ඊයේ තිබුණු උපන්දින පාටිය ජයටම සමරා පියුමි හංසමාලි සහා චන්දිමාල් අද අදිකරණයෙන් කාපු ලොකු දඩය

News

ඊයේ 30 රාත්‍රී කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක උපන් දින සාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් ප්‍රවීණ රුපලාවන්‍ය ශිල්පියකු වන චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටිනවා.සාදයට පැමිණි තවත් 20 -25 ත් අතර ප්‍රමාණයක් හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ සිදු කරන බවද අජිත් රෝහණ මහතා සඳහන් කළා.එම පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා සි සි ටි වී දර්ශන පරික්ෂා කරන බවයි අජිත් රෝහණ මහතා කියා සිටියේ.මොවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර නිරෝධායන සහ රෝග වැලැක්වීමේ පනත සහ තවත් චෝදනා කිහිපයක් යටතේ ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට නියමිත බවයි අජිත් රෝහණ මහතා පවසන්නේ,ඉතින් පවතින වසංගත තත්වය නිසා රටේම සංචරණ සිමා පනවා රටම ගොඩගන්න හදන මේ වෙලාවේ මේ කරපු දේනම් ඇත්තටම අගේ කරන්න බැහැ.හැමෝටම නිතිය එක වගේම වෙන්න ඕනේ,ඉතින් අද අධිකරණයට ඉදිරිපත් කරපු ඔවුන් දෙදෙනා ඇප මත නිදහස් කරන්න අදිකරණය මේ වනවිට කටයුතු කරලා තිබෙනවා කියලත් දැනගන්න ලැබෙනවා.රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගලික ඇපමත ඔවුන් මුදාහැර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියා.

1 2 3 4 6 7 8 9 10

Leave a Reply

Your email address will not be published. Required fields are marked *