එක ගෙයක් කෝටි 12 ඉදන් ලංකාවේ උසම සහා සැපම ගොඩනැගිල්ලේ චයාරුප 24ක් මෙන්න

News

කොළඹ කොම්පඤ්ඤවීදියේ පිහිටි ඇල්ටෙයාර් බහුමහල් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර විවෘත කෙරිණි නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ යන මහත්වරු මෙම අවස්ථාවට එක් වූහ මෙම ඇල්ටෙයාර් ගොඩනැගිල්ලෙහි උස මීටර් 230 ක් වන අතර මෙය මහල් 68 කි ඒ අනුව වර්ග 4 කින් සමන්විත අති සුඛෝපභෝගී නිවාස 407 කින් ඇල්ටෙයාර් ගොඩනැගිල්ල සමන්විත වනවා

ඒ වගේමයි මෙම ගොඩනැගිල්ල නිර්මාණය කර ඇත්තේ ලෝකේ හොදම ගොඩනැගිලි නිර්මාණ කරුවන් පස්දෙනා අතර සිටින කෙනෙක් වීමත් විශේෂත්වයක් වනවා මෙහි පිහිටි වාණිජ ප්‍රදේශය වර්ග අඩි 30,000 කි සියලු නිවාස නවීන පහසුකම්වලින් සමන්විතය ඉතා උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය භාවිතා කර ඉදිකර ඇති මෙම නිවාස වර්ග අඩි 1400 සිට වර්ග අඩි 5000 ක් දක්වා ප්‍ර මාණයක පවතී,දැනට ගණන් බලා ඇති විදියට එක නිවසක් රුපියල් කෝටි 12 ඉක්මවනවා කියලත් එහි පාලන මණ්ඩලය පවසනවා

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24

Leave a Reply

Your email address will not be published. Required fields are marked *