සේනාලිගේ සහා හෙමාල්ගේ ආදරකතාව සෙනාලි කිවුවේ ​මෙහෙමයි

Life Story

සෙනාලි ෆොන්සේකා කියලා කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්. ඉතින් ඇය මේ දවස්වල ට බොහෝ දෙනකු අතර ඉතාමත් ප්‍රසිද්ධ ටෙලි නාට්‍යයක් වන නාඩගම් කාරයෝ කියන ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වනවා. ඉතින් මේ දක්ෂ රංගන ශිල්පිනිය ගැන පහුගිය දවස්වල වෙනස්ම පුවත් මැවෙන්නට ගත්ත.ඒ තමයි මේ රටේ ඉන්න අති විශිෂ්ට රංගන ශිල්පියෙක්, වන හේමාල් රණසිංහ. ඉතින් හේමාල් එක්ක තමන්ගේ තිබුණු සම්බන්ධය ගැනත් ඇය මේ දවස්වල වල කරන්නේ මොනවද කියලත් අපි ටිකක් හොයලා බැලුවා.ඉතින් සෙනාලි කියන්නේ මෙන්න මේ වගේ කතාවක්.සෙනාලි ඔයා මේ දවස් වල නැට්ටුක්කාරියක් විදිහට අපේ රටේ ඉතාමත් ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන නාඩගම්කාරයෝ කියටෙලි නාට්‍යයත් සමඟ කටයුතු කරන වග අපි දන්නවා ඒ ගැන මුලින්ම කතා කළොත්.ඔව් නාඩකම් කාරයෝ කියන ටෙලි නාට්‍යයෙ පාඨලී කියන චරිතය තමයි මම නිරූපණය කරන්නේ.ගමේ ඉන්න මාස්ටර්ගේ ලොකු දුව විදියට තමයි මේ චරිත්ය තියෙන්නේ.ඒ චරිත්ය හැබැයි ටිකක් සැර පරුෂ චරිත්යක්.ඇත්තම කිව්වොත් මං කාලෙකට පස්සේ රංගනයෙන් ද දායක වුණු ඉතාමත් වෙනස් චරිත්යක් කිව්වොත් හරි.හැබැයි ඉතින් මම ඒත් තරමටම සැර පරුෂ උනේ සරත් කරන වැඩ හින්දා.ඔහුත් එක්ක තමයි මගේ තරහ තියෙන්නෙ.

පහුගිය දවස්වල සමාජයේ බොහෝ දෙනා අතර දැඩි කතාබහට ලක්වුනු මාතෘකාවක් තමයි ඔබගේත් හේමාල් රණසිංහ අතරත් යම් සම්බන්ධයක් තියෙනවා කියලා මොකක්ද ඔයාට ඒ ගැන කියන්න තියෙන්නේ.ඇත්තටම අනේ එහෙම ආදර සම්බන්ධයක් අපි අත්ර සිද්ධ වෙලා නෑ.ඇත්තම කිව්වොත් ඔහු සහෝදරයෙක්.මම රංගනයෙන් දායක වුණු විජබාකොල්ලය කියන චිත්‍රපටයේ ඔහුත් එක්ක දවස් ගානක් එකට වැඩ කරන්න අවස්ථාව ලැබුණා. ඒ දවස් වල මම තේරුම් ගත්තා ඔහු හොඳ මනුෂ්‍ය ගතිගුණ තියෙන හොඳ මනුස්සයෙක් කියලා.ඒ වගේම තමයි ඒ රංගනයටත් හොඳ ලොකු සහයක් ලැබුණා එ චරිතය මට නිර්මාණය කරන්න.රංගනයෙන් එහාට අපි අතර කිසිම ආදරයක් සම්බන්ධයක් ගොඩනැගිල නැහැ.විශේෂයෙන් කියන්න ඕනේ මේ ක්ෂේත්‍රඉන්න ඉන්න හැම කෙනෙක්ම මට සහෝදරියක්ට වගේ තමයි ආදරේ කරන්නේ.සෙනාලි ඔබට සුවිශේෂී වූ චරිත ලැබෙන්නේ සිනමා රැජින වන මාලනී ෆොන්සේකා මහත්මිය කියලා නිසා පවසනවා ඒක ඇත්තක්ද.
මෙහෙමයි මගේ නැන්දා මාලනී ෆොන්සේකා බව ඇත්ත. නමුත් ඒ ඇඳුනුම් කම් වලට මට චරිත ලැබෙන්නේ නැහැ.ඔය වගේ කතා මටත් අනන්තවත් අහන්න ලැබිලා තියෙනවා. ඇයට මම ගරු කරනවා. නමුත් මා තුළ තියෙන දක්ෂතාවයක් නැන්ද දකිනවා. මගේ දක්ෂතාවය පස්සේ දැන හඳුනගෙන නිර්මාණවලින් මට ආරාධනා කරනවා. නැත්නම් හිතවත්කමට චරිත දෙන්නෙ නැහැ.තව දෙයක් අපිට දෙයක් ලැබෙන්න තියනවනම් ඒ දේ අනිවාර්යෙන්ම ලැබෙනවා. චරිත ඉල්ලගෙන පස්සේ යන්නෙත් නැහැ මට ගැලපෙන චරිතේ මාව හොයාගෙන එනවා ඒ නිසා මට නැන්දා ගැන කියලත් එයා කිවුවා කියලත් චරිත ගන්න ඕනේ නැහැ

සෙනාලි ෆොන්සේකා ඔයා ජනප්‍රිය රංගන ශිල්පිනියක් විදිහට කටයුතු කළත් පොඩි හරි කලකිරීමකින් නේද ඔයා කටයුතු කරන්නේ නැහැ. මේ ක්ෂේත්‍රය ගැන මගේ කිසිම කලකිරීමක් නෑ. ඇත්තම කිව්වොත් පුදුම ආසාවෙන් තමයි මම රංගන ජීවිතේ වැඩ කටයුතු කරන්නේ. කලාවට මම ගොඩක් ආදරෙයි. නිර්මාණ වලට සම්බන්ධ වෙලා ඒව තිරගත වෙන කොට මගේ හිතට පුදුමාකාර සතුටක් ලැබෙනව. මම ඒ සතුටත් එක්ක ජීවත් වෙනවා.නමුත් මෙහෙම දෙයක් තියෙනවා වැඩ කටයුතු වලට කතා කරලා ඒ වැඩ ඒ විදියට හරියට නොකෙරෙන කොට හරි කළ කලළකිරීමක් හිතට ඇති වෙනවා.නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යියේ පාඨලීගේ ආදරය සරාට හිමිවෙයිද.ඇත්තටම ඒ ආදරේ සරාට හිමිවෙයිද එහෙමත් නැත්නම් අහිමි වෙයිද කියලා කියන්න බැැහැ සරා එක්ක තියෙන ගැටුම මොන විදිහකට විසදෙයිද කියලා දැකබලාගන්න නාඩගම්කාරයෝ කියන ටෙලිනාට්‍ය දිගටම බලන්නට කියලත් ආරාධනා කරනවා.කියලයි සෙනාලි අවසන් වරට පවසන්නේ,ඉතින් අපි බලාගෙන ඉමු කවුද හෙමාල්ගේ අතගන්න වාසනාව හිමිකරගන්නේ කියලා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28

Leave a Reply

Your email address will not be published. Required fields are marked *