මට තවමත් යෝජනා නම් හරියට එනවා. විවහා 2කින් වෙන් වී තනිව සිටින නිරෝෂා විරාජිනී දැන් ගෙවන ජිවිතේ

Gossip

නිරෝෂා විරාජිනී කියන්නේ අපේ රටේ සිටින දක්ෂ ගයිකවනේගෙන් අපට නැතුවම බැරි සුන්දර ගයිකාවක්.නිරෝෂා කියන්නේ 90 දශකයේ අපේ ගීත කෙතට පෑයූ පුන් සඳයි. .දැන් දශක තුනකට ආසන්නව ඇය ප්‍රසංග වේදිකාවේ නැතුවම බැරි ගායන ශිල්පිණියක්.ගීතත් එක්ක වසර ගණනාවක් තිස්සේ ජිවත් වෙන ඇයට බොහෝ දෙනෙක් ආදරේ කරනවා. රසිකයින්ගේ නොමද ආදරයක් ලබන ඇය විවහා 2 කින් වෙන් වී තනිවමයි අද ජිවත් වන්නේ ඉතින් ඒ ගැන ඇය පුවත්පතකට පවසා තිබුනේ මෙසේයි. මට තවමත් යෝජනා නම් හරියට එනවා. මම තව වයසට යනතුරු ඒවා එන්න පුළුවන්. මම කරන, කියන දේ අනුව මිනිසුන් ආකර්ෂණය වෙන්න පුළුවන්. ලස්සනම නොවෙයි බලපාන්නේ. හැබැයි ඒ එන ආකර්ෂණය මා එදා වගෙයි නොවෙයි අද ග්‍රහණය කරගන්නේ. මොකද ජීවිතයේ විවාහය, ආදරය ගැන අද මම හොඳට අවබෝධ කරගෙනයි ඉන්නේ.ආපහු විවාහයකට ගියත්, එයත් සමහර විට වරදින්න පුළුවන්. නමුත් ඒක තුළම මා මියැදෙන්නේ නෑ. ඒ තුළම මගේ සියලු දේ තීරණය වෙන්නේ නෑ. ඊට වඩා මේ රටට යමක් කරලා, යහපත් දෙයක් කරලා මැරිලා යන්නයි මා හිතන්නේ. ආදරය, විවාහය කියන එකම සාධකය තුළ මා කොහෙත්ම ජීවත් වෙන්නේ නෑ. ඉතින් ඇය මේ විදිහට තමයි ඇයගේ ජීවිතය ගැන පවසා තිබුනේ ඉතින් මේ දක්ෂ ගායන ශිල්පිනියගේ සුන්දර චයාරුප පෙලකුත් අද අපි ඔබට ගෙන අවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *