හෙක්ට ඩයස් හිමාලි සයුරංගි අතුල අධිකාරි අලුත්ම ආදර කතාව ගැන හිමාලි කියූ දේ

Gossip

ඇයව අපට මේ දිනවල මුණගැසෙන්නේ දිවිතුරා ටෙලිනාට්‍යයේ සමාධි ලෙසින්. ඒ වගේම ඇයව අපට විවිධ අවස්ථාවලදී විවිධ චරිත හරහා දකින්න ලැබුණා. ඇය මේ චරිතවලට ඉටුකරන සාධාරණත්වය හේතුවෙන් ඇයටද අනිසි වටිනාකමක් මෙරට සම්මාන උළෙලවලදීද ලැබී තිබෙනවා. මේ ඇගේ හඬය. ඇය වෙන කවුරුත් නොවේ නමින් හිමාලි සයුරංගිය.ඉතින් දෙවෙනි ඉනිමෙන් වසර 5ට ආසන්න කාලයක් ඔබ හමුවට එන හිමාලි මේ වෙද්දී වෙනස්ම චරිත දෙක තුනකින්ම ඔබේ ආලින්දයට ඇවිල්ල තියෙනවා,ඉතින් අද කතා කරන්න හදන්නේ හිමාලි ගැන විස්තර ටිකක්.හිමාලි මේ වෙද්දී හිරු නාලිකාවේ විකාශය වන දිවිතුරා ටෙලි කතාවෙන් තමා අපට හමුවන්නේ එහි ඇගේ චරිතය වන්නේ සමාදී ඉතින් රසික රසිකාවියෝ සමාධි ගැන මොනවද කියන්නේ? සමාධිගේ චරිතය විතරක් නෙමෙයි, සමස්ත නාට්‍යය ම ලොකු වෙනසක් ඇති කරලා තියෙන නිසා හොඳ රසික ප‍්‍රතිචාර ලැබෙනවා.මේ වගේ කතා අපි ඕනෑ තරම් දැකලා තිබුණට මෙහි ඇති විශේෂත්වය වෙන්නේ පරිසරය මූලික කරගෙන දර්ශන තල සැකසීම සුවිශේෂයි.දැන් රූගත කරන ටෙලිනාට්‍යවලට ගොඩක් වෙලාටව මේ වගේ දර්ශන තල යොදා ගන්නේ නැහැ. අනික ගොඩක් ටෙලිනාට්‍ය දැන් ඉක්මනට රූගත කිරීම් සිදු කරන්න වගේම ලෙහෙසියට කොළඹ අවට දර්ශනතලයන් යොදා ගන්නේ.තව නාට්‍ය ලියන්නේ කොළඹ පරිසරය පාදක කරගෙනනේ. ඉතින් මම හිතනවා මේක ඒ සියල්ලට ම වඩා වෙනස් හින්දා ප්‍රේක්ෂකයන්ට අලුත්ත් අත්දැකීමක්වෙයි කියලා.මොකද දිවිතුරා වැඩියෙන්ම නුවර එළියේ සුන්දරත්වය තමා එලියට දමන්නේ.

ඉතින් හිමාලි ඔබ මෙහි රඟපාන්නේ අතුල අධිකාරි සහ හෙක්ටර් ඩයස් කියන ගායක තරු දෙපළ සමග නේද?ඒක මට වෙනස්ම අත්දැකීමක්. මම ඇත්තට ම නළුවොත් එක්ක වැඩ කරලා තිබුණට ගායකයෝ එක්ක වැඩ කරලා නැහැනේ.ඉතින් ඒ අත්දැකීම මට හරි නැවුම්. කවදාවත් රඟපාලා නැති දෙන්නෙක් එක්ක තමයි මම රඟපාන්නේ. ඒක මගේ රංගන ජීවිතයට ලොකු වෙනසක් කියලයි මට දැනෙන්නේ මම ගායන දේපලක් සමග රංගනයෙන් දායක වන පළමු අවස්තාව.ඉතින් හිමාලි ඉස්සරහට අගස්ති හා සමාධිට මොකද වෙන්නේ කියලත් කියමුකෝ.ඒක නම් අපි කාලයට භාර දෙමු. මොකද කතාව කිව්වොත් බලන අයට ඒකේ වටිනාකම නැති වෙලා යනවානේ.මම හිතනවා මේ කතාව තුළ හොඳ ගැටුමක් ඉදිරියට තියෙනවා කියලා. ප‍්‍රතාපුත් මම කෙරේ යම්කිසි ප්‍රේමයක් එදා ඉඳන් ඇති කරගෙන හිටපු කෙනෙක්. එයා අදටත් මටත් දියණියටත් ආදරය කරනවා.

හිමාලි ඔබ මෙතෙක් ආපු ගමන ගැන තෘප්තිමත්ද.මට ඉතාමත්ම සතුටුයි. මම හරිම හෙමින් තමයි මේ ගමන ආවේ. මම මුලින්ම නිවේදිකාවක් වුණේ මගේ වාසනාවට වගේ. මට ප‍්‍රධාන චරිත ලැබුණා. ඉතින් ඒ තාක් ඉඳලා අද වෙනකම් මම මේ ක්ෂේත්‍රයේ ඉන්නවා හොඳ නමක් තියාගෙන. මට කලාවෙන් සමුගන්න බැහැ. ඉදිරියටත් හොඳ නිර්මාණවලට මට දායකත්වය දෙන්න පුළුවන් හැම අවස්ථාවකදීම ලබා දෙනවා.මවක් නිසා දැන් වගකීම් වැඩි වෙලා තියෙනවා නේද එතකොට කොහොමද මේ වගේ දිගු නාට්‍යවල එක දිගට රැදෙන්නේ..දැන් මගේ පාසල් කාලය වගේ නෙමෙයි. දැන් ඉන්න දරුවන්ට වැඩ ගොඩයි. ඇත්තට ම අම්මා කෙනෙක් විදිහට මම තමයි ඒවා ගැන සොයා බලන්නේ. මගේ මහත්තයාටත් වඩා. මම නිවාඩු තියෙන හැම මොහොතකම එයත් එක්ක තමයි.ඇත්තට ම නැදෑයන්ගේ යාළුවන්ගේ වැඩවලට යන එකත් ගොඩක් වෙලාවට සීමා වෙලා තියෙනවා. වෘත්තීය පැත්තෙන් නිදහස් වුණ ගමන් දුවගේ අධ්‍යාපන කටයුතු වගේම ගෙදර වැඩවලට තමයි වෙලාව වෙන් කරලා තියෙන්නේ.ඉතින් දැන් ඔබගේ සැමියා කියන්නේ නැතිද දැන් රඟපෑවා ඇති කියලා.නැහැ නැහැ. මම විවාහ වෙනකොටත් රංගන ශිල්පිනියක්. ඉතින් එයා කවදාවත් මම තහංචි දමලා නැහැ. විවාහ වුණ ගමන් රංගනයෙන් ඈත් වෙන්න කියලවත් දරුවන් හම්බ වුණාට පස්සෙවත් රංගනයෙන් අයින් වෙන්න කියලයි තහංචි මට දමලා නැහැ. මොකද මම සමබරව හැමදෙයක්ම කරන නිසා එහෙම ප‍්‍රශ්නයක් නැහැ.කියලයි හිමාලි කියලා තිබුනේ.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15

Leave a Reply

Your email address will not be published. Required fields are marked *