ජනප්‍රිය නිලි නතාෂා පෙරේරා දිව්‍ය අංගනාවියක් වගේ ලස්සනට සැරසිලා මනාලියක්වුණු ඡායාරූප 15ක්

Gossip

ලංකාවේ ඉන්න බොහොම දක්ෂ ගායන ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් තමයි නතාෂා පෙරේරා කියන්නේ. දක්ෂ ගායන ශිල්පිනියක් විතරක් නෙමෙයි ඇය බොහොම කලාතුරකින් දකින්න ලැබෙන රූ සම්පත්තියකටත් හිමිකම් කියනවා කිවුවොත් හරියටම හරි. ඉතින් ලස්සන රූ සපුවකට හිමිකම් කියන ඇයට ගොඩාක් ආදරේ කරන ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් සිටිනවා. ඇත්තටම ඇය මේ දවසවල අලුත් නිර්මාණ වලින් දකින්නට ලැබුනේ නැතත් ඇය මෙතෙක් කරපු නිර්මාණ ප්‍රේක්ෂකයන්ගේ හදවත් තුල හැමදාම රැදිලා තියෙනවා. ඒ නිසයි ඇයට මෙතෙක් ප්‍රේක්ෂකයින් ප්‍රමාණයක් ආදරේ කරන්නේ. ඉතින් කාලයකට ඉහතදී ඇය පුංචි කාලේදී සුළගක් වී මන් යනවා ගීතය හරහා වගේම ස්වර්ණවාහිනියේ විකාශය වුනු දඟ මල්ල නම් ටෙලි සිත්තම තුලින් ද පුංචි කාලයේ සිටම දක්ෂතා රැසක් පෙන්නූ ඇය අද වනවිට සංගීත විශාරදවරියක්, රංගන ශිල්පිනියක්, නීතීඥවරියක් වගේම හොඳ බිරිදක් සහ ගෘහනියක් විදිහට මැයව හදුන්වන්න පුළුවන්. ඉතින් කලකට පෙර පුංචි තිරයෙන් ඈත් වූ ඇය එසේ රංගනයෙන් ඈත් වෙලා තියෙන්නේ ඇයගේ අධ්‍යාපන කටයුතු සඳහා කියලයි ඇය කියන්නේ. ඉතින් කලක් ඕස්ට්‍රේලියාවේ කල් ගෙවපු ඇය මේ වනවිට නීතීඥවරියක් ලෙස පත්වී අවසන්. අධ්‍යාපන කටයුතු සහ වෘත්තීය කටයුතු නිසා කාර්යබහුල වුනු ඇය දැන් නැවතත් ලංකාවේ සිටින අතර ඉදිරියේදී තව තවත් නිර්මාණ රැසකට දායකවෙන්න ඉඩතියනවා කියලා තමයි නතාෂා පවසන්නේ.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15

Leave a Reply

Your email address will not be published. Required fields are marked *