ලංකාවේ ලොකුම මාද්‍ය ජාලයේ හිමිකරු විවහා කරගත් සංගීතා ගෙවන සැප ජිවිතේ චයාරුප 25ක්

Life Story

සංගීතා වීරරත්න කියන්නේ අපේ රටේ සිනමාව වෙනම අතකට පෙරළු දක්ෂ ප්‍රවීන රංගන ශිල්පිනියක්. ඇය උපත ලැබුවේ 1973 දෙසැම්බර් 13 වන දිනයි. වයස අවුරුදු 16දී, එනම් 1990 වසරේදී ඇය රෝයි ද සිල්වා මහතාගේ ඉට්’ස් අ මැටර් ඔෆ් ටයිම් චිත්‍රපටියේ රඟපාමින් මුල්ම වරට ශ්‍රී ලාංකික රිදී තිරයට පිවිසුනාය. පසුව 1993 වසරේදී කමල් අද්දරාරච්චි සමග රඟපෑ එච්. ඩී. ප්‍රේමරත්න මහතාගේ සප්ත කන්‍යා චිත්‍රපටියෙන්, සංගීතා මෙරට සිනමා ක්ෂේත්‍රය තුල ඉමහත් සාර්ථකත්වයක් හිමිකරගත්තාය. වර්ථමානය වන විටදී, චිත්‍රපටි 50 කට වඩා සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී තිබෙන සංගීතා, ලාංකික සිනමා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් ලෙස හැඳින්විය හැක. ශ්‍රී ලංකා සිනමාව තුල එකල බැබලෙමින් සිටි ජනප්‍රිය තාරකාවන් වූ, මාලිනී ෆොන්සේකා, විජය කුමාරතුංග, සහ ගාමිණී ෆොන්සේකා වැනි දැවැන්තයින් සමග රංගනයේ යෙදීමේ අවස්ථාවද, එහිදී ඇයට හිමිවිය.2001 වසරේ තිරගත වූ, බෙනට් රත්නායක මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද අස්වැසුම චිත්‍රපටියේ සිදුකල විශිෂ්ඨ රංගනය හේතුවෙන්, එම වසරේ සරසවිය සම්මාන උළෙලේදී හොඳම නිලිය සම්මානය සම්මානය දිනාගැනීමට සංගීතාට හැකිවිය. එම සම්මාන උළෙලේම 2001 සිට 2003 වසර දක්වා ජනප්‍රියම නිලිය සම්මානය හිමිකරගත්තේද ඇයයි. ඇගේ රංගන දිවියේ වැදගත්ම චිත්‍රපටි ලෙස සප්ත කන්‍යා, නොමියෙන මිනිසුන්, මාරුතය, දුවට මවක මිස, දොරකඩ මාරාව, කිණිහිරියා මල්, අස්වැසුම, සළෙලු වරම සහ ධීවරී යන චිත්‍රපට හැඳින්විය හැක.ඒ වගේම ඇය විවහා වී සිටින්නේ සියත ටීවී හිමිකරු වන රොෂාන්ත කාරියප්පෙරුම මහතා සමඟයි. ඒ වගේම ඇයට ආදරණිය දියනියකුත් සිටිනවා. ඉතින් අපි අද හිතුවා මේ ප්‍රවීන රංගන ශිල්පිනියගේ කැදැල්ලේ චයාරුප පෙළක් ඔබට ගෙන ඒමට.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *