පොඩි වෙලාවක් හරි පේන්න හිටියේ නැත්නම් ප්‍රශ්න ගොඩයි. ඕලු කාලෙකින් නැවත පැමිණ කියූ දේ

article

ඕලු කිවුවහම නම් නොදන්නා කෙනෙක් නැතුව ඇති. කාලයක් මුළු රටම දන්නා ප්‍රේක්ෂක ආදරය බොහෝ සේ දිනාගත් දක්ෂ රංගන ශිල්පිනියක් තමයි මංජුලා කුමාරි කියන්නේ ඉතින් ඔලු හරහා විශාල ආදරය දිනාගත් ඇය නැවතත් දැක ගැනීමට හැකියාව තිබෙනවා, ඒ ඕලු නාට්‍ය නැවත ස්වර්නවහිනි නාලිකාවේ විකාශය වනවා. ඉතින් වර්තමානයේ ඕලු නරබපු නැති අයටත් නැවත එම අවස්ථාව ලැබී තිබෙනවා. ඉතින් ඒ වගේම හිරි ටීවී නාලිකාවේ ඇය නිවන්ත ප්‍රසරගේ සිහින ගෙනන කුමාරි ටෙලි සිතම හරහාද ඇය අපගේ ආලින්දයට පැමිණෙනවා. ඉතින් ඔලු නැවත විකාශය වීම ගැන මංජුලා පුවත් පතකට මෙසේ පවසා තිබුනා. මට හරිම සතුටුයි ඉතා පැරණි නාට්‍යක් වන ඕලු ඒ වගේම මන් ගොඩක් අසාවෙන් කරපු ගොඩක් අය ආදරය කරපු ලස්සන නාට්‍යක් මට ඕලූ ලෙස ආමන්ත්‍රණය කරත් මගේ බබාලට තේරුම්ක් නෑ ඇයි අම්මට ඕලු කියන්නේ කියලා. නමුත් දැන් රූපවාහිනියේ යනවිට ඔවුනුත් බලනවා. දැන් එයාලා දන්නවා අම්මා ඕලු කියලා. ඉතින් ඒ ගම මටහරිම සන්තෝසයි. දුවට තාම අවුරුදු දෙක හමාරයි. පුතාට අවුරුදු පහ හමාරයි.ඉතින් දරුවන් සමඟ උනත් අද එකට ඉඳන් බලන්න පුළුවන් සුන්දර කතාවක් තමයි ඕලු කියන්නේ ඉතින් ඉදිරියේදී මේ වගේ හොඳ මිනිසුන්ට ආදර්ශයක් ගන්න පුළුවන් ටෙලි නාට්‍යකට රංගන දායකත්වය දක්වන්න අවස්ථාව ලැබුනොත් මන් එයට ඉදිරිපත් වනවා. නැත්තම් නම් මට දැන් ගෙදරින් එලියටවත් එන්න හිතෙන්නේ නෑ.

ඒ මොකද මගේ දරුවන් දෙදෙනා නිසා ඒ හුරතලේට තියෙන ලෝබකමත් එක්ක ගෙදරට වෙලා ඉන්නමයි හිත කියන්නේ ඉතින් අවුරුදු කාලයේ තිබුණ වැඩසටහන් හා මා නර්තනයෙන් සම්බන්ධ වුණා. ඒවාට ඉතාම ඉහළ ප්‍රතිචාර ලැබුණා. දෙරණ නාළිකාවේ විකාශය වූ චැම්පියන් ස්ටාර් වැඩසටහනට කෙටි කාලයක් තුළ මා විසින්ම නිර්මාණය කළ නර්තනය සඳහා මට බොහෝ දෙනෙක්ගෙන් ඉතා හොඳ ප්‍රතිචාර ලැබුනා. ඒ ගැන මට බොහොම සතුටියි. අද තියන නාට්‍ය ගොඩාක් රසවිඳින්න පුළුවන් ඒවා නෙවෙයි. ගොඩක් වෙලාවට ගැමි නාට්‍ය විකාශය වනවා බොහොම අඩුයි. ගොඩක් තියන්නේ රණ්ඩු වෙන ගහගන්න නගරබද ටෙලි නාට්‍ය ඉතින් ඒවාට වැඩ ප්‍රේක්ෂකයන් ආදරය කරන්නේ ගොඩක් ගැමි නාට්‍ය වලට ඉතින් ඔලු වගේ නාට්‍ය වලට බොහෝ ප්‍රේක්ෂක ආදරය එදා වගේම අදත් ලැබෙන්නේ ඒ නිසා ඉතින් ඒ වගේ නාට්‍ය සඳහා නම් මන් අද උනත් ඉදිරිපත් වනවා. නමුත් දැන් දරුවන් නිසා ජීවිතයේ ලොකු සතුටක් වගේම ලොකු වගකීමක් තියෙනවා. එයාලගේ මේ හුරතල් වයස ගෙවෙන්නේ. ඒ හුරතලය එක්ක දවස ගෙවෙනවා තේරෙන්නේ නෑ. පොඩි වෙලාවක් හරි පේන්න හිටියේ නැත්නම් ප්‍රශ්න ගොඩයි.ඉතින් මන් මගේ විවහා ජීවිතය ගැන උපරිමයෙන්ම හිතනවා. ඉතින් පවුලට මුල් තැන දී කලාවටත් සදාරණය කරමින් මන් මගේ ගමන යනවා. ඉතින් මංජුල පවසා තිබුනේ ඒ විදිහටයි. ඉතින් අපි අද හිතුව අගේ මේ ආදරණිය කැදැල්ලේ චයාරුප කිහිපයකුත් ඔබට ගෙන ඒමට එම චයාරුප පහලින්.

1 2 3 4 5 6
7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *