කොහොම හරි දියණිය නැතිකරනවා කියා තාත්තා කියද්දී දුලීකා මාරපනට අම්මා කරපු දේ

article

ලංකා ඉතිහාසයෙ පලමුවට උනු දෙයක්.නීති විද්‍යාලයේ සිසුන් ගේ ප්‍රසිද්ධ නඩුවක් වන මෙය ඔබත් කියවන්න.මාරපනට එරෙහි විජේකෝන් නඩුව පරිසරයට කතා කල දුලීකාගේ ලෝකය.බොහෝ විට කුඩා කාලයේ තනිකම් දැණුනු විට ඔබ කරන්නේ කුමක්ද. සමහරු කියාවි අපි තනිවෙලා නෑ කියලා. ඇත්ත අපි තනි වෙන්නෑ හේතුව අපේ මනස එයට කොහෙන් හෝ විසදුම සොයා ගන්න නිසාය. දුලීකාටත් එය එසේම වනට ඇත.මවකට ඇගේ සැමියා අභියෝග කරනවානම් ඇගේ සහ ඔහුගේ දරුවාව අවුරුදු දහ අට වෙන්න කලින් කොහොම හරි මරනවා කියලා. ඔබ හිතන්න ඇය කෙතරම් පීඩාවකට ලක් වන්නට ඇත්ද එතකොට ඒ අම්මට ඔය කියන පීඩාවන් හිත හිත ලතවෙන්න වෙලාවක් නැත. ලොකුම කාර්යය වෙන්නේ දරුවාගේ ජීවිතය රැක ගැනීමයි.තම දියණියගේ අයිතිය ඉල්ලා උසාවි යෑමට සිදුවන්නේ ඉන් පසුවය. දියණියගේ අයිතිය ලැබෙන තෙක් ඇය උසාවියේ පියගැටපෙළ නගින්නට ඇති. දියණිය තුරුලු කරන් කදුළු සලන්නට ඇති. නමුත් ඇය අවසානයේ ජය ගන්නවා.

දුලීකාගේ ළමා කාලය.දුලීකා කුඩා කාලයේ ඇගේ පියාත් මවත් වන්නේ ඇගේ අම්මය. දුලීකාගේ මව ඒ භූමිකා දෙකටම පනපෙව්වාය. දුලීකාගේ අනික් යෝද සෙවනැල්ල වූවේ ඇගේ සීයාත් ආච්චීත් ඇයගේ ලොකු අම්මා සහ ඇගේ දියනියන් ය. ඇය ජීවත් වූවේ ඔවුන් ඇසුරේය. ඇගේ මහ ගෙදර වන්නේ අම්මාගේ මහගෙදරමයි.ආදරය රැකවරණය කොතෙකුත් ලැබුනත් කුඩා දරුවෙකුට දැනෙන හුදකලාවට එයින් අරුතක් සපයන්නට අමාරුයි. එය නම් අනාගතයට ඔවුන් හුරු කිරීමට ස්භාවධර්මයේ මව විසින් ළමුන්ට දෙන දඩුවමකි. ඔවුන් එම අභියෝගය අසමත් වූවොත් ජීවිත කාලයටන ඒ දරුවා අසමත්ය. නමුත් ජයගත්තොත් හැමදාම දක්ශයෙකි. කුඩා කාලයේදීම තම පියාගෙන් ආරක්ෂා වීම. කියන්නේ ලොකු මානසික පීඩනයක්. සාමාන්‍යයෙන් මේ වගේ සිදුවීමක් සිදුවුණහම වෙන්නෙ ළමයින්ගෙ පෞරුෂ ඌනතා සිදුවෙන එක. ඒත් වාසනාවකට දුලීකා දුර්වල වන්නෑ එයට හේතුව ඇගේ මව ඇයට කිසිදු පීඩනයක් දැනෙන්න ඉඩ නොදී රැක බලාගත් අරුමය විය හැකියි.දියනියගේ ආරක්ශාව සහ ඉදිරි අනාගතයට ගැන සිතන ඇගේ අම්මා විසින් ඇයව නේවාසික ඉගෙන ගැනීම සදහා පාසලකට යොමු කරනවා. ඒ අනුව නුවර හිල්වුඞ් එකේ හොස්ටල් එකටත් කෑගල්ලෙ කොන්වට් එකේ හොස්ටල් එකටත් යෑමට ඇයට සිදුවෙනවා. පාසලේ ගුරුවරුන් හට සහ විදුහල්පතිතුමියන්ට දරුවාගේ ජීවිත අවධානම ගැන ඇය කියන්නේ දුලීකාගේ ආරක්ෂා ව වෙනුවෙන්. කෙතරම් බයකින් ඇගේ දරුවා ගැන ඇය සිටින්නට ඇත්ද කියා ඔබට සිතෙනවා ඇති. තනිවම පැමිණ දියනිය බැලූ ඇය කදුලු සලමින් දියනියට සමුදෙන්නට ඇති. දියනිටට නොපෙනෙන්නට කදුලු සගවන්නට උත්සාහ කරන්නට ඇති. නමුත් දියනියගේ ආරක්ෂාව ඊට වඩා ඇයට ප්‍රභල වන්නට ඇතුවාට කිසිදු සැකයක් නැත. ඒ නිසාම ඇය පාසල් නිවාඩුවට ඇය ගෙදර එක්කන් යෑම සිදු කර නෑ.

ඇය තම දරුවට ආත්මාරක්ෂාව සදහා යම් යම් ක්‍රම කියා දෙන්නේ ඒ හේතුවෙනි. කවුරුන් හෝ ඔයාව පැහැරගන්න හැදුවොත් පුතේ ඒ කෙනාගේ අත සපා කන්න නැත්නම් පැනලා ගිහින් ආරක්ෂාව ඇති තැනකට යන්නයි.මේ හේතුව නිසාම ඇය හුදකලා වෙනවා. මේ හුදකලාව නැතිකර ගන්න ඇය ස්වාභාවික පරිසරයත් එක්ක ගනුදෙනු කරන්න පටන් ඉන් පසුවයි. පාසල් නිවාඩු කාලයේ ඇය තනි වන හැම වාරයකදීම, ඇගේ යාලුවන් බවට පත්වන්නේ ගස්, හිල්වුඞ් එකේ උඩ තිබ්බෙ කැලේ. ඒ කැලේ ඉඳන් බැහැල එන වඳුරන්ට, රිලවුන්ට ඇය කතා කරන්න පටන් ගන්න ඇති උණ පඳුරුවලට, අඹ ගස්වලට, උදේට පිපෙන මල් , ඇගේ හොදම මිතුරන් වන්නට ඇති. මේ නිසාම ඇගේ පුංචිකාලෙ ඉඳන්ම නිර්මාණ හැකියාව වැඩි දියුණු වෙන්න පටන් ගත්තා විය හැක. ඇය පියකුගේ නැති සෙනෙහස ස්වභාව ධර්මය මගින් ලබන්නට උත්සාහ කරන්නට ඇති.නමුත් තම දියනිය ගැන සෙවීම නතර නොකල පියා ඇගේ පළමු පාසල වූ හිල්වුඞ් විද්‍යාලයෙන් ඇය පැහැර ගන්නවා. පසුව වෑන් එකකින් බලෙන්ම මෙන් රැගෙන යන දුලීක හට ඇගේ මව කියූ දේ මතකයට පැමින වාහන නතර කෙරූ පළමු අවස්තාවේම ඇය වාහනයේ දොර ඇරගෙන පැන ගන්නවා. එය සිදුවී තිබෙන්නේ නුවර නගරේදී.

ඇය එසේ පැනගොස් පාරේ යන අම්පිටිය බස් එකකට ගොඩ වැදී පසු පස අසුනේ යට හැංගෙනවා.. බස්එක ගමනාන්තයට ලගා වූ පසු බසයේ සිටි අය ඇය දකින අතර, ඇගේ නිල ඇදුමේන් ඇගේ පාසල හදුනාගෙන නැවතත් ඇය පාසලට භාර දෙනවා. ඒ වන විට ඇය යන්තන් වයස 8 දැරියකි.මෙය කන වැකෙන ඇගේ මව තම දරුවාගේ ආරක්ෂාව ගැන තවත් බියවන නිසාම ඇය නැවත වෙන පාසලකට මාරු කරනවා. දුලිකා කෑගල්ලෙ කොන්වට් එකට යන්නේ ඉන් පසුවය. එයින් පසු ඇයට නැවත නිවාඩුවට ගෙදර යන්න අවස්තාව හිමි වෙනවා.මේ හිරිහැර මැද්දේ වුවද ඇය අධ්‍යාපනය හොදින් සිදු කරනවා. උසස්පෙළ කළා අංශයෙන් විශිෂ්ට ලෙස සනත් වන ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යන්නට වරම් ලාබුවත් පවුලේ අයගේ අකමැත්ත මත කැලණිය විශ්වවිද්‍යාලයට එන්නට තීරණය කරනවා ඒ ජන සන්නිවේදනය හැදෑරීමට සහ තන්ගේ හිතේ කුකුසක්ව පැවති තම පියාගේ අභියෝගය කුමක්ද කියා තනිවම දැන ගැනීමේ අරමුනත් යටි සිතේ තැම්පත් කර ගනිමිනි.උසස්පෙළ අධ්‍යාපනයෙන් අනතුරුව දියණිය විවාහ කරදෙන අටියෙන් සිටි මව සමග උරන වන දුලීකා කැලණියට එන්නට සිතන්න ඇත්තේ කුඩා කළ සිට විදි මානසික ගැටලුවට සහනයක් පිණිසම විය හැකිය. මවට අවශ්‍ය වූයේ ඇගේ ආරක්ශාව තර කරන්න උවත් ඇයට අවශ්‍ය වූ යේ තමා කැමති කලා අංශයෙන් ඉදිරියට යෑමය.

මේ වන විට තරමක් ආර්තික දුෂ්කරතා නිසා ඇගේ උපන් හැකියාව වන චිත්‍රශිල්පය උපයෝගී කරගෙන ඇය නවකතා සදහා චිත්‍ර අදිනවා. ඇය මෙම චිත්‍ර විකුනවා. ඒත් එක්කම ඇගේ විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දමන අතර, නමුත් ඇය ගෙදර යන්නේනම් නෑ.ඇය එවකට නවක මාධ්‍යජාලයක් වූ සිරස ආයතනයේ ‍පරිසර වැඩසටහන් අංශයේ සහය නිෂ්පාදිකාවක් හැටියට රැකියාවක් හොයා ගන්නවා. එයින් ලැබෙන මුදලින් තම දුප්පත් යෙහෙලියන්ගේත් අවශ්‍යතා සපුරා ගනිමින් තම අධ්‍යාපනය සවි කර ගන්නට ඇය සමත් ⁣වෙනවා.මේඅනුව දුලීකා මාරපන නම් රංගන ශිල්පිනිය බිහිවීමට මූලික අඩිතාලම දැමුවේ කැලණි සරසවි බිම බව කිව යුතුමය.මෙසේ සිටින දුලීකට පියා මුන ගැසීමට හිතෙන්නේ ඉන් පසුවය විශ්වවිද්‍යාලයේ මළමු වසරේ සිටියදී ඇය පියා මුණ ගැසීමට ඔහුගේ ගෙදර යෑමට තීරණය කරනවා. ඒ අනුව කිසිවෙකුට නොකියා බොහෝ කලක් මුණ නොගැසුණු ඇගේ පියා මුණගැසීමට සිත් දැඩි කරගනිමින් ඇය ඔහුගේ නිවසට පිය මනිනවා.ඔහු ඇය දකින අතර ඔහුට ඇයව කවුද කියා සිතා ගත නොහැකි වනවා. මාව මතකද කියා දුලීකා අසා ඇති අතර මට මතක නෑ ලෙස ඔහු පිළිතුරු දී ඇත්තේ ඇය මතක නැති නිසාමය.එහෙනම් මම යනවා කියා ඇය සිනාසී ඔහුට පිටුපා යන විටම ඒ හිනාව ඔහු ඔහුගේ බිරිදගේ වග එකෙනෙහිම හදුනා ගන්නවා.කෝ අම්මා, අම්ම දන්නවද මෙහේ එන වග ඔහු ඇගෙන් විමසනවා නෑ මම හොරෙන් ආවේ ඇය ඔහුට පැහැදිලි ස්වරයෙන් පවසනවා. යන තැනක අම්මට කියලා යන්න” ඔහු ඇයට කියනවා. ඇය විසින් පුවත් පත් සහ මාධ්‍ය වෙත ලබා දුන් සාකච්ඡා ඇසුරින් ලියා තබමි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *