රොෂාන් මහානාමට පෙම්කර තවමත් තනියම දිවි ගෙවන නිරෝෂා පෙරේරාගේ චයාරුප 30ක් මෙන්න

Life Story

අපි අද ඔබට කියන්න හදන්නේ අපේ රටේ දක්ෂ කටකාර වගේම පිට රටක තරුණියක වගේ පෙනුමක් තියෙන සුරූපී තරුණියක් වන නිරෝෂා පෙරේරා ගැනයි. ඉතින් නිරෝෂා පෙරේරා කියන චරිතයට ආදරේ කරන පිරිසක් එදා ඉදලම ඉන්නවා. ඒ කාලේ උන්මාදයෙන් ආදරේ කළ තරුණයෝ එහෙම ඉන්න ඇති නේද ඒ ගැන කියමුද මුලින්ම.එහෙම කාලයකුත් තිබුණා. මම ඒ කාලේ ජනප්‍රිය වැඩසටහනක් කළා එක්තරා රූපවාහිනියක. මේ වැඩසටහන ඉවර වෙලා මට ආයතනයෙන් එළියට එන්න බැහැ. එක තරුණයෙක් හැමදාම මල් කලඹක් අතේ තියාගෙන මම එනකල් බලාගෙන ඉන්නවා. එයා පයිලට් කෙනෙක්. මම අකමැති වුණොත් ෆ්ලෙන් එකෙන් පනිනවා කියනවා. තව තරුණයෙක් හිටියා සතියකට වතාවක් වැඩසටහන බලලා ලේ වලින් ලියුමක් ලියලා එවන. ඒ වගේම තව තරුණයෙක් මට කෝල් කරලා මගේ හඩ අහගෙන ඉන්නවා කතා නොකර. ඒ විතරක් නෙමෙයි සමහර අය උන්මාදයෙන් වගේ එකපාරටම විවාහ යෝජනා පවා ගෙනාවා.පෙම්වතුන්ගේ දිනයට මම කැමති දේවල් එවන පිරිසකුත් ඒ අතරේ හිටියා. ඒවා මට නම් හරිම කරදරයක් විදිහට දැණුනා. දැන් නම් එහෙම නැහැ.

එතකොට ඔබ කලාවට සම්බන්ධ වෙන්න කලින් පුංචි කාලේ මුලින්ම කාගේ රසිකාවියද වෙන්නේ.මම මුලින්ම George Michael කියන සුප්‍රසිද්ධ ගායකයාගේ රසිකාවියක්. ඒ වගේම මම ගොඩක් ආදරේ කළා ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාමට. එයාගේ තද රසිකාවියක්. මට මතකයි මම ක්‍රිකට් බලන්න පෙළඹෙන්නේ එයා නිසා. එයාගේ පින්තූර අලවපු පොතක් තවම මගේ ලග තියෙනවා. රොෂාන් වැඩි ලකුණු ගන්නකොට මමත් සතුටු වුණා. එයා දැවී යද්දී මමත් දුක් වුණා. ටීවී එක වහලා දාලා යනවා. මම ගෙදරදී එයා වගේ බැට් කරලා බලනවා. ඉස්කෝලෙදි යාළුවන්ට එයා ඇවිදින විදිහ පෙන්නනවා.මුලින්ම රොෂාන්ව මුණගැහෙන්න යන්නේ.මම හරිම පුංචි ළමයෙක්.දවසක් මට රොෂාන්ව බලන්නම යන්න ඕන වුණා. අපි දන්න අංකල් කෙනෙක්ගේ උදව්වෙන් මම ගියා එයා සෙල්ලම් කරපු ඕවල් ග්‍රවුන්ඩ් එකට. එයාට අංකල් ගිහින් කියලා තියෙනවා ඔයාව බලන්නේ නැතුව ඒ ගර්ල් යන්නේ නැහැ කියලා. එයා මාව බලන්න ආවා. කතා කළා. අපි දෙන්නා එකට ෆොටෝ එකකුත් ගත්තා. ඒකත් තවම තියෙනවා.මම පස්සේ රොෂාන්ට ගොඩක් ආදරේ කළා එත් එයා විවහා වෙලා බබෙකුත් ඉන්නවා කියලා පස්සේ දැනගත්තා ඊට පස්සේ මම කොහොම හරි මගේ හිත හදාගත්තා මොකද මට එයාගේ ආදරේ ලබන්න පින නැතුව ඇති කියලා මට හිතුනා.ඉතින් මේ වගේ දෙයක් තමා නිරෝෂා ආදරේ ගැන කියන්නේ,ඉතින් අපිත් හිතුවා නිරෝෂාගේ සුන්දර චයරුප පෙළක් ඔබට ගෙනෙන්නට.

 

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 1516 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *