තමන්ට උගන්නපු ගුරුවරිය දුටු සිසුවිය ගුරුවරියට කරපු දේ

article

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ වීදිවල හිඟමන් යදිමින් සිටි විශ්‍රාමික පාසල් ගුරුවරියක් බේරාගත් මනුෂ්‍යත්වය ඇයගේම පාසලේ සිසුවියක් ගැනයි මේ කියන්න හදන්නේ ඇත්තටම ගුරුවරයෙක් මේ වගේ තැනකට වැටෙනවා කියන්නේ අහන්නත් බැරි හිතන්නවත් අමාරු කතාවක් නේද මේ  ඒ වගේ හිතාගන්නවත් බැරි කතාවක් කේරල ප්‍රාන්තයේ රජයේ සේවිකාවක් වන එම්.ආර්. විද්‍යා නම් තරුණියට දුර බැහැරින් ඇය මුණගැසීමට පැමිණෙන තම මිතුරියක් පිළිගැනීම සඳහා තිරුවානපුරම් මධ්‍යම දුම්රිය ස්ථානයට යෑමට සිදුවෙනවා. ඇය එම දුම්රිය ස්ථානයෙන් පිටත තම මිතුරිය එනතුරු බලා සිටින විටදී ඒ අසල තිබුණු පළතුරු ගසකින් ඉතාමත් අමාරුවෙන් එහි තිබෙන ගෙඩි කීපයක් කඩා ගැනීමට උත්සාහ කරන වයෝවෘද්ධ කාන්තාවක් ඇය දකිනවා. ඉතාමත් පරණ වැරහැළි ඇදුමකින් සැරසී සිටිය මෙම වයෝවෘද්ධ කාන්තාව සතුව පොලිතින් බෑග්, ප්ලාස්ටික් බෝතල් සහ තවත් පැරණි ඇඳුම් කීපයක් සහිත තරමක ලොකු මලු කීපයක්ද තිබෙනවා ඇය දකිනවා.

සිගන්නියක් ලෙස ජීවත් වුවත් මෙම කාන්තාවගේ යම්කිසි විශේෂත්වයක් ඇති බව විද්‍යාට හැගී යනවා. මෙම කාන්තාව වෙන අයට වඩා වැදගත් පෙනුමක් පෙන්නුම් කල නිසා එම වයෝවෘද්ධ කාන්තාව සමඟ කතා කර ඇගේ පවුලේ අය ගැන යම් කිසි විමසීමක් කළොත් හොඳයි කියා විද්‍යා තීරණය කරනවා.
ඇය එම වයෝවෘද්ධ කාන්තාව අසලට ගොස් ඇයගෙන් බඩගිනි දැයි විමසනවා. නමුත් වයෝවෘද්ධ කාන්තාව ඇයට බඩගින්නක් නැතැයි කියා පැවසූවත් විද්‍යා ඉක්මනින් ඒ අසල තිබෙන අවන්හලකට ගොස් කැම පාර්සලයක් මිලදීගෙන ඇය වෙතට ගෙනත් දෙනවා


ඇය පිළිගැන්වූ කෑම පාර්සලය පිලිගත් වයෝවෘද්ධ කාන්තාව එම කෑම කන්නට පටන්ගන්නවා. ඇය කෑම කමින් සිටින අතරතුර විද්‍යා ඇය දෙස හොඳින් බලනවා. විද්‍යා ඇය සමඟ තොරතුරු කතා කිරීමට පටන්ගන්නවා. තම සැමියා සහ එකම දරවා විසින් අත් හැර දමන ලද මෙම වයෝවෘද්ධ කාන්තාව හොඳින් අධ්‍යාපනය ලැබූ අයෙක් බවත්, ඇය උතුරු කේරළයේ මලප්පුරම් දිස්ත්‍රික්කයේ ඉස්ලාමීය පොදු පාසලේ හිටපු ගණිත ගුරුවරියක් බවත් වැඩි වෙලාවක් යන්න කළින් විද්‍යා දැනගන්නවා.

මෙවන් උසස්, උගත් කාන්තාවකට අත්වී තිබෙන දුක්ඛිත තත්වය ගැන විද්‍යා සෑහෙන්න දුක්වෙනවා. විද්‍යා එම ගුරුවරියගේ පවුලේ කවුරුන් හෝ සොයා ගැනීමේ අරමුණෙන් තම ජංගම දුරකථනය ගෙන ඇයගේ පින්තූර කීපයක් අරගෙන සිය ෆේස්බුක් ගිණුමේ ඒවා පළ කරමින් විශ්‍රාමික ගුරුවරිය ගැන ඇයට ඇති වූ හද ගැස්ම විස්තර කරමින් මෙසේ සටහනක් යොදනවා. මම බලාසිටින අතරතුර එම ගුරුවරිය ඇගේ පැරණි පොලිතින් බෑග් දෙක තුන රැගෙන සෙමෙන් මිනිසුන් අතරට ගොස් අතුරුදහන් උනා. ඇය මට පැවසූ දේවල් සම්පූර්ණයෙන්ම ඇත්තද නැද්ද කියලා කියන්න මම දන්නේ නෑ. ඒත් මට එකක් කියන්න පුළුවන්, මට විශ්වාසයි ඇය මේ නගරයේ ඉන්න පිස්සු කාන්තාවක් නම් නොවෙයි. ඇය ඇත්ත වශයෙන්ම උගත් කාන්තාවකි. ඇය පැවසූ දේ ඇත්ත නම්, ඇගේ ඥාතින් හෝ මලප්පුරම් පාසලේ කවුරුන් හෝ ඇයව හඳුනාගනු ඇතැයි කියා මම ප්‍රාර්ථනා කරනවා

ඇය විසින් පළකරන ලද මෙම ෆේස්බුක් සටහනට ඇයට සෑහෙන ප්‍රතිචාර ලබුණා. ඒ ප්‍රතිචාර දැක්වූ අය අතර මෙම විශ්‍රාමික ගුරුවරිගෙන් ඉගෙනගත් පැරණි සිසු සිසුවියන්ගෙන් විශාල ප්‍රතිචාරයක් ලැබී තිබුණා. පසුව ඇය එම විදුහලේ හිටපු කීර්තිමත් ගුරුවරියක්වූ ‘වල්සා’ ගුරුතුමිය ලෙස ඔවුන් විසින් හඳුනාගෙන තිබුණා. ටික දවසක් යනවිට ඇයව රැකබලා ගැනීම සඳහා බොහෝ සිසු සිසුවියන් පිරිසක් ඉදිරිපත් වෙනවා. ඒ වගේම ඇය හමුවීමට සහ ඇයට උපකාර කිරීමට සෑහෙන සිසු සිසුවියන් පිරිසක් මලප්පුරම් නගරය දක්වා පැමිණ සිටියා.
කෙසේ වෙතත්, වල්සා ගුරුතුමිය සිය ශිෂ්‍යයන් සමඟ යෑම ආචාරශීලී ලෙස ප්‍රතික්ෂේප කර තිබුණා. ඇය කවදා හෝ තම ස්වාමිපුරුෂයා සහ පුතා පැමිණ තමා රැගෙන යන තෙක් මෙම නගරයේ බලා සිටින බවත් ඔවුන් සමඟ පමණක් ඔවුන්ගේ නිවසකට යළි යන බවත් හෙළි කරමින් ඇය වෙත සිසු සිසුවියන් පිරිණැමූ සියළුම මුදල් සහ ත්‍යාග ප්‍රතික්ෂේප කර තිබුණා.

නමුත් එයින් නොනැවතුණ ඔවුන් දිව්‍යා අයර්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් පිහිටුවාගෙන විශ්‍රාමලත් ගුරුවරියගේ සියළුම නෑදෑයින් සොයා යනවා. නමුත් ඒ හැම අයෙක්ම ඇයව බාර ගැනීම ප්‍රතික්ෂේප කරන අතර ඇයගේ සැමියා හා පුත්‍රයා ගැන කිසිම හෝඩුවාවක් සොයාගැනීමට ඔවුන්ට නොහැකි වෙනවා. පසුව විද්‍යා ඇතුළු සිසු සිසුවියන් පිරිස කාත් කවුරුවත් නොමැති මෙම වයෝවෘද්ධ විශ්‍රාමික ගුරුවරියව සයහම්නාම් නගරයේ පිහිටි වැඩිහිටි නිවාසයකට ඇතුලත් කර මේ වනතෙක් ඇයගේ අවශ්‍යතාවයන් සොයා බලා ඒවා නොපිරිහෙලා ඉටුකරණු ලබනවා.ඇත්තම මෙහෙම මිනිස්සුන් ලෝකේ ඉතාම අඩුයි තමන්ගේ දෙමව්පියන් පවා විකුණන මේ සමාජේ ඇත්තටම අගේ කරන්න ඕනේ වටිනාම වැඩක් මේක මේකෙන් අපිට අපේ සමාජෙට ලොකු ආදර්ශයක් ගන්න පුළුවන් මේ කතාව මුළු ලෝකෙටම ආදර්ශයක් දෙනවා තමන්ට උගන්නපු ගුරුතුමියට මේ වගේ සලකන්න හිතුන එක ගැනත් ආඩම්බර වෙන්න ඕනේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *