මගේ වීඩියෝ එකක් කියලා මම ගොඩක් දුක් වින්දා තමන්ගේ දුවගේ එකක් ලීක් වෙනකල් අම්ම දන්නේ නැ ලෝචි

Life Story

පසුගිය දවසක හරි tv ලහිරු මුදලිගේ කරන වැඩසටහනකට මේ වෙද්දී බොහෝ දෙනා හදුනන අන්තර්ජාලයේ වැඩිම ප්‍රසිද්ද චරිතයක් වන ලෝචනා ජයකොඩි සහබාගි වෙලා සිටියා ඉතින් එම අවස්ථාවේ ලෝචනා කියපු දුක්බර කතාව ඇගේ ජිවිත කතාව ගොඩක් අය බැලුවා එදා තමා හැමෝම දැනගත්තේ ලෝචනා කියන්නේ මොන වගේ චරිතයක්ද කියන එක ඉතින් අද අපි ඔබට ගෙන එන්නේ මේ ලොචනා එදා කියපු මතක සටහන් ටිකක්, මගේ සම්පූර්ණ නම ලෝචනා හංසමාලි ජයකොඩි. මම මුලින්ම පාසල් ගියේ කැස්බෑව ධර්මසේන ආටිකල් පාසලට. ඊට පස්සේ ඒ ලෙවල් කරන්න මම ගියා ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයට. පවුලෙ ඉන්නෙ මමයි නංගිලා දෙන්නයි තාත්තයි විතරයි. කවදාවත් හිතුවෙ නෑ social media වලින් මේ වගේ තැනකට එන්න පුළුවන් වෙයි කියලා. මේක අහම්බෙන් සිදු වෙච්ච දෙයක්. ඒක ලොකු ආත්ම ගෞරවයක් තියන එකක්. ඇත්තටම දැන් මට මේ ගැන ආඩම්බරයි. ඉස්සර මම social media වල වැටෙන comment වලට හරි බයයි. හැබැයි දැන් එහෙම නෑ මම ඒක අත ඇරලා තියෙන්නේ දැන් මට වයස අවුරුදු 26 යි. මම දැන් වෘත්තියක් විදිහට ටික් ටොක් කරනවා. මම අවුරුදු විසි තුනේදී වගේ තමයි ටික් ටොක් කරන්න ගත්තෙ. ඒ musically app එකෙන්. මම lele pons ව follow කලා. මම එයා කරන YouTube videos බැලුවා හරි ආසාවෙන්. මටත් හිතුණා එයා වගේ කෙනෙක් වෙන්න පුළුවන් නේද කියා ලංකාව ඇතුලේ. මම ඉස්කෝලේ යන කාලේ ඕලෙවල් වලට කරේ drama. මට ඉස්කෝලේදි dancing කරන්න ආස වුණාට මාව තෝර ගත්තෙ නෑ මොකද මට මැන්ඬි ට ඉන්න බැරි වුණා. කරන්න දෙයක් නැතිම කමට මම drama කරන්න ගියා.

මම ඒලෙවල් කරන කොට මගේ අම්මා නැති වුණා. එයාට ලෙඩක් හැදුනා. පෙනහලු නරක් වුණා. අම්මා අසනීප වුණ පළවෙනි දවසෙ ඉඳල මගේ පාසල් ගමන ටික ටික නවතිනවා. මොකද මට හිටියේ නංගිලා දෙන්නෙක්. එයාලගේ හැම වගකීමක් ම අරගෙන කරේ මම. අම්මව බලා ගත්තෙත් මම. ඒ ලෙවල් කරන්න ඉස්කෝලෙකට ගියාට මට ඒ ලෙවල් කරන්න හම්බුනේ නෑ. අම්මව දෙපාරක් පිලියන්දල ඉස්පිරිතාලෙ admit කරා. කලුබෝවිල ඉස්පිරිතාලෙ දෙපාරක් admit කරා. කොළඹ ජාතික රෝහලේත් admit කරල හිටියා. අන්තිමට අම්මව මාවනැල්ල ගමේ ඉස්පිරිතාලෙ admit කලා. මම කොළඹ wedding එකකට ඇවිල්ලා ආයෙත් මාවනැල්ලට ගියා. ඒ යනකොට අම්මා මාවනැල්ලේ hospital එකේ ඇඩ්මිට් කරලා. එදා ඉඳන් මම අම්මා ගාව ම හිටියා ඒ හොස්පිට්ල් එකේ ම ඇඳුම් මාරු කරගෙන. අම්මා ඉපදුනෙත් මාවනැල්ල මාවනැල්ල හොස්පිට්ල් එකේ. අම්මා නැති වුණෙත් මාවනැල්ල hospital එකේ. මගේ ගාවමයි. කියලා ලෝචනා එයාගේ අතීතය මතක් කරනවා.

අම්මා නැති වුණාට පස්සේ මම dancing කරන්න ගියා. කණ්ඩායම් දෙක තුනක මම වැඩ කලා. wedding, event වලට නටන්න ගියා. ඒ වලින් ලැබෙන salary එකෙන් තම‍යි මම නංගිලා දෙන්නට ඉගැන්නුවේ. ඒ දෙන්නව බලාගත්තේ. අම්මා නැති වුණාට පස්සේ මම තමයි ගෙදර අම්මා උනේ. අම්මා නැති වෙච්ච දවසෙ නර්ස් කෙනෙක් මට කතා කරලා කිව්වා ඔයා දැන් තමයි ගෙදර අම්මා කියලා. අපි ගිය ආත්මෙ කරපු අකුසල කර්මයක් නිසා වෙන්න ඇති අපිට මෙහෙම වෙන්න ඇත්තේ. අම්මා නැති වුණාට පස්සේ අපිට හිටපු නෑදෑයොත් අපිව අතඇරියා. හැබැයි අද ඒ අය මාව පිළිගන්නවා. එයාලගේ පාටියට, එයාලගේ මොනවා හරි දේකට මම එනවා කියන්න එයාලට හරි ලොකු දෙයක් දැන්. ඒත් ඉතින් මම එහෙම කරන්නේ නෑ මගේ නෑදෑයොන්ට සලකගෙන මම ඉන්නවා.

මම අවුරුදු 5 මාරක කාලයක් කෙනෙකුට ආදරය කරනවා. ඒත් යම් යම් හේතු නිසා එක මගදී නවතිනවා. මම ඔහු ගැන කතා කරන්නෙ වත් ඔහුට වෛර කරන්නේ වත් නෑ. මොකද හැම ආදර කතාවක්ම විවාහයකින් කෙලවර වෙන්නේ නැහැන්නේ. මීට වසර දෙක හමාරකට කලින් මම ඔහු සමග විවාහ වෙනවා. යම් යම් හේතු මත ඒ විවාහය කැඩෙනවා. අපි කාට හරි ආදරේ කරන්න ඕනේ අපි දවසක එයාව විවාහ කරගන්නවා කියන චේතනාවෙන්. දැන් කොල්ලෝ කෙල්ලෝ ආදරේ කරන්නෙ ආතල් එකට. ඒක ලොකු පවක්. අද කාලේ සමාජ මාධ්‍ය භාවිතා කරන කොට ගොඩක් පරිස්සම් වෙන්න ඕන. දැන් අම්මල තාත්තලා පවා ළමයින්ට බත් කවන්නත් ෆෝන් එක අතට දෙනවා. අඩුම තරමේ අම්මට තාත්තට පුළුවන් වෙන්න ඕනි ළමයට අවුරුදු 18, 19 ක් වෙනකම්වත් එයාගේ ෆෝන් එක බලන්න. අද කාලේ ඉන්න අම්මලා තාත්තලා දන්නෑ තමන්ගේ දුවගේ වීඩියෝ එකක් ලීක් වෙනකල්. සමහරවිට අම්ම ඉන්න WhatsApp group එකට තමන්ගෙ දුවගෙ නිරුවත් වීඩියෝ එක එනවා ඇති එම නිසා පරිස්සමින් කියලත් ලෝචනා සමාජයට දෙයක් කියන්නත් අමතක කලේ නැහැ,ඉතින් මේ වගේ තව ගොඩක් දේවල් ලෝචනා එදා රටටම කියනවා හැමෝගෙම ජිවිතේ කිසියම් හෝ දෙයක් සැගවී තිබෙනවා සමහරුන්ට අවස්තාව නැහැ සමහරුන්ට අවස්තාවක් ආවත් කියාගන්න බැහැ.ඉතින් ලෝචනා හංසමාලි ජයකොඩි අද වෙද්දී ලෝචි ලංකාවේ ලොකු තරුවක් වෙලා නර්තනයෙන් රංගනයෙන් ලොකු ගමනක් ඇවිල්ල ජිවිතේ ඉහලම ගමනක් යන්න ශක්තිය වාසනාව ලැබෙන්න කියා අපි ලොචිට අපේ සුබපැතුම් එකතු කරන ගමන් ඇගේ ලස්සන චයාරුප පෙළක් ගෙන එන්නත් අමතක කරන්නේ නැහැ.

1 2 3
4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *