ලෝකයේ කොහෙවත් නැති මේවා තියෙන්නේ ඩුබායි වල විතරයි

article

ඩුබායි කියන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේ පිහිටලා තියෙන ප්‍රසිද්ධ තාක්ෂනය සහා නවීනත්වයෙන් පිරුණු ලෝකේ තිබෙන දියුණුම නගරයක් කියලා අපි හැමෝම දන්නවානේ. අඩුබාඩි හැරුණු කොට භූමි ප්‍රමාණයෙන් විශාලතම නගරය වෙන්නෙත් ඩුබායි නගරය තමයි.ඉතින් අද ලෑස්ති වෙන්නේ ඩුබායි වලටම විශේෂ තවත් කරුණු ටිකක් ගැන කතා කරන්න. අපිට අමුතු වුනාට ඩුබායි වල ජිවත් වන අපේ අයට නම් මේවා නිතර නිතර දකින්න ලැබෙනවා ඇති. මෙහෙ ඉදලා එහෙ ගියාම කරකලා අතෑරියා වගේ වෙනවා අමුතුම ලෝකයක් එක එහෙනම් මේ ටික බලන්නකෝ හිතාගන්නවත් බැරි වෙයි.

1. මේ වගේ විශ්වාසවන්ත අශ්වයෙකු මිලදී ගන්න මෙහෙදි පුළුවන්.අශ්වයෙක් කිව්වට මේක බයික් එකක් ලංකාවේ ඉතින් මේවා නැනේ ලෝකේ වෙන කොහෙවත් මේ වගේ එකක් බලාගන්නත් නැහැ.

2.එහෙම නැත්නම් ලෝකයේ විශාලතම වෙලද සැලේදි හිම සපත්තු දාගෙන ඇවිදින්නත් පුළුවන්. හැබැයි මෙහි පිටත උශ්ණත්වය 50°C ක් වෙනවා.මේක ඇතුලේ හිම තියෙන්නේ අමුතුම ලෝකෙකට ගියා වගේ නවසිලන්තේ අයිස්ලන්තේ ගියා වගේ ඩුබායි කිව්වම දන්නවනේ මොන තරම් රස්නේ තියෙන නගරයක්ද කියලා.

3. මෙහෙම ටෙනිස් ක්‍රිඩාංගන දැකලා තියෙනවාද.මේකත් නගරයේ විශාලත්වය ගැන හිතලා තමයි හදලා තියෙන්නේ නගරයේ අලංකරණයටත් මේක උපරිමයෙන් බලපානවා.

4.ඒ වගේම තමයි සල්ලි තියෙන අයටත්. වියදම් කරන්න ක්‍රම ඕනෑ තරම්. උදාහරණයක් විදියට ආහාරයට ගත හැකි මේ රත්තරං අතුරුපස ඩොලර් 1000ක් වෙනවා.සල්ලි කාරයෝ සල්ලි අරන් ලෝකේ වටේ ගිහින් කරන්න දෙයක් නැතුව ලතවෙනවනේ මෙන්න මේක ඒ අයට හොද අවස්තාවක්.රත්ත්‍රන් කළා එන්න තියෙන්නේ.

5.මුදල් නැතිව සිටින අයට මෙහේ සුපිරි වෙළඳසැල්වල නොමිලේ ආහාර රාක්කත් තියෙනවා.ඒ කියන්නේ දුප්පත් අයට. සමහර අය ගෙවල් ඉස්සරහා පලතුරු එළවලු මලු එල්ලලත් තියෙනවලු සල්ලි කියන දේ උපරිමයෙන්ම තියෙන අය තමයි ඉතින් ඩුබායි රටේ ජිවත් වෙන්නේ.

6. සුරතලේට චීටාවෙක් ඇති කිරීම කොහොමද.බඩපපුව රත්වෙනවා නේද ඩුබායි වල මහමාර්ගයේ පවා මේ වගේ දසුන් දැක ගන්න පුළුවන් ඩුබායි වල චීටා විතරක් නෙවේ. කොටියෝ ත් ඉන්නවාලු.ලංකාවේ බල්ලෝ පුසෝ වගේ තම ඉතින්.

7.රත්තරං කියන්නේ ඩුබායි නම් උසස් බව පෙන්වන සංකේතයක් වගේනේ ඩුබායි වල ඉන්න ධනවතුන් තමා මේවා බාවිත කරන්නේ සල්ලි උල්පත් වගේනේ ඔව්න්ට.පුලුවන්නම් තව රත්‍රන් වලින්ම වාහනත් හදනවා ඉතින් මේ රත්‍රන් වාහන තියෙන්නෙත් ඩුබායි වලම තමා.

8.රත්තරං මිලදී ගන්න පුලුවන් ATM යන්ත්‍රයක් ගැන අහලා තියෙනවාද. ඒවා තියෙන්නෙත් ඩුබායි වලම තමයි.ලංකාවේ එහෙම තිබ්බනම් මොනවා වෙයිද හිතාගන්නවත් නැහැ නේද මේක තියෙන්නෙත් ඩුබායි වලම තමා ඉතින්.

9. වීදී සංචාරය සදහා එහේ පොලිසිය භාවිතා කරන්නේ ෆෙරාරි සහ ලැම්බෝගිනි.තව ලංකාවේ දම්මික පෙරේරා මහතා ගෙනල්ල රටේම ප්‍රසිද්දවුණු රෝල්ස් රොයිස් බෙන්ට්ලි මුල්සාන් වගේ වාහනලු එහෙ taxi දුවන්නෙත්.

10. ට්‍රැෆික් වලට කැමති නැත්නම්, ඩුබායි නගරයේ තියෙන අපූරු විසඳුම තමයි මේ.මේක ලෝකේ වෙන කොහෙවත් නැහැ කැමති නැද්ද ඔබේ වාහනෙත් උඩින් අරන් යන්න එහෙනම් මෙන්න ඩුබායි වල තියෙනවා.

11.මේ නගරයේ ගොඩනැගිලි පහල සිට බැලු විට විශ්වාස කරන්නත් බැරි තරම් ඒ වගේම තමයි පහළ විතරක් නෙවේ. ඉහළ සිට බැලුවාමත් එහෙමම තමයි.පිස්සු වගේ නේද ඒ තරම්ම ඒ රට දියුණු වෙලා අපේ ලොක්කෝ අපේ රට දියුණු කරද්දී බැරිය නේද.එහෙනම් අදට ඉවරයි ගිහින් එන්නම් ඔබට සුබ දවසක්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *