මොනෑෂ් නගර සභාවට ගිය ලංකාවේ කෙල්ල අන්ජලී සිල්වා ගැනයි මේ කියන්න හදන්නේ

article

මොනෑෂ් නගර සභාවට ගිය ලංකාවේ කෙල්ල අන්ජලී සිල්වා මේ කියන්න හදන්නේ ලංකාවේ තවත් වීර කෙල්ලෙක් ගැන විවිධ ක්ෂේත්‍රය නියෝජනය වන පරිදි ලොව ජයගත් ලාංකිකයින් හා ලාංකික සම්භවයක් සහිත පුද්ගලයින් අතලොස්සට එක්වූ තවත් අයෙකු ගැන ගෙවී ගිය සතියේදී ලාංකිකයන් බොහෝ දෙනෙකුට ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ අසන්නට ලැබුනා.ඇය නමින් අංජලී ද සිල්වා මේ අන්ජලිගේ කතාවතවමත් තුරුණු වියේ පසුවන අංජලී මෙනෙවිය උපතින් ලාංකික සම්භවයකින් පැවත එන්නියකි. ශ්‍රී ලාංකේය මාධ්‍ය ක්ෂේත්‍රයේ සලකුණු තැබූ කීර්තිමත් මාධ්‍ය පරම්පරාවක් වූ මීමන ප්‍රේමතිලකයන්ගේ පරපුරේ තෙවැනි පරපුර ඇය නියෝජනය කරයි. අංජලී ද සිල්වා මෙනවිය මෙරට පුවත්පත් කලාවේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කතුවරයෙකු, මාධ්‍යවේදියෙකු, ප්‍රවීණ කවියෙකු සහ සිළුමිණ පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ ආභාවප්‍රාප්ත මීමන ප්‍රේමතිලක මහතාගේ මිණිබිරිය වේනවා

නීතිඥවරියක වන අංජලී ද සිල්වා ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ සඳහා පැවති පළාත් පාලන මැතිවරණයේදී මොනෑෂ් නගර සභාව සඳහා මන්ත්‍රීවරියක ලෙස ඉකුත්දා තේරී පත් වූවාය. අංජලී ද සිල්වා මොනෑෂ් නගර සභාවට තේරී පත්ව ඇත්තේ එරට හරිත පක්ෂයෙන් වන අතර ඇය ඉදිරි සිව්වසරක කාලයේදී මොනෑෂ් නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක ලෙස කටයුතු කරනු ඇත. එසේම ඇය වික්ටෝරියා ප්‍රාන්තයේ පළාත් පාලන ආයතනයකට මන්ත්‍රීවරියක ලෙස තේරී පත්වූ ලාංකික සම්භවයකින් යුතු පළමු පුද්ගලයා ද වෙයි.වරලත් සිවිල් ඉංජිනේරුවරුන් වූ ආචාර්ය සමන් ද සිල්වා සහ මිහිරි ප්‍රේමතිලක යුවළගේ වැඩිමහල් දියණිය වන අංජලී, සිය බාල සොයුරිය වන සරනි සහ මව්පියන් සමග ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇත්තේ සිව්හැවිරිදි වියේදීය. ඉන් පසුව එරටින් සිය පාසල් අධ්‍යාපනය ලබා ගත් අංජලී උසස් අධ්‍යාපන සඳහා මෙල්බර්න් විශ්වවිද්‍යාලයට ඇතුළත් වූවාය. එම විශ්ව විද්‍යාලයෙන්ම නීතිය සදහා පළමු පන්තියේ ගෞරව උපාධියක් සහ ජනමාධ්‍ය හා සන්නිවේදනය පිළිබඳ උපාධියක්ද ඇය හිමි කර ගත්තාය.

සිය උසස් අධ්‍යාපන කටයුතුවලින් පසුව ඇය එක්සත් රාජධානියේ ලන්ඩන්, හොංකොං සහ මෙල්බර්න්හි ඉහළ පෙළේ පෞද්ගලික ආයතන කිහිපයක නීතිඥවරියක ලෙස සේවය කළාය. නීතීඥ වෘත්තීයට අමතරව එක්සත් රාජධානියේ සුප්‍රසිද්ධ බාක්ලේස් බැංකුව සහ ස්කොට්ලන්ත රාජකීය බැංකුව වෙනුවෙන් ඇය සිය සේවය ලබා දී ඇත. එහිදී ඇගේ කාර්යභාරයේ කොටසක් ලෙස මොනෑෂ් නගර සභාවේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතා කමිටුවේ සහ බහු සංස්කෘතික උපදේශන කමිටුවේ සාමාජිකාවක ලෙස ඇය කටයුතු කරනු ඇත.

ඇයගේ වෘත්තීය ජීවිතය පුරාවට අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් (විශේෂයෙන්ම ගැහැනු ළමුන් සහ කාන්තාවන්) වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරිය සහ සුවිශේෂී සේවාවන් රැසක් ඉටු කර ඇති තරුණියක ලෙස අංජලී මෙනෙවිය ජාත්‍යන්තරයේ ප්‍රසිද්ධියට පත්ව ඇත. වෙනස් කොට සැලකීමකින් තොරව සියලු දෙනාගේ අවශ්‍යතා ඉටු කරන සාධාරණ සමාජයක් වෙනුවෙන් පෙනී සිටි අයෙකු ලෙසින් ඇය ඕස්ට්‍රේලියානු සමාජයේ ජනප්‍රියව සිටින්නීය.අපිත් අපේ රටේ නම ලෝකෙට ගෙනියන ඇයට අපේ හදවතින්ම සුබපතමු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *