උපන් ලපේ නිසා කන්ද උදරටදී කදුලින් නිමවූ දස්කොන් ප්‍රමිලා ආදර අන්දරය

article

ලංකා ඉතිහාසයේ ප්‍රකට ප්‍රේම වෘත්තාන්ත අතරින් දස්‌කොන් ප්‍රමිලා පෙම් පුවත කැපී පෙනෙන එකකි මහනුවර රාජධානියේ රජකම හෙබ වූ නරේන්ද්‍රසිංහ රජතුමාගේ අග බිසව වූ ප්‍රමිලා බිසවගේත්, එකල මහා අධිකාරම් ධූරය දැරූ දස්කොන් මහ අධිකාරම් තුමාත් අතර තිබූ අනියම් පෙම් සම්බන්ධතාවය කෙළවර වූයේ දස්කොන් මහ අධිකරම් තුමා හට අවාසනාව අත්කරදෙමිනුයි. මෙම පෙම් පුවතේ අප නොඈසූ කතාවක් ඇත මේ විස්ථරය ඒ ගැනයි විදේශිකයකු වූ දස්‌කොන් හෙවත් දස්‌කොන්ගේ පවුල් පසුබිම පිළිබඳ සොයා බැලීමේදී දෙවන රාජසිංහ රජ දවස (1635-1687) කන්ද උඩරටට පැමිණි ප්‍රංශ ජාතිකයකුට දාව උඩරට විසූ පෘතුගීසී කාන්තාවකට ඔහු උපන් බව ප්‍රකටව පවතින අදහසයි. දස්‌කොන්ගේ පියා ඇතුළු ප්‍රංශ කණ්‌ඩායමක්‌ උඩරටට පැමිණීමට හේතුවූයේ ලන්දේසි විරෝධී සටන් සඳහා ප්‍රංශ සහය ලබාගැනීමට දෙවන රාජසිංහ රජු විසින් කටයුතු කරනු ලැබීමයි.

ප්‍රංශ ජාතික අද්මිරාල් ද ලාහේ නම් නැව්පතියා 1672 දී ලංකාවේ ත්‍රීකුණාමලය ප්‍රදේශයෙන් ලංකාවට ගොඩ බහිනු ලබනවා. එම ගමනේදී අතර මග මුහුදේ දී ඔවුන් හට ලන්දේසීන් සමග සටනකට මුහුණ දීමට සිදුවූවත් එම සටන ජය ගැනීමට අද්මිරාල් ද ලාහේ ඇතුලු කණ්ඩායම සමත් වෙනවා. එකල මහනුවර රාධානීයේ ‍රජකම හෙබ වූ දෙවන රාජසිංහ රජු ලන්දේසීන් එම සටනින් පරාද කල පුවත අසා ඉතා සතුටට පත් ව එම පිරිස හට රජුගේ රාජකීය ආගන්තුක සත්කාර ලබා දීමට කටයුතු කරණු ලබනවා. පේදෲ ගැස්කොන්.එම නැව් කණ්ඩායමේ දෙවන අණ දෙන නිළධාරියා වුණ ගැස්කොන් නැමති නිළධාරියා හා ඔවුගේ බිරිද වුණු පෘතුගීසි කාන්තාවක් වන නෙස්‌ක්‍රිඤ්ඤා සමග මහනුවර නැවතී තම සගයන් නැවත පිටත් කර හරිනු ලබනවා. කාලයාගේ ඇවෑමෙන් ගැස්කොන්ට දාව නෙස්‌ක්‍රිඤ්ඤා පුතෙකු බිහි කරනු ලබනවා. ඔහුගේ නම වන්නේ පේදෲ ගැස්නකාන්. කුඩා කල සිටම පේදෲ ව පිරිවෙන් අධ්‍යාපණයට යොමු කිරීමට ඔහුගේ දෙමාපියන් කටයුතු කරණු ලබනවා.ඔහුගේ වයසේම පසු වූ දෙවැනි රාජසිංහ රජුගේ පුත් ඔටුන්න හිමි නරේන්ද්‍රසිංහ කුමාරයාත් එම පිරිවනේ අධ්‍යාපණය හැදෑරීමට යෙමු කර සිටීම නිසා පේදෲ හා නරේන්ද්‍රසිංහ කුමාරයත් මිතුරන් බවට පත් වනවා.

දෙවන රාජසිංහ රජුගේ අභාවයෙන් පසුව පට්ටිය බණ්ඩාර විසින් නරේන්ද්‍රසිංහ කුමාරයට විරුද්ධව කැරැල්ලක් සංවිධානය කරනුු ලබනවා. එම කැරැල්ල හමුවේ නරේන්ද්‍රසිංහ කුමාරයාට පසු බැසීමට සිදුවනවා.නැවත කැරල්ල සාර්ථක ලෙස මැඩ පැවැත් වූ කුමරු ක්‍රි.ව 1707 දී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ ලෙස රාජ්‍යත්වයට පත්වනවා. එම කැරැල්ලේදී තමාට විශ්වාසවන්ත ලෙස උදව් වූ තම මිත්‍ර පේදෲ ගැස්කොන් හට මහ අධිකාරම් ධුරය පිරිනමනවා. නමුත් ඔහුගේ නම භාවිතයට අපහසු වූ බැවින් දස්කොන් ලෙස වෙනස් කරගනු ලබනවා වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජුගේ ක්‍රියා කලාපය නරේන්ද්‍රසිංහ රජතුමා සෙල්ලක්කාර දිවි පෙවතක් ගත කිරීමට හුරු වී සිටීම නිසා එතුමාව රට වැසියන් අතර ප්‍රචලිත වූයේ සෙල්ලම් නිරිදු යන අනවර්ථ නාමයෙනි. ක්‍රි.ව 1708 දී මධුර පුරයේ නායක්කර් වාංශික රූමත් කුමාරිකාවක් වූ ප්‍රමිලා බිසව සරන පාවා ගත් කුමරු එයින් නොනැවතී සිංහල කුල කාන්තාවන් කිහිප දෙනෙක්වද විවහා කර ගන්නවා. නමුත් අග බිසව වූයේ ප්‍රමිලා දේවියයි.

ඉතින් මේ අතරේ දස්කොන් අධිකාරම් තුමා යි රූමත් ප්‍රමිලා දේවියයි සෑහෙන කුළුපග වෙනවා. දස්කොන් කුඩා කල සිටම කවි ලිවීමට දස්කම් දක්වනවා. ප්‍රමිලා දේවියත් කවි ලිවීමේ නිපුණත්වයට පත් වී සිටීම නිසා දෙදෙනාගේ මිතුරුකම අනියම් පෙමක් දක්වාම දුර දිග ගියා විය හැකී ඒ සබඳතාව තවත් වර්ධනය වීමට මග පෑදුණේ වර්ෂ 1709 දී නව රජුට එරෙහිව පැනනැගුණු කැරැල්ල හේතුවෙනි.රහස් කුමන්ත්‍රණය සිංහල රදල නායකයින් සිටීයදී වෙනත් ජාතිකයකු මහ අධිකාරම් ධූරය දැරීම පිළිබදව එකළ සිටි රදලයින් කැමැත්තෙන් නොසිටි අතර දස්කොන් සහ නරේන්ද්‍රසිංහ රජතුමා භේද බින්න කරවීමට ඔවුන් මාන ලබමින් සිටියා.

පෙම් පලහිලව්ව අසුවීම මේ රහස්‌ සබඳතාව පිළිබඳ සාක්‌ෂි සහිතවම රජුට හෙළිවන්නේ අපූරු අන්දමකටය.
හදිසියේම ප්‍රමිලා බිසව රෝගාතුර වනවා. එයින් සුව වීමට ප්‍රමිලා දේවියට බලි යාගයක් කිරීමට තීරණය කරන අතර එහි සංවිධාන කටයුතු පැවරී තිබුණේ දස්‌කොන් අදිකාරම්ටය. බලි ශාන්තිකර්මය නිවැරදිව සිදු කිරීමට නම් එයට බිසවගේ රූපයක් ‌ මැටියෙන් ඇඹිය යුතුය පසුව බලි ඇදුරන් අඹපු මේ රූපය දුටු දස්කොන් එහි අඩුවක් දකිනවා. ඒ තමයි බිසවගේ රහස් ප්‍රදේශයේ තිබුණු උපන් ලපයක්. ඉතින් ඔහු මේක ඇදුරන් ට කියලා නිවැරදි කරවනවා. පසුව එතැනට පැමිණි රජු එය දැක දැඩි කෝපයට පත්ව එය කළ තැනැත්තා කවුදැයි විමසූ බවත්, බලි ඇඳුරාගේ පිළිතුරෙන් එය සිදුකළේ දස්‌කොන් අදිකාරම් බව පැවසු පසු වහාම දස්කොන්ව සිරගත කරනවා. නමුත් සිරගතව සිටි දස්කොන් තමාගේ නිවැරදි භාවය ඔප්පු කිරිම සදහා කිසිවක් ප්‍රකාශ නොකිරීම නිසා රජතුමා දස්කොන්ව බෝගම්බර දී පරලොව යැවීමට තීරණය කරණු ලබනවා ඉන්පසුව මහ අධිකරම් ධුරයට පත්වනු ලබන්නේ ලෙව්කේ රාළයි. ඒත් මෙම සිදුවීම දස්කොන්ගෙන් පලි ගැනීමට රදලයන් විසින් කරපු කුමන්ත්‍රනයක් කියලත් ජනප්‍රවාදයේ කියවෙනවා.දස්කොන් ප්‍රමිලා ආදර කතාව කඳුලින් නිමා වෙන්නේ අන්න එහෙමයි. සිරගෙදර කරා ගෙනයන දස්‌කොන් දුටු අගබිසව විසින් පැවසූ බවට සැලකෙන පද්‍ය දෙකක්‌ ද දැකිය හැකිය.

  1. තුන් කල තුමුල වනයේ මල් රස නොවිඳ
  2. කන් තල ගජන් කොපුලත බිගුරොනට වැඳ
  3. කන් තල පහර වැනි නිරිඳුට අසුව හිඳ
  4. පින් කළ හිතවතුනි දැන් තැවෙනු කුමටද
  5. සක්‌මන් කරන මළුවේදී බැඳි හාද
  6. සිත් සන්තොසින් දුන් මුව මී බීවාද
  7. ඉක්‌මන් ගමන් අහො අද ඔබ යනවාද
  8. දස්‌කොන් මගෙ නමට ජීවිතෙ දෙනවාද

ඊට පිළිතුරු වශයෙන් දස්‌කොන් අදිකාරම් විසින් මෙම කවිය පවසනු ලැබ තිබේ

  • විසැස්‌ කමලාව රස පහස නොවිඳ මා
  • දසිස්‌ දුනි පොරණ ඇසු දුටු පමණ මා
  • වෙසෙස්‌ ඔබගෙ අමයුරු පහස ලත් මෙමා
  • මහිස්‌ එකක්‌ දුනි නම් ඔබ නමට කිමා

මේකේ තේරුම රාවණ රජතුමා සිතාව අගේ පහස නොවිඳම හිස් දහයම දුන් එකේ ඔබේ රස පහස විඳි මගේ එක හිසක් දුන්නට මක් වෙනවද” කියලා මේ පිළිබඳ අතිශය කම්පාවට පත් වූ ගොන්සාල්වේස්‌ පියතුමා ඒ සම්බන්ධ කරුණු පරීක්‌ෂා කර බැලීමෙන් දස්‌කොන්ගේ සතුරන්ගේ සාවද්‍ය චෝදනා හේතුවෙන් දස්‌කොන්ට පරලොව යන්නට හිමි වූ බව සොයාගැනීමට සමත් විය. මේ පිළිබඳ රජුට සැලවීමත් සමග දස්‌කොන් එලොව යැවීම සඳහා ආධාර දුන් චෝදනාව මත සූරියගොඩ රාජසුන්දර සාමණේරයන් නැති කර දැමීමටත් ලෙව්කේ බණ්‌ඩාර අලගල්ලේ සිරගත කිරීමටත් නියම කළ බව සඳහන් වනවා.ඉතින් පසුව වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාට ඔටුන්න භාර දෙන්න අග බිසව වුන ප්‍රමිලා දේවියට දරුවෙක් හිටියේ නෑ. ඒත් රජතුමාගේ යකඩ දෝලි බිසවකට උනම්බුවේ බණ්ඩාර ලෙස කුමාරයෙක් හිටියත් ඔහු අගබිසවගේ පුතෙකු නොවන නිසා ඔහුට රජකම පවරන්නේ නෑ මේ හේතුවෙන් නරේන්ද්‍රසිංහ රජතුමාගේ ඇවෑමෙන් පස්සේ රජකම හිමිවන්නේ ප්‍රමිලා බිසව‍ගේ බාල සහොදරයට. ඔහු ශ්‍රී විජය රාජසිංහ ලෙස ක්‍රි.ව 1739 දී රාජ්‍යත්වයට පත්වනවා.ඉතින් ඒ තමා සියවස් ගණනක් පැරණි සිංහල රජ පෙළපතේ අවසානය. ලංකාවේ අවසන් සිංහල රජතුමා වන්නේ නරේන්ද්‍රසිංහ රජතුමයි. ශ්‍රී විජය රාජසිංහ රජතුමා ලංකාවේ නායක්කර් රජ පෙළපතේ පළමු රජතුමාය

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *