විවාහයෙන් පසු කලාවට සමුදුන් රංගන ශිල්පිනි නිපුනිකා දැන් ගෙවන සුපිරි ජිවිතේ

Gossip

නිපුනිකා හේවාගමගේ කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක් ඒ වගේම නිවෙදිකවක්ද වනවා. අපිට පුංචි තිරයේ ටෙලි නාට්‍ය කිහිපයකම අගේ රංගනයන් දැකබලා ගැනීමට හැකි වුනා. ඉතින් නිපුනිකා අපට නිතර දක්නට ලැබෙන නිලියක් නම් නෙවයි. ඇය ඉපදිලා තියෙන්නේ ගල්කිස්ස ප්රෙදශයේ. ඉගෙනුම ලබා තිබෙන්නේ කොළඹ 7 කාන්තා විදුහලෙනි. ඇය මේ වන දක්වා නාට්‍ය 35 ට පමණ රංගන දයකත්යව දක්වා ඇති අතර ඇයගේ මුල්ම නාට්‍ය වන්නේ නාලන් මෙන්ඩිස් මහතාගේ දුවරු ටෙලි නාට්‍යයයි. ඉතින් ඇය දැන් විවාහදිවියට එළඹීමත් සමඟම රංගනයෙන් ඈත් වී තිබෙනවා. ඇය විවහා වුනේ ලහිරු දිසානායක සමඟයි. ඇය ඒ පිළිබඳව පුවත් පතකට පවසා තිබුනේ මෙසේ මම ඒ තීරණය විවාහයට කලින් හිතපු දෙයක්. පවුල් ජීවිතය ගැන හිතලා මම ඒ තීරණය ගන්නේ. ළහිරුගේ කිසිම බලපෑමක් නැහැ මම රඟපාන එකට. ඒත් මම කැමැති නැහැ පවුල් ජීවිතයත් එක්ක කලාව පටලවගන්න.ඒ නිසා රංගනයෙන් ඈත් වෙන්න තීරණය කළා. දැනට මගේ පොඩි ව්‍යාපාර කටයුතු වගයක් තිබෙනවා. ඉදිරියේදී එක වැඩි දියුණු කරගෙන යන එක තමා මගේ අදහස තියෙන්නේ. ඒ වගේම ලහිරු මගේ කිසිම දේකට බලපෑම් කරන්නෙ නැහැ. නීති දාන්නෙත් නැහැ. ඒ නිසා මට ඔහු එක්ක ජීවත් වීම පහසුයි. මට මේ ක්ෂේත්‍රය නිසා බොහෝ දෙනාගේ ආදරය ගෞරවය ලැබුණා. ඒකට ස්තූතිවන්ත වෙනවා. ජීවිතයේ සමහර තීරණ මම කැමැත්තෙන් ගන්තේ. මම ලහිරුට ගොඩක් ආදරෙයි. වෘත්තියට වඩා හොඳ බිරියක් ගෘහණියක් වෙන්න රංගනය අතහරින්න මම තීරණය කළා.ඉතින් ඇය මේ විදිහට තමා ඇගේ තොරතුරු පවසා තිබුනේ. ඉතින් නිපුනික සැමියා සමඟ ගෙවන ඒ සුන්දර ජිවිතේ චයාරුප පෙලකුත් අද අපි ඔබට ගෙන අවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22

Leave a Reply

Your email address will not be published. Required fields are marked *