කෙල්ලෙක් නිසා මම අම්මගේ උකුලේ ඔලුව තියාගෙන ඇඩුවා අද රටම දන්නා තඩියා මම

Life Story

‌මගේ තාත්ත රුපියල් තුන්සීයක් අරගෙන මීගමුවට ආපු කොල්ලෙක්. එයා මාරම විදියට දුක් වින්දා. එයා විඳපු දුක කවදාවත් අපිට විඳින්න දුන්නේ නෑ. සැපට හැදිච්ච කොල්ලෙක් කිව්වොත් හරි. මට දුක කියන දේ කවදාවත් එයා දැනෙන්න දුන්නේ නෑ ගෙදර. ඒ තරම් එයා විදපු දුක විද දරාගෙන අපිට සැප දුන්නා ඉතින් අද මම රටම දන්නා වස්ති wasthi production එකේ පාට්නර් කෙනෙක්. මාගේ තාත්තා මේ ලගදි රෙස්ටුරන්ට් එකක් දැම්මා. මම ඒකෙන් පඩියක්වත් ගන්නෙ නැතුව තාත්තට උදව් කරගෙන ඉන්නවා. මොකද අපිට කිසිම දුකක් නොදීපු තාත්තාට අපි උදව් කරන්න ඕනේ මේ හැමදේම එයා කරන්නේ අපි වෙනුවෙන් හින්දා එයා සැප හෙව්වානම් අද අපි මෙතන ඉන්නේ නැහැ.මට පෙම්වතියක් හිටියා. එයා වස්ති එකේ සින්දුවකත් හිටියා. මම නමවත් කියන්න ආස නෑ ඇත්තටම. ඉස්සෙල්ලම පෙමින් බැදිච්ච මාර විදියට හිතට අරගෙන සිරා කරපු පලවෙනි ලවු එක මගේ.හරි බොළඳ කතාවලඳ කතාවක් ඒක. මම යාළු වුණා. මගේ අතේ සතයක්වත් තිබුණේ නෑ. මම එතකොට ගුවන් යානා නඩත්තු කරන්න ඩිප්ලෝමා එකක් කරන්න පටන් අරන් තිබුනේ. diploma එක කරන්න කොළඹ යන්න හරි පොඩි ගානක් තමයි මම ගෙදරින් ඉල්ල ගත්තෙ. බස් එකේ ගියාට පස්සේ වතුර බෝතලයක් ගන්නවත් මට සල්ලි ඉතුරු වෙන්නේ නෑ.

එහෙම තිබුණ කාලෙක තමයි මම එයත් එක්ක යාලු වුනේ. ඒත් ඉතින් මම කොහොම හරි ගිහිල්ලා හම්බ වෙනවා. ඒත් කොහොම හරි මෙයා මට වඩා සල්ලි තියෙන කෙනෙක් එක්ක යාළු වෙලා. මට කිව්වේ වත් නෑ. මමත් ඒක පස්සේ දැනගත්තේ. පස්සේ මට ගෙදර ගිහිල්ලා හෙන අවුල්. මෙහෙම දෙයක් වුණ පළවෙනි වතාව. මම එංගලන්තේ ඉඳලත් සුද්දියෙක් එක්කවත් යාළු වෙන්න හිතිලා නෑ මට. දවසක ලංකාවේ එක්කෙනෙක් තමයි බඳින්නේ කියලා හිතාගෙන එහෙම තැනක තමයි මම හිටියේ. පස්සේ මම ගෙදර ඇවිල්ලා අම්මට කියලා අම්මාගේ උකුලෙන් ඔලුව තියාගෙන මම ඇඩුවා පොඩි එකෙක් වගේ. අම්මා කිව්වා එයා ගිහින් කතා කරන්නම් කියලා. පස්සේ මම නෑ නෑ ඕනෙ නෑ කියලා අම්මව නවත්ත ගත්තා. එදා මම එයාව අමතකම කරලා දැන්මා.ඊට පස්සේ තව කෙල්ලෙක් එක්ක යාළු වුණා. හැබැයි එයා මට සතයක්වත් නැති කාලෙදි මාත් එක්ක හිටියා. ඊට පස්සේ හැම දේම ලැබිලා ඔක්කොම හරි ගියාම එයා තවමත් ඉන්නවා.මම දවසක බදින්නේ එයාව. මට බැරි කාලේ ඉඳපු කෙනා මට තියෙන කාලෙත් ඉන්නවනම් මට මගේ ජීවිතේ දිගටම කරගෙන යන්න පුළුවන්.කවදාවත් මම එයාව අමතක කරන්නේ නැහැ මොකද මම වගේ දුප්පත් කොල්ලෙක්ට එයා එයාගේ ජීවිතේම දුන්න ඒ දීපු ජිවිතේ මම ආදරෙන් බලාගන්න ඕනේ.මගේ ආගම බෞද්ධ අම්මා කතෝලික තාත්තා බෞද්ධ අපි ආගම් දෙකම අදහනවා.

මට තඩියා කියලා නම දැම්මේ නුගේගොඩ එක්කෙනෙක් ම තමයි. ඔයා මගේ යාළුවෙක්. මම ගොඩක් size හින්දා. ඒ නම කියද්දි මට හින අවුල්. පොඩි කාලේ ඉඳන්ම මම මහතයි. සමහර දවස්වල මම මගේ යාලුවෝ ඉස්සරහත් අඩලා තියෙනවා මට තඩියා කියන්න එපා කියලා. අවුරුදු 25, 26 කාලවලදිත් මම අඩලා තියෙනවා මට ඇඬෙනවා තඩියා කියන්න එපා කියලා. මම මගේ යාළුවොන්ටත් කියලා තියෙන මට එහෙම කියන්න එපා කියලා . හැබැයි දැන් මට කවුරුහරි තඩියා කිව්වේ නැත්නම් මට එතන ලොකු අවුලක් තියෙනවා. එතකොට ආ මේ වස්ති එකේ තඩියා කියලා මාව දන්නෙ නෑ කියලා තමයි මම හිතන්නේ. අද වෙද්දී මේ තඩියාව රටම දන්නවා අතීතය මොකක් උනත් අපි දැනගන්න ඕනේ අනාගතය හදාගන්න.ඉතින් මේ වසති එකේ තඩියාගේ කතාව අපි හැමෝටම මේ වගේ දුක්බර අතීතයක් තියෙනවා මොකද අපි හැමෝම උපතින්ම සල්ලි කාරයෝ නොවෙන හින්දා අතීතයේ අපි දුක් වින්දත් අනාගතේ අපි දුක් විදින්න බැහැ එක නිසා අපි මහන්සි වෙන්න ඕනේ එක තම අපිට අපේ ජිවිතේ ලස්සන කරගන්න තියෙන ලොකුම දේ සල්ලි හොයන්න මහන්සි වෙන්න ඕනේ මහන්සි නොවී සල්ලි හොයන්නත් බැනේ.මේ කතාවෙන් ඔබේ ජීවිතයටත් ගන්න ගොඩාක් දේවල් තියෙනවා කියවලාම බලල තීරණය කරන්න මහන්සි වෙන්න සල්ලි හොයන්න දියුණු වෙන්න එහෙනම් ගිහින් එන්නම්.

1. 2. 3. 4.5. 6. 7. 8.9. 10. 11. 12. 13. 14 15 16 17. 18. 19 20.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *