අයියයි මල්ලි දෙන්නම ලග තියාගෙන අගමැති මහින්ද දරුසුරතල් බලන හැටි

Gossip

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තම පුංචි මුණුපුරන් දෙදෙනා සමඟ සිටින ලස්සන පින්තූර කිහිපයක් සමාජ මාධ්‍ය තුල හුවමාරු වෙමින් පවතිනවා.මෙම ඡායාරූපය ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින්, සිය ඉන්ටර්ග්‍රෑම් ගිණුමට එක් කර තිබුණා.ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂගේ මහතාගේ බිරිඳ වන ලිමිණි දරුවෙකු බිහි කිරීමෙන් අනතුරුව ටික දිනක් නවලෝක රෝහලේ ගත කළා. ඡායාරූපයක් සමාජ මාධය වෙත එක්කළ නාමල් සටහනක්ද ඊට එක්කර තිබුණි.නාමල් හා ලිමිණි දරුවා ඡායාරූප වලසිටිනවා .එසේම හිටපු ජනාධිපති, වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශිරන්ති රාජපක්ෂගේ බාල පුතු වන රෝහිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ වන ටට්‍යානාගේ අලුත් පවුලට නව සාමාජිකයෙකු එකතු උනේ පසුගිය අවුරුද්දේ ඔක්තෝම්බර් 30වනදායි.එසේම රෝහිත රාජපක්‍ෂ විසින් සිය සමාජමාද්‍ය ගිණුමේ පල කර ඇති ඡායාරූපයකට සමාජ ජාලාවන්හි මහත් ප‍්‍රතිචාර ලබෙමින් තිබෙනවා .රෝහිත රාජපක්‍ෂ තම ආදරණිය බිරිද ටට්‍යානා රාජපක්‍ෂ කුඩා දරුවා වඩාගෙන සිටින පින්තූරයක් පල කරමින් සටහනක් පළකර තිබුනා

මහින්ද රාජපක්ෂ කියන්නේ අදවනවිට ලෝකයම හඳුනන පුද්ගලයෙක් 1970 දී බෙලිඅත්ත ආසනය නියෝජනය කරමින් ලාබාලම මන්ත්‍රීවරයා වශයෙන් මුලින්ම පාර්ලිමේන්තුවට පිවිසි මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ අගමැති ලෙස දිවුරුම් දුන්නේ අගෝසතු. 09 උදෑසන 9:32 ට යෙදුනු සුභ මොහොතින් මහා සංඝරත්නයේ පිරිත් සජ්ජායනා මධ්‍යයේ.2004 වර්ෂයේදී විපක්ෂ නායක ධුරයට පත් ඔහු 2005 වසරේ ජනාධිපතිවරණයෙන් ජය ලබමින් මෙරට පස්වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය.තිස් වසරක් පැවැති යුද්ධය නිමා කරමින් මෙරටට සාමය හා නිදහස උදා කරලීමට ජනාධිපතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා ලබා දුන් නායකත්වයයි.පසුව 2019 වර්ෂයේදී පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කිරීමත් සමග යළිත් වරක් අග්‍රාමාත්‍ය ධුරයට මහින්ද රාජපක්ෂ මහතා පත් කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *