රංගනයට නර්තනයට සහ දැන් ගායනයෙනුත් රසිකයන් අතරට එන උපේක්ෂා සවර්ණමාලි දැන් ගෙවන ජිවිතේ

Life Story

දක්ෂ රංගන ශිල්පිනියක් සහ නර්තන ශිල්පිනියක් වන උපේක්ෂා ස්වර්ණමාලි ගැනයි අද අපි කියන්න යන්නේ ඇය උපත ලබන්නේ 1984 ජුනි මසයි. කුවේට් වල තුලඋපත ලැබූ උපේක්ෂා 2004 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර වසර 20 ක පමණ කාලයක් කුවේටයේ ජීවත් වුනා . ඇය සිය අධ්‍යාපන කටයුතු හැදෑරුවේ එහි තිබූ ඉන්දියානු ජාත්‍යන්තර පාසලෙනි.ඇය රංගනයට පිවිසීමට දොරටු විවර කර ගත්නේ නිරූපණ ක්ෂේත්‍රයට පැමිණීමත් සමගිනි. පසුව “චංචලා” ගිතයා හරහා විශාල ජනප්‍රියත්වයක් ලබා ගැනීමට සමත් වුනා .ඉන් පසු සිංහල ගීත කීපයක උපේක්ෂා පෙනී සිටියාය. ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වූ “පබා” ටෙලි නාට්‍ය මාලාව හරහා ඇය රංගන ශිල්පිනියක් ලෙස විශාල ජනප්‍රියත්වයක් සහ ප්‍රේක්ෂක ආදරය දිනාගැනීමට සමත් වුනා . 2008 වසරේ පැවැති සිරස ඩාන්සින් ස්ටාර් තරඟයේදීද ඇය සිය නර්ථන හැකියාව ප්‍රදර්ශනය කරමින් තව දුරටත් ප්‍රේක්ෂක අවධානය දිනා ගත්තාය. පසුව ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වූ මෙගා ස්ටාර් රියලිටි වැඩසටහනටද ඇය එක් වූවාය.උපේක්ෂා දේශපාලනිකව අවධානයට යොමු වන්නේ රජයේ නාලිකාවක් වූ ස්වාධීන රූපවාහිනී හි විකාශය කෙරුණු පබා ටෙලි නාට්‍යයෙන් ඇය මත භේදාත්මක ලෙස ඉවත් වීමත් සමගයි. ඊට හේතුව ලෙස දැක්වුනේ ඇය ප්‍රතිවාදී ජනාධිපති අපේක්ෂක වූ සරත් ෆොන්සේකා මහතා හට විවෘතව සහය පල කිරීම බව පැවසේ.

1 2

2010 අප්‍රියෙල් මස මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඡන්ද 81350 ලබා ගත් ඇය ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පිවිසියාය. 2010 වසරේදී , ටීවී දෙරණ සමග දේශපාලන වැඩසටහනකට එක්වූ උපේක්ෂා ගැන නැවත වතාවක් ජනතාව අතර කතා බහක් ඇතිවන්නේ එහිදී ඇයගේ දේශපාලනය පිළිබඳ පැවැති දැනුම අල්ප බව හෙලි වීම නිසයි.ඉතින් පළමු කසාදයෙන් වෙන්වූ පසු උපේක්ෂා සමන්ත පෙරේරා සමග 2016 වසරේදී විවාහ වෙනවා, ඉතින් දැන් ඔවුන්ට පුංචි දියණියක් සිටිනවා. ඉතින් ය මේ දිනවල හිරු ටීවී නාලිකාවේ විකාශය වන අහස් මාලිගා හරහා අපට දැක ගැනීමට ලැබෙනවා. ඒ වගේම ය දැන් රංගනය නර්තනයට වගේම ගීත ගායනයටත් දස්කම් දක්වන බවයි අපට දැනගන්නට ලැබුනේ ඉතින් ඇය ඒ පිළිබඳව පුවත්පතකට පවසා තිබුනේ මෙසේ මගේ දුව ලැබෙන්න ඉන්න කාලෙ පිටරටක ඉන්න නාරද විජේසිංහ කියල අයියා කෙනෙක්. මට ගී පද මාලාවක් දුන්නා. ඒ කාලෙ මම ඒක ඒතරම් ගණන් ගත්තෙ නැහැ. පස්සෙ ඒ අයියම උනන්දු වෙලා සංඛ දිනෙත්ට කියලා ඒ ගීතයට තනුවකුත් නිර්මාණය කෙරෙව්වා. මෑතකදිත් දුවට අවුරුදු දෙක පසුකරනවත් එක්ක එයාගෙ හැසිරීම් එක්ක අර ගීතයේ වචන හා සංගීතය මට ඉතාමත් සංවේදී වූවා. පස්සෙ මම සංඛට කතාකරලා ගීතය පටිගත කළා. එයට රූප රචනාවකුත් කළා. අනාගතයේ සියලුම මාධ්‍යයන්ට ඒ ගීතය ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා’ ඉතින් මේ ආදරණිය රංගන ශිල්පිනියගේ සුන්දර චයාරුප පෙලකුත් අද අපි ඔබට ගෙන එන්න හිතුවා.

 

3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *