මෙම වසරේ විවහාවෙන්න බලන් ඉන්න මනිෂා චන්චලා සහා කළිඳු කරුණාරත්නගේ චයාරුප 30ක්

Life Story

දෙරණ ලිටිල්ස්ටර් ගායන තරගාවලියේ වයස අවුරුදු 12 පහල හතරවන ස්ථානය හිමිකරගනිමින් ගායන ලොවට පැමිණි පුංචි ගායන ශිල්පිනිය අද වෙද්දී රන්ගන ශිල්පිනියක් නිවේදිකාවක් වනවා ඒ තමා හැමෝම දන්නා තේරුණි මනිෂා චන්චලා කියන්නේ.ඉතින් අද අපි ඔබට කියන්න හදන්නේ මනිෂා චන්චලා ගැනයි.මනිෂා ඔබ ඉගෙන ගත් පාසල ගැන කිවුවොත්.පළමු වසරේ සිට එකොළහා වසර 1 – 11 දක්වා මහනුවර ස්වර්ණපාලි මහා විද්‍යාලයට ගියා. උසස් පෙළ කොළඹ ශාන්ත ලෝරන්ස් කන්‍යරාමයෙන් තමා හැදෑරුවේ.ඔබට කලාවට මඟ පෑදෙන්නේ උසස් පෙළ කරන්න කොළඹ ආවට පස්සේද.නැහැ. මම නුවර ඉගෙන ගන්න කාලේ ආසාවට, විනෝදාංශයක් ලෙසත් ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කඳුරට සේවයේ ළමා නිවේදිකාවක් ලෙසත් එයින් පැවැත්වූ ගීත ගායන වැඩසටහන්වලටත් ඉදිරිපත් වුණා. මං පාසලේ 7 වසරේදි මගේ අම්මයි, පුංචි අම්මයි තමා දෙරණ ලිට්ල් ස්ටාර්ස් තරගයට මගේ අයදුම්පතක් දාන්නේ. පස්සේ මං ගිහින් එයට ඉදිරිපත් වුණා.

මනිශාට ඒකෙන් මොකද වුණේ කිවුවොත්.ඒ තරගයෙන් සිව්වැනි තැනට තේරුණා. ඊට පස්සේ මට දෙරණ මාධ්‍ය ජාලයේ උප සභාපති ලක්සිරි වික්‍රමගේ මහතා කතා කරලා නාට්‍යයක රඟපාන්න අවස්ථාවක් ලබා දෙනවා. ඒ දෙරණෙම ගිය වස්සාන සිහිනය කියන ටෙලි නාට්‍යයේ. ඊට අමතරව මට දෙරණෙ වැඩසටහන්වල නිවේදිකාවක් ලෙසත් කටයුතු කරන්න ලැබුණා. වස්සාන සිහිනය කියන ටෙලි නාට්‍යයේ කණ්ඩායමම තමා සිඳු කියන ටෙලි නාට්‍යය කළෙත්. පස්සේ මට සිඳුහි තෙරුණි ලෙස රඟපාන්නත් අවස්ථාව ලැබෙනවා. මෙහිදි ප්‍රදීප් මානවඩුගේ මහතාවත් මතක් කරන්න ඕනේ.එතකොට දැන් මනිෂාගේ සංගීත වැඩ කටයුතු කොහොමද,මුලින්ම මගේම සින්දු දෙකක් කළා. අනතුරුව මෑතකදි ඉදලා මගේම තවත් අලුත් සින්දු දෙකකම වැඩ කටයුතු මං මේ වෙනකොටත් පටන් අරගෙන තියෙන්නේ.දැන් ටෙලි නාට්‍ය, චිත්‍රපට කීයකට විතර රංගනයෙන් දායක වෙලා තියෙනවද මනිෂා.ටෙලි නාට්‍යය නම් දහයක විතර රඟපාලා තියෙනවා. හැබැයි චිත්‍රපටවල රඟපාලා නම් නෑ. දරුවනේ, පාටක් නැති ආදරයක් යන ළමා චිත්‍රපටවල පසුබිම් ගායනයට නම් මේ වනවිටත් දායකත්වය ලබාදීලා තියෙනවා.

ඔබ සහ ජනප්‍රිය නිවේදක කළිඳු කරුණාරත්න අතර ප්‍රේම සම්බන්ධය තියෙනවා කියන එක රහසක් නෙවෙයි. කවදද ඔබ දෙපළ විවාහ වන්නේ කියලා කියන්න පුලුවන්ද ඔබගේ රසිකයින් කැමති වෙයි එක දැනගන්න,මේ අවුරුද්දේ අග විතරදි විවාහ වෙන්න හිතාගෙන ඉන්නවා. තව ටික කලකින් ඒ ගැන විස්තර කියන්නම්.මනීෂා දැන් වෘත්තිය කලා ශිල්පිනියක් කිවුවොත් හරිද. වෘත්තිමය කලාවේ නිරත වෙන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. මං ඉදිරියේදි මගේම කියලා ව්‍යාපාරයක් කරන්නත් සැලසුම් කරලා තියෙනවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *