ලගදීම කරලියට එන්න හදන නදීෂා හෙමමාලිගේ නැගණිය නිශාදිගේ චයාරුප 11ක්

Gossip

අද අපි ඔබට කියන්න හදන්නේ ලංකාවේ කලාවට අලුතෙන්ම එන්න හදන සුරුපිනියක් ගැන.ඒ තමා ලංකාවේ හිටපු සුරූපී නිලියක් වන නදීෂා හේමමාලි ගේ නැගණිය වන නිශාදි හේමමාලි ගැනයි,ඇය මේ වෙද්දී නිය ආලේපන මද්‍යස්තානයක් පවත්වාගෙන යන බවයි ඇය පවසන්නේ.ඇගේ එකම බලාපොරොත්තුව ලංකාවේ ලොකුම නිය ආලේපන මද්‍යස්තානය තමන්ගේ නමට හදන එක කියලයි.ඉතින් ඇය ගැන විස්තර ටිකක් තමා අද අපි ඔබට ගෙන එන්නට හිතුවේ.නිශාදිව අපිට මේ දවස්වල මුණගැහෙන්නේ විවාහක රූ රැජින තරගයට ඉදිරිපත් වීමත් සමග. මෙතෙක් කලාවට වැඩි කාලයක් නොයොදා පෞද්ගලික ජීවිතයට මුල් තැන දී කටයුතු කළ නිශාදි කියන්නේ අවුරුදු 8ක පුතෙක් ඉන්න අම්මා කෙනෙක්. අක්කා කලාවට සම්බන්ධ වෙලා වසර ගණනාවක් වුණත් නිශාදි කලාවට එන්නේ දැන්, ඒ ගැන වගේම තව විස්තර බොහොමයක් අපි කතා කළා නිශාදි එක්ක.

නිශාදි කොහොමද ඉතින්.මේ දවස්වල නම් විවාහක රූ රැජින තරගයට ඉදිරිපත් වෙලා ඉන්න නිසා ඒ වෙනුවෙන් වැඩි කාලයක් යොදවලා තියෙන්නේ.රඟපාන්න ආරාධනා නැද්ද,ආරාධනා බොහොමයක් ඇවිත් තියෙනවා. කාලයත් එක්ක හොඳ නිර්මාණ කිහිපයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම මම උත්සහ කරනවා යම් හැදෑරීමක් එක්ක නිර්මාණ භාර ගන්න.කලාවට සම්බන්ධ වෙන්න මේ තරම් පරක්කු වුණේ ඇයි.මගේ ලොකු අක්කා නදීශා. ඉතින් මම එයා එක්ක රූපවාහිනී වෙළෙඳ දැන්වීමක් තුළින් තමා මුලින්ම කලාවට එන්නේ. නමුත් දිගටම කලා කටයුතුවල නියැළෙන්න ඒ තරම් මගේ කැමැත්තක් තිබ්බේ නැහැ. මම ටිකක් බයයි. අනිත් එක අක්කා කැමති වුණේ නැහැ මම ක්ෂේත්‍රයට එනවට. මොකද එයා මට පුදුම විදියට ආදරය කරනවා. ඒ නිසා එයා මාව ගොඩක් හංගගෙන පරිසම් කළා කිව්වොත් හරි.එතකොට අක්කා දැන් මොකද කියන්නේ.දැන් වුණත් කියන්නේ තෝරාබේරාගෙන කරන්න කියලා.නිර්මාණ භාර ගන්න අක්කගේ අවසරය ලැබෙන්න ඕනේ ද.මම අක්කාගෙන් අහනවා ඉතින්. මොකද මට වඩා දැනුමක් අක්කට තියෙන නිසා. දැන් ඉතින් මමත් විවාහ වෙලා. මගේ මහත්තයා මගේ හැම වැඩකදීම මා එක්ක ඉන්නවා. ඒ දේවල් එක්ක ඉතින් අක්කා කියන්නේ මහත්තයාගේ අවසරයත් ඇතුව පවුල් ජීවිතයට හානියක් නොවන විදියට ලැබෙන කලා නිර්මාණ භාර ගන්න කියලා.ඉතින් ඒ වගේ දේවල් තමයි අපට ඇගෙන් දැනගන්න ලැබුනේ,ඒ වගේමයි අපි ඇගේ සුන්දර චයාරුප පෙලකුත් ඔබට ගෙනෙන්නට හිතුවා.

1 2 3 4 5 6 7 8 9 10 11

Leave a Reply

Your email address will not be published. Required fields are marked *