දැන් වැඩිය පුංචි තිරයේ පෙන්න නැති. ප්‍රවීන රංගන ශිල්පිනි දමිතා අබේරත්න දැන් ගෙවන ජිවිතේ

Life Story

දමිතා අබේරත්න කියන්නේ අපේ රටේ සිටින ප්‍රවීන දක්ෂ රංගන ශිල්පිනියක්. ජනප්‍රිය සහ සම්මානනීය චිත්‍රපට හා ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක් වන ඇය උපත ලබා ඇත්තේ 1975 දෙසැම්බර් 14 වන දිනයි. ඇගේ අධ්‍යාපන කටයුතු නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයෙනුත්, මිලාගිරිය ශාන්ත පාවුළු විද්‍යාලයෙනුත් හදාරා තිබෙනවා. 1987 වසරේදී (ඇයට වයස අවුරුදු 8ක් පමණ කාලයේදී) පස්සෙ ගෙනා මනමාලී ටෙලිනාට්‍යයේ රංගනයට එක්වෙමින් දමිතා සිය කලා දිවිය කුඩා කලදීම ඇරඹුවා. පසුව 1993 වසරේදී තිරගත වූ අයි. හේවාවසම් විසින් අධ්‍යක්ෂණය කරන ලද මීහරකා චිත්‍රපටය, දමිතාගේ රංගනය ශ්‍රී ලංකා රිදී තිරයට මුහුකල මුල්ම චිත්‍රපටිය වනවා. 2003 වසරේදී දමිතා රංගනයෙන් දායක වූ ඉනෝකා සත්‍යාංගනීගේ සුළං කිරිල්ලී චිත්‍රපටිය, ඇගේ රංගන දිවියේ සුවිශේෂී සනිටුහනක් සළකුණු කල සංධිස්ථානයක් ලෙස හැඳින්වේ. මෙම සුළං කිරිල්ලී චිත්‍රපටියේ සිදුකල විශිෂ්ඨ රංගනය හේතුවෙන් දමිතාට, දේශීය මෙන්ම ජාත්‍යන්තර චිත්‍රපට උළෙලවල් හීදී සම්මාන රැසක් හිමි වුනා. දමිතා සිනමාවට වඩා අපට නිතර මුණගැසෙන්නේ පුංචි තිරයෙනි. පස්සෙ ගෙනා මනමාලි ටෙලිනාට්‍යයෙන් ඇරඹි ඇගේ ටෙලිනාට්‍යය ගමන තුළ දඩුබස්නාමානය,සල්සපුනා,පූරි,විෂ්ණු ,සංක්‍රාන්තිය,ස්වයංජාත ,සදගිර ආදි ටෙලිනාට්‍ය සියයකට ආසන්න සංඛ්‍යාවකට ඇය රංගන දායකත්වය ලබා දුන් අතර ඒ බොහෝ අවස්ථා ඇය සම්නයෙන් පිදුම් ලබා තිබෙනවා. ඒ වගේම විෂ්ණු සංක්‍රාන්තිය ටෙලිනාට්‍ය වෙනුවෙන් හොඳම නිළිය ලෙස ඇය 2015 රයිගම් සම්මානයෙන් පිදුම් ලැබුවා.

දමිතා ගැමි, නාගරික ඕනෑම පන්නයේ චරිතයකට පණ දිය හැකි දක්ෂතාවන්ගෙන් පිරුණු රංගන ශිල්පිනියක් වුවත් ඇයට සිනමාව තුළ ලැබුණු අවස්ථා විරලය. සූවිසි විවරණ, හිතුමතේ ජීවිතේ චිත්‍රපට තුළින් ඇය අපට වෙනස් ආරකින් අපට දැකගැනීමට හැකි වුනා .රංගනය,නර්තනය,ගායනය යන සෑම ක්⁣ෂේත්‍රයකින්ම අප අතරට නිතර දැකගැනීමට ලැබුණු දමිතා මේ වනවිට රංගනයෙන් තරමක් ඈත්ව සිටිනවා. ඉතින් ඇය විවහා වී සිටින්නේ ලෙන්ලි ජොන්සන් සමඟයි. ඔවුන් මේ වන විට ඉතා සුන්දර දිවියක් ගෙවනවා. ඉතින් ඇයගේ ආදරණිය කලේ සුන්දර චයාරුප පෙලකුත් අපි අද ඔබට ගන ආවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *