මගේ ලොකු දුවට දැන් අවුරුදු 10 මේනක නෙහාරා සහා කලින් බිරිඳ ගැන කියපු දේ

Gossip

මෙරට ජනප්‍රිය ටෙලි නළු නිළි දෙපළක් වුණ මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස් කාලයක් පුංචි තිරය අරක් ගෙන හිටියා. පුංචි තිරය තුලින් අසීමිත ආදරය දිනා ගත් යුවළක් කිව්වොත් හරි. නමුත් පසුගිය කාලය පුරාම කලා කටයුතු වලින් ඈත්ව හිටියේ ඔවුන් දෙදෙනාම මේනකගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විදෙස් ගතව සිටීම නිසා. නමුත් හදිසියේ අයෙමත් ලංකාවට ආව මේ දෙන්නා දැන්නම් නිර්මාණවලින් දැකගන්න පුළුවන්. මොකද ඔවුන් නැවත ලංකාවට පැමිණියේ ලංකාවේ ස්ථිර පදිංචියට වෙනුවෙන්.ඉතින් මේ වෙද්දි විවාහ වෙලා වසර ගණනාවක් ගත වුනු මේ දෙන්නා දැන් මව්පිය පදවිය ලබලා සිටිනවා අතීතය මතක් කරොත් මේනක රාජපක්ෂ කියන්නේ ඉස්සර ශ්‍රී ලාංකීය ටෙලි නාට්‍යවලට නැතිවම බැරිව හිටිය දක්ෂ රංගන ශිල්පියෙක්. මුතු කිරිල්ලී ටෙලි සිතුවම හරහා ප්‍රේක්ෂක හදවත් බැදගත් ඔවුන් දෙදෙනා පසු කාලෙක තමන්ගේ පෙර විවාහයන්ට සමු දී අතිනත් බැඳ ගත්තා. ඉතින් අපි මේ ඔබට කියන්නට යන්නේ මේනක රාජපක්ෂගේ නවතම තොරතුරු පිළිබඳවයි.

කොමද මේ දවස්වල ගතවන ජීවිතේ මේ දවස්වල ජීවිතේ හොඳයි. හොඳින් ගත වෙනවා. මේ දවස්වල මේ වසංගත තත්වය එක්ක හැමෝටම ලැබුණ නිවාඩුව නිසා අපිට ගොඩක් මඟ හැරුණ ජීවිතය දිහා නැවත හැරිලා බලන්න අවස්ථාව ලැබුණා.පොඩි කාලේ ඉදන්ම ලැබුණ අත්දැකීම් එක්ක කොහොමද මේ වෙද්දි ජීවිතය හදාගෙන ඉන්නේ මගේ ගම කිරිබත්ගොඩ, ගම්පහ. කොළඹ ශාන්ත පීටර් විද්‍යාලය තමයි පාසැල් ගියේ. ඉතින් මම හැමදාම පාන්දර 4. 30ට තමයි ගෙදර ඉදන් පාසැල් යන්න පිටත් වෙන්නේ. මම බස් දෙකක ගිහින් 5.15 වෙද්දි ඉස්කෝලෙට යනවා ඒ පිහිණුම් තරඟ වෙනුවෙන් පුහුණු වෙන්න. මගේ අරමුණ වුනේ පිහිණුම් ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න. මම කොහොමහරි සාෆ් මට්ටම වෙනකන් එනවා. එතනින් තමයි මං රංගනයට යොමු වෙන්නේ. 2005 වසරේ සාෆ් තරඟයකදී තමයි මට රංගනයට ආරාධනා ලැබෙන්නේ. ඒ වෙද්දී මගේ තාත්තා නැති වෙලා අම්මා තනි වෙනවා.ඉතින් තාත්තා ඉස්සර ඉදන්ම මාව උනන්දු කාරා විදෙස් අධ්‍යාපනයට යොමු වෙන්න කියලා. නමුත් තාත්තට සල්ලි තිබ්බේ නෑ. ඉතින් තාත්තාගේ වගේම මමත් දැකපු හීනේ හැබෑ කරගන්න තමයි පහුගිය කාලේ විදෙස්ගත වෙලා හිටියේ. මගේ ජීවිතේට නෙහාරා එද්දි මම එයාටත් කිව්වා මට අරමුණක් තියෙනවා මම මැරෙන්න කලින් ඉගෙනීම සම්පූර්ණ කරගන්න ඕනි කියලා. ඉතින් එයත් මට සහයෝගය දුන්නා. ඉතින් අපි දෙන්නම ඉතුරු කරගත්ත සල්ලි වලින් ඒ හීනය හැබෑ කරගත්තා. විදෙස් අධ්‍යාපනය ලබනවා කියන එක ලේසි නෑ. ඉතින් පොඩි කාලේ අම්මයි තාත්තයි දුන්න ශක්තිය ඒකට රුකුළක් වුණා.

ගොඩක් අය අඩු වසින්ම අධ්‍යාපන කටයුතු ඉවර වෙන්න ඕනි කියලා හිතනවා. ඉතින් ඒ අයට කියන්න තියෙන්නේ මොකක්ද. මේ දේ කරගන්න ඕනි කියලා අරමුණක් තියෙනවානම් ඒකට වයස බලපාන්නේ නෑ. හැමදේම ළඟට එයි කියලා බලන් ඉන්න එපා.නෙහාරා එක්ක ගත කරන ජීවිතය කොහොමද නෙහාර මං වගේ නෙවෙයි. එයා ආශ්‍රය කරන්න කැමති ජෙනුයින් අය විතරයි. එයාව හරියට අඳුනගන්න ඕනි එයත් එක්ක ජීවත් වෙන්න. එයාට ගොඩාක් යාළුවෝ නෑ. ඉන්න යාළුවො ටික දෙනත් එක්ක පැල් බැඳගෙන ආශ්‍රය කරනවා. එයා අසීමිත ලෙස මට ආදරය කරනවා. ඉතින් මම ගොඩක් වාසනාවන්තයි. පොළවේ පය ගහලා ජීවත් වෙන කෙනෙක්. ඒ නිසා හැම අතින්ම හොඳයි. මම පොඩ්ඩක් කෑ ගැහුවත් එයාට ඇඬෙනවා.අම්මාගෙන් පටන්ගත්තම කාන්තාවන් ඔයාගේ ජීවිතයට වැදගත් වෙන්නේ කොහොමද.. මගේ ජීවිතයේ පළවෙනි තැන ලැබෙන කාන්තාව අම්මා. තාත්තා ටිකක් සැරයි ඉතින් පුංචි කාලේ ඉදන්ම අම්මට තමයි ගොඩක් එකතු. මට අවුරුදු 20 දි තාත්තා නැති වෙනවා. ඉතින් එතන ඉදන් පවුලේ ගෘහ මූළික වුණේ අම්මා. අපිට ආරක්ෂාව රැකවරණ දුන්නේ ඇය. මම රංගනයට යොමු වුණේ ඒ වයසෙදි. ඉතින් ආර්ථික වශයෙන් ඒ තරම් ස්ථාවර නෑ.

ඉතින් එතකොට පවුලේ බර කරට ගත්තේ අක්කා. අක්කා ටිකක් තාත්තාවගේ එයා හැම අතින්ම පවුල බලාගත්තා. ඉතින් එතනින් එහාට විවාහයෙන් පස්සේ මගේ බිරිඳ නෙහාර මගේ කලා කටයුතු වගේම හැම දේකටම උදව් කරනවා. ඒ උදව් නැතුව මෙච්චර දුරක් එන්න අමාරුයි. ඒ ආදරය ලැබීම වාසනාවක්. ඒ ඒ වගේම අනිත් කෙනා මගේ දුව. ඇයත් මගේ ජීවිතයට සම්බන්ධ කාන්තාවක්. ඇයට තාම අවුරුදු 10යි. ඇයත් මගේ ජීවිතේ වැදගත් කෙනෙක්. ඉතින් කෙටියෙන් කිව්වොත් අම්මා, අක්කා, නෙහාරා ඒ වගේම දුව තමයි මගේ ජීවිතේ වැදගත් පෙරළියක් ඇති කළ අය.මම තාමත් මගේ දුවට ආදරෙයි මගේ කලින් බිරිඳ දුව හොදට බලාගන්නවා එයත් මගේ ජීවිතේට එයාට පුළුවන් හැමදේම කරා පස්සේ මම විවහා උනා අපිට අපි ගැලපෙන්නේ නැතිවුනා කලාවත් එක්ක ඊට පස්සේ තමයි නෙහාරයි මමයි විවහා උනේ නෙහාරත් කලින් විවාහයක් කරගෙන හිටපු කෙනෙක් එයත් එක අතහැරලා තමා එකතුවුනේ දැන් අපි සතුටින් ජිවිතේ ගත කරනවා

විවාහයයි කලාවයි කොහොමද සමබරව පවත්වාගෙන යන්නේ.. කුමන රැකියාව කළත් විවාහයේදී කැපකිරීම් කරනවට වඩා එකිනෙකා තේරුම් ගැනීම තමයි තියෙන්න ඕනි. කලාවත් එක්ක ඉද්දි කතා හැදෙනවා වැඩියි මෙයාලා මෙහෙමයි මෙහෙමයි කියලා මිනිස්සු අපිව විනිශ්චය කරනවා වැඩියි. ඉතින් අපි දෙන්නම කලාවේ ඉන්න අය ඒ වගේම පළමු විවාහයෙන් වෙන් වෙලා විවාහ වුණ අය ඉතින් ඒවා තේරුම් අරන් ජීවත් වෙන්න ඕනි.කටකතාවලට කොහොමද මුහුණ දෙන්නේ.. මම ගොසිප් සයිට් වලට යන්නෑ. අඩුම යූ ටියුබ් කමෙන්ට් එකක්වත් කියවන්නෑ. මට අනිත් අයගේ දේවල් වැඩකුත් නෑ ඉතින් කටකතා ගැන මම හිතන්නෑ.මගේ කලින් බිරිඳත් මම හිතනවා දැන් හොදට ඉන්නවා කියලා වෙන් උනාට අපි යාලුවෝ වගේ ඉන්නවා

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *