දෙවන වරටත් මවක් වෙන්න හදන ලෝකේ හොදම ළමා නිලි සරලා කාරියවසම් ගේ සොදුරු කැදැල්ල

Gossip

සරලා කාරියවසම් ගාල්ල ප්‍රදේශය නිජබිම වූ ශ්‍රී ලාංකික ළමා නිළියකි. සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන සරලා ජාත්‍යන්තරයට ගිය පළමු ශ්‍රී ලාංකික ළමා කලාකාරිනියයි.හොලිවුඩ් හි තරුණ කලාවේදී පදනම විසින් ඇය හට ලොව හොඳම ළමා නිළියට හිමි සම්මානය ලබා දුනි.වෝටර් චිත්‍රපටය කලාපීය ජයග්‍රහණයක් ලෙස සැලකෙන අතර එය චන්ද්‍රන් රත්නම්ගේ ෆිල්ම් ලොකේෂන් සවිසස් ලංකා සමාගමේ සහ ජාතික චිත්‍රපට සංස්ථාවේ සහයෝගයෙන් සම්පූර්ණයෙන්ම ශ්‍රීලංකාවේ රූගත කරන ලද්දකි. ගැහැනු ළමයින් පනස් දෙනෙකු අතරින් මෙම අභියෝගාත්මක චරිතය සඳහා සරලා තෝරගනු ලැබු අතර මෙහෙතා විසින් සම්මුඛ පරික්ෂණය පවත්වන ලදි.රඟපැමට එක්වන විට අවුරුදු අටක තරම් වයසක පසුවුවත් ච්ත්‍රපට යේ ප්‍රධාන චරිතයට පණ පෙවීමට සුදුසු ම පුද්ගලයා ඇය බව ඇගේ රංගනය මගින් සනාථ කර ඇති බව මෙහෙතාගේ මතයයි.

වෝටර් චිත්‍රපටය රඟපැමට පෙර ඇය පාසලේ වේදිකා නාට්‍ය කිහිපයක ම රඟපා ඇති අතර ම මැතක දී පැවැත්වූ සමස්ත ලංකා නර්තන, ගායන සහ කථික තරගවලින් ද ප්‍රථම ස්ථාන දිනා ඇත.ඔස්කා සම්මාන ඇතුළු සම්මාන තිස් දෙකකට නිර්දේශ වුණු මෙම චිත්‍රපටියෙන් පසු සරලාව දක්නට ලැබුණු එකම සිංහල චිත්‍රපටිය වුණේ අබා චිත්‍රපටයයි. නමුත් වැඩිහිටි අවදියේ නම් ඇයව කලාව තුලින් දකින්න ලැබුනේ නැහැ.සමාජ මාධ්‍ය හරහා එක් කරනු ලබන ඡායාරූප ආදියෙන් ඇයව නිතර දැක ගන්න ලැබෙනවා ඉතින් මේ වෙනකොට ඇය පුංචි පුතෙකුගේ ආදරණීය මවක් .ඒ වගේම තමයි ඇය දෙවෙනි වතාවටත් මව් පදවිය ලැබීමට සූදානම් බව දැන ගන්න ලැබෙනවා.ඉතින් අපි ඇයට ඉදිරි වැඩ කටයුතු සඳහා සුභ පතමින් සරලා කාරියවසම්ගේ සොඳුරු කැදැල්ලේ ඡායාරූප කිහිපයක් අපි ඔබට ගෙන එන්න හිතුවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *