රෝස් චිකන් පලුවයි බිම බෝතලෙකුයි නැතුව පාසල් නොගිය සුරූපී නිලි කාවින්ද්‍යා දුල්ශානි

Gossip

කාවින්ද්‍යා දුල්ශානි කියන්නේ ඉතාම අඩු කාලෙකින් විශාල ජනප්‍රියත්වයක් ලැබූ කෙනෙක් ලෙස හදුන්වා දෙන්න පුළුවන්.කලාවට ඇවිත් තවමත් ලොකු කාලයක් ගතවෙලා නැහැ.ඉතින් ඇය ගැන තමයි අද අපි ඔබට කියන්න හදන්නේ.දගකාර තාරුන්‍යකට හිමිකම් කියන ඇය පුංචි කාලේ සිටම ඉතාම දගකාර චරිතයක් කියලයි ඇයගේ මව පවසන්නේ.සිදූ ටෙලි කතාව හරහා කාලයක් ඔබේ ආලින්දයට පැමිණි කාවින්ද්‍යා මේ වෙද්දී ටෙලි කතා රැසකටම රංගනයෙන් දායක වෙනවා.ඒ වගේමයි ඇය පවසන්නේ ලගදීම ඇය රංගනයෙන් දායකවන චිත්‍රපටයක්ද ප්‍රේක්ෂකයින්ට දැකබලා ගන්න හැකියාව ලැබෙන බවයි.

ඉතින් පාසල් කාලේ ඇගේ වැඩ ගැන ඇගේ මව පවසන්නේ මෙවැනි දෙයක්. නර්තනයට ඇය ඉතාම දක්ෂයිලු ඒ වගේම ක්‍රීඩාවටත් දක්ෂකමක් ඇය තුල තිබුනා කියලයි මව පවසන්නේ.ඒ වගේමයි හැමදාම පාසල් යද්දී කාවින්ද්‍යාට අනිවාරෙන්ම රෝස් චිකන් පලුවයි බිම බෝතලෙකුයි දෙන්න ඕනෙලු නැත්තන් ඇය පාසල් වැන් එකට නගින්නේවත් නැතිලු ඉතින් එම නිසාම ඇගේ අම්මා ඇයට මේවා අරන් දෙනවාලු.පාසලේදීත් හරිම දග චරිතයක්ලු ගැහැණු ළමයින්ට වගේම පිරිමි ළමයින්ටත් කාවින්ද්‍යා ගහලත් තියෙනවලු පාසලට යන හැමදවසේම මොකක් හරි වලියක් දගේනලු,එයා ඒ තරමට දග නිසා පාසලෙන් අයින්කරගෙන දොම්පේ දේවි බාලිකා පාසලට දැන්මාලු.දැන්නම් ඒ තරමට දග වැඩ නැති උනාට අදටත් නංගිලා සමග නම් වලි දාගන්නවලු.මේ වෙද්දී කාවින්ද්‍යා ට වයස අවුරුදු 25ක් වෙනවා.කරාටි වලටත් එයා හරි දක්ෂයි.

මේ වෙද්දී එයා හරිම දක්ෂයි රංගනය නිසා එයාට උසස්පෙළ විභාගයත් කරන්න වෙන්නේ නැහැ එයා දක්ෂ නිසා එයාට කලාවෙන් යන්න ඉඩදෙන්න කියලා නෙතලි නානාක්කාර රංගන ශිල්පිනිය තමා කිවුවේ,එම නිසා අපි එයාට ඉඩදුන්නා එයා දැන් හරි ප්‍රසිද්දයි වගේම ජනප්‍රියයි.අපිටත් දැන් සතුටුයි එයා ඉන්න තැන එක්ක බලද්දී,එයා නම් කියන්නේ කවදා හරි කලාවෙන් ඉහලම නමක් දිනාගන්න ඉහලටම යන්න ඕනේ කියලා.ඉතින් එහෙම තමයි මේ සුරූපී දගකාර නිළිය කාවින්ද්‍යා දුල්ශානි ගැන ඇයගේ මව පැවසුවේ,ඉතින් අපි හිතුවා මේ රංගන ශිල්පිනියගේ විස්තර වගේම චයාරුප පෙලකුත් ඔබට ගෙනෙන්නට.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *