නළුවෙක් වෙන්න ඇවිත් ටොයිලට් හෝදලා අද කෝටි ගානක වාහන පදින තරුණයා

Gossip

පාර අතුගාමින් සිටි මිනිසුන් බෙන්ස් එකේ සවාරියක් එක්කර ගිය කොල්ලා කියල දැන් ටික කාලෙකට කලින් ගොඩක් ප්‍රසිද්ද වුන නේද.ඔව් ඇත්තටම ගොඩක් ජනප්‍රිය ප්‍රසිද්ද පුදගලයෙක් වුනා. එදා මන් මේ දේ කරේ ඇත්තටම ජනප්‍රිය වෙන්න හිතගේන නම් නෙවෙයි. ඒ මන් පොඩි කලේ ඉදන් මගේ හැටි මට පාර අතුගාන මිනිස්සු එහෙම කියලා මන් මිනිසුන්ව මැන්නේ නැ මට කවුරුත් එකයි හැමෝම මිනිස්සුනේ මට කවුරුත් වෙනසක් නැහැ හැමෝටම මම එක වගේ සලකනවා. අපි දැනගන්න කැමති මෙච්චර ප්‍රසිද්ද වෙන්න හේතුව මොකක්ද කියලා මම නිදහස් චතුරස්‍රය ළඟ වාහනය දාලා තියෙනකොට නගරසභාවේ සේවකයන් වාහනයට වටවෙලා වාහනේ ලස්සන බලමින් හිටියා. ඉතින් මම ඇහුවා වටයක් යමුද කියලා. එත් එයාල බැ කිවුවා නමුත් මගේ බල කිරීම පිට ඔවුන් කීපදෙනා මගේ වාහනයට නැග්ගා ඉතින් මන් ඔවුන් ව වටයක් ගෙන ගියා. එක තමයි හැමතැනම ගියේ මම හිතුවේ නැහැ එක ඒ තරම් දුර යයි කියලා.

එයාල වහනයට නගින්න අකමැති වුන හේතුව මොකක්ද.එයාලා නගරසභාවේ වැඩ කරන අය පාරවල් වල කුණු සුද්ද කරන අය එක නිසා සෙරප්පු ගලවලා වාහනයට නගින්නද ඇහුවා. පත්තර පිටුවක් හරි දාලා වාහනයට නගින්නද ඇහුවා. දාඩිය ගඳ එයි අපි වාහනේට නැන්ගහම කිවුවා. මන් කිවුවා වාහනේ ඊට වඩා කුණු තියනවා. එක නිසා ඒ ගැන හිතන්න එපා කියලා. මේ වගේ වහනෙක යන්න ලැබුණු එක ගැන ඔවුන් මොනවද කිවුවේ.ඇත්තටම ඔවුන් ගොඩක් සතුටෙන් ගියේ. දිව්‍යලෝකේ ගියා වගේ කිවුවා. ජිවිතේටවත් මේ වගේ වහනේකන්ම් නැගල නෑ කිවුවා. මේ වගේ කවුරුත් අපිව වහානෙක අරන් ගිහින් නැ කිවුවා.ඔබ මේක කරේ ජනප්‍රිය වෙන්න නේද ඇහුවොත් මොකද කියන්නේ.කොහෙත්ම නෑ. මන් කලින් කිවුව විදිහට මන් පොඩි කලේ ඉදන්ම මිනිස්සුන්ට උදවු කරන්න කැමති. ඒ ඇර මන් මේක ප්‍රසිද්ද වෙන්න කරපු දෙයක් නම් නෙවයි.

ඔබ ඔය තරම් මින්ස්සුන්ට කරපු උදවු මොනවද.ගොඩක් තියනවා. කියන්න බැරි තරම්, පොඩි ළමයින්ට පොත් අරන් දීල තියනවා. නැති බැරි මිනිස්සුන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ අරන්දිලා තියනවා. මන් කරන දේවල් කියාපාන කෙනෙක් නෙවෙයි. මන් ඒ දේ කරලා මන සතුටු වෙනවා. ඔබට තියන වාහන ගැන කිවුවොත්.මට තියෙන්නේ වාහන තුනයි එදා අර මිනිසුන්ව දාගෙන ගියේ බෙන්ස් සී 200. ඊට අමතරව ප්‍රියස් එකකුයි, ප්‍රාඩෝ එකකුයි තියෙනවා.ඔබේ රස්සාව මොකද්ද රංගනයද. මම කරන්නේ ඡායාරූප ශිල්පිය. ෂයින් පොටෝග්‍රැපි කියන්නේ මගේ ආයතනය.කොළඹ තමා පිහිටලා තියෙන්නේ පොඩි කාලේ ඔබ ලොකු වුනාම මොනවා කරන්නද හිනා දැක්කේ.මොඩ්ලින් කරන්න ලොකු ආසාවක් තිබ්බා. ඒ වගේම නළුවෙක් වෙන්නත් දැන්වීම් කිහිපයක කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. මන් මුලින්ම කල රස්සාව ක්ලිනින් රස්සාවක් ඒ ආව පාරෙන් තමා අද මන් මේ තත්වයේ ඉන්නේ.

චයාරූප ශිල්පියෙක් වුනේ මොන කාලේද ඔබ.පොඩි පොඩි දේවල් කර කර හිටියේ. පොඩි වීඩියෝ එකක් කරා එකෙන් තමා මන් ගොඩ අවේ.ලොකු කට්ටක් කළා ඉදිරියට ආපු කෙනෙක් නේද.ඇත්තටම ඔව්. මත ඉස්සර මේ වගේ වහනයක් දැක්කහම නැගලා යන්න පුදුම ආසාවක්. එත් එකපාරටම අපිට සල්ලි කාරයෝ වෙන්න බෑ. ගොඩාක් මහන්සි වෙන්න ඕනි. ඉති මන් මේ වාහනේ යද්දී කීදෙනෙක් නම් හිතනවා ඇතිද මේ වගේ වහනෙක යන්න තිබ්බනම් කියලා. එක නිසයි මන් එදා ඒ මිනිස්සුන්වත් ගෙන ගියේ. නළුවෙක් වෙන්න අසාවෙන් හිටිය කිවුවා නේද එකට මොකද උනේ.ඔව් ඇත්තටම ලොකු ආසාවක් තියනවා. අවස්ථාත් ලැබිල තියනවා පොඩි ඒවා එත් මට ගැලපෙන දෙයක් තාම ලැබුනේ නෑ ඔබ නිකන් ඉන්න වෙලාවට මොනවද කරන්නේ.මගේ විනෝදාංශය නම් වාහන පදින එක තමා එක තම මන් නිතරම කරන්නේ.ඔබ වාහනයේ මිනිස්සු ගෙන ගියාට ඔබ කාටහරි වහනය පදින්න දෙන්න කැමතිද. ඔව් අනිවාර්යෙන්ම ඕනි කෙනෙක්ට මන් දෙනවා. මටත් වැඩිය මගේ යාලුවෝ තමයි මගේ වාහන පදින්නේ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *