විවහා වෙන්න කලින් ඔබත් පොරොන්දම් ගලපුවාද මේ පොරොන්දම් වල ඔබ නොදත් තේරුම

article

ඔබත් ඔබගේ විවාහයට කලින් පොරොන්දම් ගැලපුවා නේද මේවා ගැලපෙන්නේ නැත්තන් විවහා වෙන්නත් එපා කිව්වා නේද ඔබට ඉතින් අපි පොරොන්දම් ගැලපෙනවා හෝ ගැලපෙන්නේ නැහැ කිව්වම තීරණය කරනවා විවහා වෙනවද නැද්ද කියලා ඉතින් අපි දන්නේ නැනේ නේද මොකක්ද මේ පොරොන්දම කියන්නේ මේකෙන් මොකද වෙන්නේ කියල ගෙවල් වලින්නම් කියනවා පොරොන්දම් ගැලපෙනවද බලන්න අනිවරෙන්ම කියලා නැත්තන් එකෙන් ඔබගේ විවහා ජිවිතයට කරදර ඇති වෙයි කියලා.ඉති අපි හිතුවා මොකක්ද මේ පොරොන්දම කියන්නේ එක ගැලපෙනවාද නැද්ද කියන්නේ මොකක්ද කියලා ඔබට තේරුම් ගන්න ලේසිම විදියට ඔබට කියන්න එහෙනම් මේක කියවලාම බලන්න ඔබගේ පොරොන්දමේ මොනවා ගැලපුනේ නැත්තේ කියලා.

නක්ෂත්‍ර පොරොන්දම.නැකත් පොරොන්දම මගින් ස්ත්‍රී පුරුෂ දෙදෙනා අතර අවබෝධය, ආකල්ප, ගතිපැවතුම්, ජීවිතය පිලිබද දැක්ම. අධ්‍යාපනික සහ බුද්ධිමත් බව යන කාරණාවන්ගේ ගැලපීම පිලිබදව පරීක්ෂා කරනු ලැබේ.ගණ පොරොන්දම.අප සැවොම දේව, මනුෂ්‍ය සහ රාක්ෂ යන ගණ තුනට බෙදා දක්වනු ලැබේ. මෙය පුද්ගලයන්ගේ අභ්‍යන්තර ගති පැවතුම් පාදක කරගනිමින් කෙරෙන වර්ග කිරීමකි. මෙම පොරොන්දම මගින් දෙදෙනාගේ ගණ වල ගැලපීම මැන බලනු ලැබේ. මහේන්ද්‍ර පොරොන්දම.අනාගත විවාහයෙන් ලබන දරුවන් හරහා දැඩි සබදතාවක්, යහපතක් අත්වේදැයි යන්න සහ ඔවුන් සෞඛ්‍ය සම්පන්න සහ බුද්ධිමත් හා ප්‍රීතිමත් වනු ඇත්දැයි යන්න මෙමගින් විමසා බැලේ.ස්ත්‍රී දීර්ඝ පොරොන්දම.විවාහයෙන් පසුව එකිනෙකාගේ බැදීම, සුහදතාව සහ අවංක වීම පෙන්වයි.යෝනි පොරොන්දම.පරීක්ෂා කිරීමේ පහසුව සදහා පුද්ගලයන් සත්ව කොට්ටාශ වලට යෝනි වලට ඔවුන් අතර මිතුරු සහ සතුරු බව සලකා වර්ග කොට ඇත. උදාහරණයක් ලෙස වඩාත් ප්‍රකට සර්ප නයි සහ මුගටි සතුරුකම ගත හැක. මෙලෙසම කේන්දරවල මෙම යෝනි පිහිටි පුද්ගලයින් දෙදෙනකු එකිනෙකා නොගැලපෙන බව හෝ නොරිස්සන බව දැක්වේ. එසේම දෙදෙනාගේ කායික ගැලපීමද මෙමගින් බලවත්ව පෙන්වයි

රාශි පොරොන්දම.මෙමගින් දෙදෙනාගේ භවාන්ග සිත් වල ගැලපීම පරීක්ෂා කිරීම සිදු කරනු ලැබේ. භවාන්ග සිත ඔබගේ ජීවිතයේ සියලුම අත්දැකීම්, ඔබගේ ඇදහීම් සහ විශ්වාසයන්, මතකයන්, කුසලතාවන්, ඔබ ජීවිතයේ පසුකල සියලුම කඩයිම් සහ ඔබ ජීවිත කාලය පුරා දුටු රූප සහ ශබ්ද යන සියලුම දේවල් තැන්පත් වී ඇති ස්ථානයයි.රාශාධිපති පොරොන්දම.මෙමගින් දෙදෙනාගේ භවාන්ග සිත් දෙක එකතු වී ක්‍රියා කල හැකි ආකාරය පරීක්ෂා කරනු ලැබේ. මෙම ගැලපීම ඇති දෙදෙනෙකු සමහර අවස්ථාවන් වල ඔවුන්ගේ සිතුවිලි රටාවන් සමාන ආකාරයකට ක්‍රියාත්මක වන අතර දෙදෙනාම එකම දෙය එක වර සිතනවා හෝ ක්‍රියාත්මක කරන්නට පෙලඹේ.රජ්ජු අපොරොන්දම.විවාහ ජීවිතයේ භෞතික ශාරීරික බැදීම මෙමගින් පරීක්ෂා කෙරේ. මෙම බැදීම ශරීරයේ හිසේ සිට දෙපතුල දක්වා සියලුම අන්ගයන් හරහා සිදු වන්නකි. මෙම පොරොන්දමින් දෙදෙනාගේ සියලුම ශාරීරික අන්ගයන් එකිනෙක ගැලපෙනවාද සහ එවා අතර සන්වේදනය ඇතිවේද යන්න විමසා බැලේ.

වශ්‍ය පොරොන්දම.වශ්‍ය යනු ආකර්ෂණයි. මෙමගින් දෙදෙනා අතර ආකර්ෂණය දිගුකාලීනව පවතීද යන්න පරීක්ෂා කරනු ලැබේ.වේධ පොරොන්දම.මෙම පොරොන්දම මගින් දෙදෙනා අතර ඇති සබදතාවයේ ශක්තිමත් බව පරීක්ෂා කෙරේ. එම සබදතාව ඉතා ශක්තිමත් සහ ලෙහෙසියෙන් බිද දැමිය හැකි එකක්ද නැද්ද යන්න විමසා බැලේ.වෘක්ෂ පොරොන්දම.මෙම පොරොන්දමෙන් කෙරෙන්නේ දෙදෙනාගේ කායික ශක්තිය, විශේෂයෙන් දරු ඵල ඇති කිරීමට හෙතු වන ධාතු ශක්තිය පිලිබද බල දුබලකම් මැනීමයි. ඔබගේ මෙම පොරොන්දම නොගැලපේනම් වෛද්‍ය පරීක්ෂාවක් කිරීම මැනවි.ආයුෂ පොරොන්දම.මෙම පොරොන්දමෙන් දෙදෙනාගේ ආයුෂ පිලිබදව පරීක්ෂා කෙරේ. දෙදෙනා උපන් නැකත් පාදක කර ගනිමින් ගණිතමය ගණනය කිරීමක් සිදු කරන අතර, පුරුෂයාට ලැබෙන අගය ස්ත්‍රීයට ලැබෙන අගයට වඩ වැඩිනම් ශුභ ලෙස සැලකේ. මෙය වර්තමානයට එතරම් නිරවදි නොවෙන බව අප විශ්වාසයයි .පක්ෂි පොරොන්දම.උපන් නැකත මූලික කරගනිමින් කේන්දර වලට පක්ෂීන් දෙදෙනෙකු නම් කෙරේ. මෙම පක්ෂීන් ඔවුනොවුනට මිතුරු නම් ශුභ වන අතර සතුරු නම් අශුභ වේ.භූත පොරොන්දම.පඨවි ඝණ , ආපෝ. ද්‍රව, තේජෝ. ශක්ති, වායෝ, වායු සහ ආකාශ, ආකාශ. යනු පන්ච මහා භූතයන් වේ. අප විශ්වයේ සෑම දෙයක්ම සහ ශක්තීන් පවතින්නේ මෙම පන්ච මහා භූතයන්ගේ ස්වරූපයෙනි. මෙලෙසම මනුශ්‍ය ශරීරයද පන්ච මහා භූතයන් සංකීර්ණ ලෙස මිශ්‍ර වී නිර්මාණය වී ඇත. මෙම පොරොන්දම මගින් ස්ත්‍රී හා පුරුෂ ශරීර දෙකෙහි සංගටක වල ගැලපීම පරීක්ෂා කෙරේ.ගෝත්‍ර පොරොන්දම.ගෝත්‍ර පොරොන්දම දෙදෙනා උපන් නැකත් සහ දෙදෙනා අයත් වන පරම්පරාව මූලික කරගෙන සකස් කරන්නකි. නූතන වෛද්‍ය විද්‍යාව අනුව සමාන ජාන හිමි මනුශ්‍ය කොට්ටාශ අතර විවාහය සුදුසු නොවෙන බව දක්වා ඇත. මෙය ජානමය කරුණු පදනම් කරගෙන කර ඇති ප්‍රකාශයකි. එලෙසම එකම ගෝත්‍රයන් හිමි දෙදෙනෙකු අතර විවාහය සුදුසු නොවෙනා බව ජ්‍යේතිශයේ දක්වා ඇත. ඔබගේ මෙම පොරොන්දම නොගැලපේනම් වෛද්‍ය පරීක්ෂාවක් කිරීම මැනවි.

වර්ණ පොරොන්දම.මෙම පොරොන්දම මගින් දෙදෙනාගේ පවුල් පසුබිම්වල ගැලපීම පරීක්ෂා කෙරේ. එනම් කුලයන් පදනම් කර ගනිමින් ගැලපීම සිදුකිරීමයි. මෙය අතීත ජ්‍යෝතිශ පරීක්ෂාවකි, නමුත් වර්තමානයට කොතරම් ගැලපෙද යන්න ඔබ තීරණය කල යුතුය.ලිංග පොරොන්දම.කාන්තාවගේ නැකතට ස්ත්‍රී ලින්ගයක්ද පිරිමි නැකතට පුරුෂ ලින්ගයක්ද හිමිනම් එය වඩාත් යෝග්‍ය වේ. මෙම පොරොන්දම යෝනි පොරොන්දම සමග බැදීපවතී. දින පොරොන්දම. සතියේ දිනයන් සදහා නොයෙකුත් ගුණයන් වෙන්කොට දක්වා ඇත. මෙම පොරොන්දම මගින් දෙදෙනා උපන් දිනයන් වල ගැලපීම පරීක්ෂා කෙරේ. නාඩි පොරොන්දම. මෙමගින් දෙදෙනාගේ නාඩි ශක්තිය පිලිබදව පරීක්ෂා කෙර්. පූර්ව, මධ්‍යම සහ අන්ත්‍ය යනු නාඩි වර්ග තුනයි, මේවා වා, පිත් සහ සෙම් යන තුන් ආකාරයයි. ඒ අනුව බලන කල දෙදෙනාගේම වාත, පිත් සහ සෙම් කෝප වීම එක වර සිදුවීම ඒ ඒ අසනීප උග්‍ර වීමට හෙතු වේ. තවත් උදාහරණයක් නම් දෙදෙනාටම එකවර කෝප වීම සිදුවෙනම් එය දීර්ඝ කාලීන සබදතාවයකට බාධාවකි .ග්‍රහ පොරොන්දම. මෙමගින් ඉරණමේ හෝ කර්මයන්ගේ බලපෑම පිලිබදව පරීක්ෂා කෙරේ. අපට අපගේ ඉරණම හෝ කර්ම ශක්තීන් වල බලපෑම බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් සහ ධාර්මිකව කටයුතු කිරීම්මෙන් සම්පූර්ණයෙන් හෝ යම්ප්‍රමාණයකට හෝ වෙනස් කිරීමට අප සියලු දෙනාටම හැකියාව ඇත. මෙම පොරොන්දම මගින් ඔවුන්ගේ ක්‍රියාකාරවලින් දෙදෙනාට අන්‍යෝන්‍ය ලෙස ප්‍රථිඵල අත්වේදැයි පරීක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *