අවුරුදු 9 නාසා ආයතනයේ තානාපතිවරයා වුනු ලංකාවේ මේඝ මහීම පුංචි පුතා

Life Story

අපගේ ග්‍රහලෝකයට ආසන්නයේ පිහිටි “Bennu” ග්‍රාහකයේ සිට අද්‍යනය සදහා නියැදි යළි පොළොවට ගෙන රැගෙන එන නාසා ආයතනයේ OSIRISS-REX මෙහෙයුමට දනට සම්බන්ද වී සිටින ළාබාලම සාමාජිකයා පිළීබදවයි මේ කියන්න හදන්නෙ.ඔහු මේඝ මහීම විජේවර්ධන, ඔහු දැනට මව සහ පියා සමග ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙනවා. මේ පොඩිත්තා දැනට නාසා ආයතනයේ ඔස්ට්‍රේලියාව නියෝජනය කරන ළාබාලතම අභ්‍යවකාශ ව්‍යාපෘති තානාපතිවරයා වෙනවා.මගේ ආසාව ඇති වෙලා කාලයක් ගත වෙනවා. මගේ අරමුණ කවදා හෝ නාසා ආයතනයේ රොකට් පිළිබද විද්‍යාංඥයෙකු වීම” මේඝ ඔහු ගේ අනාගත බලාපොරොත්තු සම්බන්දව දක්වන්නේ ඒ වගේ අදහසක්.ඔහු ගේ අරමුන කවදා හෝ නාසා ආයතනයට සේවය කිරීමයි” මේඝ ගේ දමව්පියන් ඔහු ට අවශය සියලුම සහයෝගය දක්වනවා.

2023 වසරේ දී “Bennu” හි මුල් ම සාම්පලය පොළොවට ගෙනෙමින් කෙරෙන මේ මෙහෙයුමේ ඕස්ට්‍රේලියානු සන්නිවේදන කටයුතු භාරව සිටිමින් ව්‍යාපෘතියේ යාවත්කාලින පුවත් ජනතාවට ලබා දීමත් මෙහෙයුමට සම්බන්ද පුහුණු හා සන්නිවේදන අංශයේ සම්බන්දීකරණ කටයුතු කිරීමත් පැවරී තිබෙන්නේ කුඩා මේඝට යි.මම කවදාවත් ඉගන ගන්න එක නවත්තන්නේ නෑ. ඒ නිසා ම මම දිගටම ඒවා පිළිබදව සොයමින් අභ්‍යාවකාශ විෂයන් පිළිබදව සොයා බලනවා”බයිබලයේ එන ලෝකය මැවූ කතාව කෙරෙහි ඔහුට ඇති වූ කුතුහලය ඔහු ව නව විද්‍යාත්මක සොයාගැනීම කෙරෙහි ඔහු ව යොමු කළ බවයි ඔහු කියන්නේ.ඔබට ඇත්තටම සිහින සැබෑ කර ගැනීමට අවශ්‍ය නම් ඔබ අවශ්‍යතාව නිර්මාණය කර ගත යුතු යි” මේ පොඩ්ඩා අප සෑට දුන් ආදර්ශය එයයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *