වේල්ලෙ එකතුවන අපද්‍රව්‍ය ප්‍රමාණය ගැලුම් බිලියන 265කට පමණවේ.වේල්ලෙ ඇස්තමේන්තු වියදම ඇ.ඩො බිලියන 30කි. මෙම වියදම් ආපසු අයකර ගැනීමට ගතවන්නෙ වසර 10ක් පමණ ඉතාම සුළු කාලයක් බවයි ඔව්න් පවසන්නේ.ඉතින් ඔබට හිතාගැනීමට පුළුවන් නේද ඔව්න්ගේ තාක්ෂනය මොන තරම් දියුණුද කියන එක මොන තරම් විශාල ඉදිකිරීමක්ද මේක කියන එකත් ආයේ කියන්න ඕනේ නැනේ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *