වික්ටෝරියා වේල්ල පුපුරන්න විනාඩි ගානක් තිබියදී අඩි 50ට වැඩිය ගැබුරට ගිහින් වේල්ල බේරු අපේ රටේ අයියයි මල්ලි

article

වික්ටෝරියා ජලාශයේ වාන් දාන දර්ශනය බොහොම සුන්දර එකක් නමුත් මේ සුන්දර ජලාශය රැකගන්නට සහෝදරයන් දෙදෙනෙකු ජිවිත පරදුවට තබා කරපු වික්‍රමයක් ගැනයි අපි අද ඔබට කියන්න යන්නේ.මේ සිදු වීම සිදුවන්නේ 1984 වර්ෂයේදී ඉංජිනේරුවන් මේ ජලාශය නිර්මාණය කලේ වතුර පිරෙනකොට වැඩි ජලය ස්වයන්ක්‍රියව ඉවත් වන ආකාරයෙන් මේ විදිහට නිර්මාණය කරපු වික්ටෝරියා ජලශේ වතුර පිරෙන්න ගත්තා.ටිකෙන් ටික ජලාශයේ වතුර රදවා ගන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙනකොට ඉංජිනේරුවන් බලාපොරොත්තු වුන විදිහට අර දොරවල් ස්වයන්ක්‍රියව විවුර්ත වුනේ නැ.ජලාශය රැකගන්න නම් මේ දොරටු විවුර්ත විය යුතුයි. මේ මහා ජල කඳ ඒ අතරේ ටිකෙන් ටික වැඩි වෙමින් පැවතුනා.මේ දොරටුව තිබ්බේ ජලාශයේ බැම්මේ පහල කොටසෙයි. ඒ කියන්නේ මේ මහා ජල කඳ ඇතුලේ අඩි 50 පමණ ගැබුරෙන්. ඒ වගේ ගැබුරු ජලයක කිමිදීම කියන්නේ ඉතා අසීරු කාර්යක් ව්‍යාපෘතිය බාර ඉන්ජිනේරුව ඒ වෙලාවේ හිටියේ කිසිදෙයක් කර කියා ගන්න බැරුවයි.

මේ බයානක අවස්ථාවේදී ඒ ජලය යටට් කිමිදිලා එම දොරවල් විවුර්ථ කිරීම බර ගත්තේ අපේ රටේ කිමිදුම් කරුවන් දෙදෙනෙක් ඔවුන් දෙදෙනා තාමයි ආරියසිල වික්‍රමනායක සහ රුවන් වික්‍රමනායක.කියන වීර සහෝදරයන් දෙන්නා මේ කිමිදීම ජීවිතයත් දිවි තොර වීමත් අතර කාරණයක් කියල ඔවුන් දෙදෙනා හොදින්ම දැනගෙන හිටියා. මොකද මේ වගේ ගැබුරකට ඔවුන් මිට කලින් ගිහින් නැ ජලය ගැබුරට අඩි 33 යනකොට ජලය පීඩනය වැඩි වෙනවා. මේ අඩි 400 ගබුරේ ඔවුන්ට රැදී සිටින්න තිබුනේ විනාඩි 7 පමණයි. එම වෙලාවේ ඔවුන්ට බාර දුන්න රාජකාරිය ඉවර කල යුතුයි.කිමිදුම් කරුවන් දිය යටට යන විට ඔවුන් ලනුවක් රැගෙන යනවා. එයින් කොනක් ඔවුන් බාර දෙන්නේ ගොඩබිමේ සිටින පුද්ගලයින්ට ඒ විදිහට ලනුව බාර දේනේ වඩාත් විස්වාස වන්ත කෙනෙක්ට ආරියසීල වික්‍රම නායක එය බාර දුන්නේ තමන්ගේ මල්ලිට කිමිදුම් කරුවන් පිටතට සංඥා දෙන්නේ මේ කඹය හරහායි. ආරියසීල කිමිදෙන්න කලින් රුවන්ට මෙහෙම කියනවා.මල්ලි මන් පතුලට ගියාම සංඥාවක් දෙන්නම්. මන් ලනුව දෙපාරක් ගැස්සුවොත් ඔයාලා මාව උඩට ගන්න. ලනුවෙන් සංඥා දෙන එක නැවතුනොත් ඔයාලා කවුරුත් මාව හොයාගෙන පහලට එන්න එපා.එහෙම වුනොත් අපි දෙන්නටම වෙන්නේ එකම ඉරණම

ඒ විදිහට සංඥා නතර වුනොත් ඔයා ගෙදර යන්න ඉතින් තමන්ගේ සහෝදරයා මෙහෙම කියනකොට දැනෙන තත්වේ ඔයාලට හිතාගන පුළුවන් නේද ඉතින් ඔන්න ඔය විදිහට අරියසිලි කිමිදෙන්න පටන් ගත්තා ඔහුගේ කඹය හරහා ලැබුණු සංඥා මගින් ඔහු හොදින් ඇති බව ඔවුන් දැනගත්තා. අරියසිලි පතුලටම කිමිදිලා බැලුවේ මේ දොරටුවේ ගහක් වැනි දෙයක් හිර වෙලා තිබෙනවද කියා නමුත් මේ ජලය පතුලේ අදුර නිසා අරියසිලිට මොකුත් පෙනුනේ නෑ . එත් එක්කම ඔහුට තිබු ගැටලුව තමයි ඇදන් හිටපු කිමිදුම් ඇදුම බර වැඩි වීම ඒ වෙලාවේ අරියසිලිට හිස පැලෙන්න එනවා වගේ දැනිල තියනවා.මේ විදිහට අරියසිලිට තුන් වතාවක් කිමිදෙන්න සිදු වෙනවා තමන්ගේ කාරිය ඉටු කිරීමට. ඔහු දෙවන වර කිමිදෙනකොට සැලැස්මක් ඇතුවයි කිමිදෙන්නේ දොර විවුර්ත කිරීමට ඔහු කොක්කක් රැගෙන ගියාය.නමුත් ඔහුගේ කාර්ය ඉටු කිරීමට ඒ වතාවෙත් නොහැකි විය.

ඔහු පතුලේ කිමිද සිට උඩට පැමිණීමෙන් පසු සුදු ජාතිකයන්ගෙන් නම් කිසිම පැසසුමක් ලැබුනේ නැත.ඔව්න් මේ දෙන්නට සමච්චලේට සිනාසුනා බැරිනම් ගොඩට එන්න කිව්වා මේ අප්‍රසදයන් මැද අරියසිලි තමන්ගේ තුන්වන කිමිදුමට සුදානම් වුනා. ඔහු මේ වතාවේදී උඩ ඉදන් වයර් එක දාන්න යොදාගත්තේ සුදු ජාතිකයන් නෙවයි අපේම රටේ අපේම අයයි. ඉතින් මේ විදිහට දැඩි පීඩනයක් යටතේ අරියසිලි තුන් වන අවස්ථාවේදී සමත් වෙනවා තමන්ගේ කාර්ය ඉටු කරගැනීමට. ඒ අවස්ථාවේදී සුදු ජාතිකයන්ට කර කියා ගන්න දෙයක් නැති වුනා. ඉතින් ආරියසීල සමත් වෙනවා තමන්ගේ ජීවිතය පරදුවට තියලා මේ වික්ටෝරියා ජලාශය සහ එයින් ඇති වෙන්න තිබුණු විශාල ජිවිත හානියක් වලක්වා ගැනීමට. ඉතින් මේ වගේ විරයන්ව අගය කිරීම කෙසේවෙතත් ඔවුන් අපගේ මතකයේ තබා ගැනීමයි වටින්නේ ඉතින් අඩි 50 ගැබුරට ගොස් මෙවන් විරක්රියාවක් කල මේ සහෝදරයන් දෙදෙනාට අපගේ ප්‍රණාමය පුද කල සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *