රටම දන්නා ජයරත්න මල් ශාලාවේ අධිපති දියණිය වූ අධිනීතීඥ සුරූපී නිශාරා ජයරත්න කියූ දේ

Gossip

ජයරත්න මල් ශාලාව කිවහොත් දන්නේ නැති කෙනෙක් නැතුව ඇති සමාජ මාධ්‍ය තුල කතා බහට ලක්වන ප්‍රසිද්ධ තැනක්.”මල් නම් ජයරත්න-ජයරත්න නම් මල්” ලෙස පැවති මල් ව්‍යාපාරය ජයරත්න මල් ශාලාව දක්වා ව්‍යාප්ත විය. ඉතින් මේ ජයරත්න මල්ශාලාවේ අද්පතිගේ දියණිය ගැනයි අපි අද කතා කරන්න යන්නේ ඒ ඔබ හොදින් දන්නා මේ දවස්වල ගොඩක් සමාජජලා මාද්‍ය කථා වට ලක්වන අධිනීතීඥ සුරූපී නිශාරා ජයරත්න මෙනෙවිය විස්තර දැනගැනීමට ගොඩක් අසාවෙන් බලා සිටින අයට අපි අවස්ථාවක් අද සලසා දෙන්නෙමු.

ඔබ ඉපදුනේ කොහෙද කියා අපි දැනගන්න කැමති.මම ඉපදුනේ කොළඹ .එතකොට ඔබ ඉස්කෝලේ ගියේ.මම පාසල් දෙකකට ගියා. සාමාන්‍ය පෙළ වෙනකම් ඉගෙන ගත්තේ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ. උසස් පෙළ කළේ ස්ටැෆර්ඩ් ජාත්‍යන්තර පාසලේ.උසස් පෙළ කරේ.එංගලන්තේ .ස්ටැෆර්ඩ් ජාත්‍යන්තර පාසලට ගි ලන්ඩන් ඒ ලෙවල් කරන්න තම මන් එහෙ ගියේ.ඔබට සහෝදර සහෝදරියන් සිටිනවද.ඔව් මට මල්ලි කෙනෙක් විතරයි ඉන්නේ.අද ගොඩක් ප්‍රසිද්ද ජයරත්න අවමංගල්‍ය අධ්‍යක්ෂවරු ව්‍යාපාරයේ අයිති කරු ඔබේ පියාද.ඔව්. එත් ජයරත්න අවමංගල්‍ය අධ්‍යක්ෂවරු ව්‍යාපාරය පටන් අරන් තියෙන්නේ මගේ තාත්තගේ තාත්තා.දැන් ව්‍යාපාරයේ හිමිකරු මගේ තාත්තා තමා. ඔබගේ මල්ලි මොකද කරන්නේ.මල්ලිත් උපාධිය කළේ එංගලන්තේ. උපාධිය සම්පූර්ණ කරලා ඇවිත් ඔහු තාත්තාගේ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධවෙලා ​ඉන්නේ.

තාත්තයි, අම්මයි, මල්ලියි තුන්දෙනාගේ නම් මොනවද.තාත්තා ගාමිණී ජයරත්න. අම්මා චමරි ජයරත්න. මල්ලි හසංග ජයරත්න.නීති ශේෂ්ත්‍රයට ප්‍රවිෂ්ට වුනේ කොහොමද.මේක මගේ අම්මගේ හීනයක් අම්මට කරගන්න බැරි වුන දේ මන් කරා නීති ක්ෂේත්‍රය ගැන සහ එහි වටිනාකම් ගැන මට පුංචි කාලේ අවබෝධයක් තිබුණේ නැහැ.. අපේ අම්මා මාව ලන්ඩන් ඒ ලෙවල් කරන්න යොමු කරන්න හේතුවක් වුණේ එයින් නීතිය ගැන මූලික අධ්‍යාපනයක් ලැබෙන නිසා. මන් ඒ නිසයි විශේෂයෙන්ම ලන්ඩන් ගියේ.ඔබ පොඩි කලේ සංගීතය හැදෑරුවා කියන්නේ. ඔව් ඇත්තටම විශාරද නන්දා මාලනී මහත්මිය ළඟ මම පුංචි කාලේ ඉඳලම සංගීතය හැදෑරුවා. සංගීත විශාරද අවසන් විභාගය පෙනි පෙනී මට එය නවත්වන්න වුණා. මොකද සංගීතය කරන්න ගිහින් මගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් වෙයි කියලා බයක් අම්මට තිබුණ නිසා.ඔබ මේ තරම් දුරක් පැමිණියේ ඔබේ දක්ෂ කම් නිසානේ ඉතින් අපි කැමති ඔබේ නීති විභාගේ ප්‍රතිපල දැනගන්න. නීතිය විෂයට ‘A’ සාමාර්ථයක් එක්ක උසස් පෙළ හොඳින් සමත් වුණා.මන් හිතුවට වැඩ හොද සමර්ථ ගන්න පුළුවන් වුනා.

ඔබ දැන් වගේම ඒ කලෙත් බොහොම සුන්දර ලස්සන තරුණියක් වෙන්න ඇති කොහොමද ඒ කලේ පිරිමි ළමුන්ගෙන් ලැබුන ප්‍රතිචාර එහෙම.මෙහෙමයි. මම ගෙදරින් ඉස්කෝලෙට, ඉස්කෝලෙන් ගෙදරට ආපු කෙනෙක්. ටියුෂන් වුණත් කළේ ගුරුවරු ගෙදරට ගෙන්වලා. මම බාහිර සමාජයට තනියම ගියේ නැ. පිරිමි ළමයි හම්බවුණේ දහම් පාසලේදී. ඊට පස්සේ පිරිමි ළමයින් හමු වුණේ ස්ටැෆර්ඩ් ජාත්‍යන්තර පාසලේදී. ඉතින් එහෙම ආදරේ කරන්න කෙනෙක් නම් හිටියේ නැ .කොයි දහම් පාසලටද ගියේ.එංගලන්තේ ඔබ ඉගෙනගත් විශ්වවිද්‍යාලය කුමක්ද.කෙන්ට් විශ්වවිද්‍යාලයේ. එය තියෙන්නේ ලන්ඩන් ඉඳන් පැය එකහමාරක විතර දුරින්. මගේ වි​ශ්වවිද්‍යාලය කිට්ටුව තමයි කැන්ටබරි දෙව් මැදුර තියෙන්නේ. ඒක හරි ලස්සන ප්‍රදේශයක්. මන් එහෙට හරි කැමති නමුත් සිතල තමා දරාගන්න අමාරු.කෙන්ට් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හමාර කිරීමෙන් පස්සේ ​මොකද කළේ.

මගේ අම්මගේ ආසාව මන් ලංකාවේ නීති විද්‍යාලයේ ඉගෙන ගන්නවට ඉතින් මන් ලංකාවට ආවා. විදෙස් උපාධියක් තියෙන නිසා මම කැමැති නම් නීති විද්‍යාලයේ වසර තුනක විභාග වසර එකහමාරකින් කරන්න පුළුවන්කම තිබුණා. මම මහන්සිවෙලා වසර එකහමාරකින් ඒ විභාග අවසන් කළා. නීති විද්‍යාලයේ පන්තිවලට යන එක අනිවාර්ය කරලා තිබුණේ නැති නිසා මම ගෙදර ඉඳලා පාඩම් කරලා තමයි ඒ විභාග සමත් වුණේ. ඊට පස්සේ දෙදහස් එකොළහේ දෙසැම්බර් මාසේ මම ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරියක් විදිහට දිවුරුම් දුන්නා. ඔබ රාජ්‍ය සේවයට එන්න තීරණය කළේ ඇයි.මගේ අම්මගේ කැමැත්ත වුනේ එක, එයාගේ ලොකුම හීනෙ ඉෂ්ටකරන එක තම මගේ ලොකුම බලපොර්ත්තුව වෙලා තිබුනේ ඉතින් මට දැනගන්න ලැබුණා මෙහි සිවිල් සහ අපරාධ ලෙස ප්‍රධාන අංශ දෙකක් තියෙන බව. අනෙක් අතට මට වැටහුණා නීතිපතිවරයා යටතේ රජයේ අධිනීතිඥවරියක් ලෙස කටයුතු කිරීම ලේසියෙන් කෙනෙකුට නොලැබෙන බො​හෝම ගරු ගාම්භීර රැකියාවක් කියලා. ඉතින් දෙදහස් දහතුනේදී නීතිපති දෙපාර්තමේන්තුවට අධිනීතිඥවරු බඳවා ගන්න ගැසට් පත්‍රය නිකුත් කළහම මම එයට අයැදුම් කරලා සම්මුඛ පරීක්ෂණ දෙකෙන්ම සමත්වෙලා රජයේ අධිනීතිඥවරියක් ලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයට එක්වුණා. එහෙම ස්ථීර සේවයට එන්න කලින් වසර දෙකක් පමණ නීතිපති දෙපාර්තමේන්තුවේ ආගමන සහ විගමන අංශයේ නීතිඥවරියක් ලෙස තාවකාලික පදනම මත සේවය කළා.

ඔබට කොළඹින් පිටතට යන්න වුනේ නැද්ද. ඔව් යන්න නම් වුනා, හලාවත, මාතර, කෑගල්ල සහ ගම්පහ මහාධිකරණවල මම අපරාධ නඩු කටයුතු මෙහෙයවූවා. පිට කියල නැ මන් හැම තැනදීම මගේ සේවය හරියට කලා.ඔබ කොළඹට අවේ. කොයි කාලෙද.මන් අවේ දෙදහස් දහහත අවුරුද්දේදි. කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයට ආවේ. නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ අංශය යටතේ වෙනම ඒකකයක් තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ අපරාධ නඩු ​මෙහෙයවන්න. එතකොට දප්පුල ද ලිවේරා මහතා අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයෙක්. දෙදහස් දහහතේ ජනවාරි ඉඳලා දෙසැම්බර් වෙනකම් මම දප්පුල ද ලිවේරා මහතාගේ අධීක්ෂණය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණ රාජකාරි කළා.නීතිපති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය සම්බන්ධීකරණ රාජකාරිය ලබුනු හැටි ගැන දැනගන්න කැමති.දහනව වෙනි සං​​​ශෝධනයෙන් ගෙනාපු තොරතුරු දැනගැනීමේ පනතටත් නීති පති තුමා බොහෝ කැමැතියි. විනිවිදභාවය, වගවීම සහ සංවේදීබව කියන සංකල්ප තුන ඔහු නීතිපති දෙපාර්තමේන්තුවට හදුන්වා දුන්නා. මහජනතාවට දැනගත යුතු කරුණු කොහොමද ජනතාව අතරට බෙදාහරින්නේ කියලා නීතිපතිතුමා කල්පනා කරන්න ඇති. එතකොට තමයි අපි කරන දේවල් ජනතාව අතරට යන්නේ. එතැනදි තමයි ‘නීතිපති සම්බන්ධීකරණ නිලධාරී’ කියන තනතුර නීතිපතිතුමා විසින් ඇති කළේ. එයට ඔහුගේ තෝරා ගැනීම වුණේ මාව. මම වැඩකරන ක්‍රමවත් බව, පිළිවෙළ එයට බලපාන්න ඇති කියලා මම හිතනවා. වත්මන් නීතිපතිතුමා යටතේ නීතිපති දෙපාර්තමේන්තුව මහජන විශ්වාසය දිනාගෙන තියෙනවා. එහි කොටස්කාරියක් වෙන්න ලැබීම ගැන මටත් නිහතමානී සතුටක් තියෙනවා.මන් මගේ රාජකාරිය හරියට කරනවා.

මාධ්‍ය සමග ගනුදෙනුව කොහොමද.ඇත්තටම හරිම සතුටෙන් මන් මගේ රාජකාරිය කරනවා. හැමෝම මට ලොකු සහයෝගයක් දෙනවා. ඒ වගේම නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනියට අමතරව මම කොළඔ මහාධිකරණ අංක එකෙහි පැමිණිල්ල මෙහෙය වන රජයේ ප්‍රධාන අධිනීතිඥවරිය ලෙස කටයුතු කරනවා. තව ද ජනාධිපති අතිරේක ලේකම් නීති වශයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයෙත් වැඩ කටයුතු වල නිරත වෙනවා.ඔබේ රාජකාරී සමඟ ඔබට විවේකයක් තිබෙනවද.ඇත්තටම විවේකය නම් ගොඩාක් අඩුයි බැරෑරුම් රාජකාරියත් එක්ක මගේ ජීවිතේ යම් රාමුවකට කොටුවෙලා තම තියෙන්නේ. හැබැයි මගේ රාජකාරි හරියට කරලා මම ලබන්නේ විශාල තෘප්තියක්.යාළුවෝ සහ නන්ද මාලිනි මහත්මිය ඔබට හමු වුනේ නැද්ද.ඉස්කෝලේ යාළුවෝ නම් නිතර හමුවෙනවා අඩුයි. නන්ද මාලිනි මහත්මිය නම් මට නිතර හමු වෙනවා.දන් ඔබේ වයස හරි නේද විවහා වෙන්න එහෙම අදහසක් නැද්ද.තාම නම් නැ. ඉදිරියේදී මන් ඒ ගැන පවසන්නම්.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *