කාලයක් බලාපොරොත්තුවෙන් සිට විවහා වී වසර 14 කට පසු මව් පදවියට සුදානම් ව සිටින මුතු තරංගා

Life Story

මුතු තරංගා කියන්නේ අපේ රටේ සිටින දක්ෂ අහිංසක බොහෝ නිහතමානී රංගන ශිල්පිනියක්.එ වගේම ඇය දක්ෂ ගායන ශිල්පිනියක්ද වනවා. ටෙලි නාට්‍ය රැසකටම රංගන දායකත්වය දැක්වූ ඇය බොහෝ ප්‍රේක්ෂක ආදරය දිනා ගත ජනප්‍රිය රංගන ශිල්පිනියක් ඉතින් කාලයක් පුරාවට රංගනයෙන් සහ ගායනයෙන් ප්‍රේක්ෂකයන් පින වූ ඇය දැන් නම් අපිට වැඩිය දකින්නට ලැබෙන්නේ නෑ , ඒ ඇය විවහා වී වසර 14 කට පසු මව් පදවිය ලබා තිබෙන නිසා ඉතින් එම නිසා ඇය කලාවෙන් ටිකක් ඇත් වෙන්න තීරණය කර තිබෙනවා. ඉතින් ඒ පිළිබඳව ඇය පුවත් පතකට පවසා තිබුනේ මෙසේයි. ඇත්තටම දැන් මගේ ජීවිතේ ගොඩක් වෙනස් වෙමින් යනවා. මේ හැමදේම මන් බලපොරෝතුවෙන් හිටපු දවස මට උදා වුන නිසා ඒ මගේ දරුවා කුසට අපු නිසා. අපි දෙන්නා කළා කටයුතු වලම නියැලිලා හිටියා මිසක් දරුවෙක් ගැන ලොකුවට හිතුවේ නැහැ. අන්තිමට දන්නෙම නැතිව ලොකු කාලයක් ගෙවිලා ගියා. දැන් ඉතින් වගකීම් දරන්න කාලේ හරි කියලා අපි දෙන්නාම හිතුවා. කොහොමත් මගේ ජීවිතේ බලාපොරොත්තු හීන කියන දේවල් තිබ්බ කෙනෙක් නෙමෙයි සහ ඒවා පිටිපස්සේ දුවපු කෙනෙකුත් නෙමෙයි.

මන් හැමදේම ප්ලෑන් කරලා කරන කෙනෙක් නෙවෙයි. අපි ගොඩාක් විවේකිව කාලය ගත කරා. ඉතින් කාලය ගෙවුන දැනුනේ නැ ඊට පසුව තමා දැනුනේ දැන් අපට දරුවෙක් ඉන්න ඕනි කියල හිතුවා. මේ හැමදෙ ගැනම හිතද්දී මුලින්ම හිතුවේ කළා කටයුතු වලින් ඇත් වෙන්න තීරණය කළා. මම අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා දැනගත්තා දවසේ ඉදන් තමයි මම ගොඩක් බලාපොරොත්තු තියාගන්න වැඩ කරන්නේ. දරුවා කුසට ආවට පස්සේ පොඩි පොඩි අපහසුතා දැනුනා. කොහොමහරි ඒ හැමදේම පුරුදු වුනා. ඉතින් අපි ඇයගේ පුංචි පවුලට හදවතින්ම සුභ පතන ගමන් ඔවුනේ චයාරුප කිහිපයකුත් ඔබට අපි ගෙන එන්න හිතුවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *