හයේ සිට උසස් පෙළ දක්වා ශිෂ්‍යාවන්ට රජයෙන් නොමිලේම හම්බෙන්න යන දේ මෙන්න

article

දිවයින පුරා පාසල්වල හය ශ්‍රේණියෙන් ඉහළ පන්තිවල ඉගෙනුම ලබන ලක්ෂ දොළහකට අධික ශිෂ්‍යාවන් මාසික ඔසප් වීම සිදු වීමේ දී දින දෙකක කාලයක් පාසලට පැමිණීමෙන් වැළකී සිටින බව අධ්‍යාපන අමාත්‍යාංශය සිදු කළ සමීක්ෂණයේ දී අනාවරණය වී තිබේනවා ඒ ඔව්න්ගේ කායික වේදනාව නිසා.මේ නිසා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලටද බාධා එල්ල වන බව නිරීක්ෂණය කර ඇත. නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවලින් රජයේ පාසල්වලට පැමිණෙන ශිෂ්‍යාවන්ගෙන් සියයට 65ක් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වීම නිසා සනීපාරක්ෂක තුවා භාවිත නොකරන බවද හඳුනා ගෙන තිබේ.එම නිසා ශිෂ්‍යාවන්ගේ මානසික හා සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වා ගෙන යෑම සඳහා පාසල් ශිෂ්‍යාවන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ ලබා දීමට රජය තීරණය කර ඇත. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ඒකාබද්ධව මේ පිළිබඳව (04 වැනිදා) අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමට තීරණය කර ඇත. ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩ කරන රටක් යන තේමාව යටතේ මේ සිදුවෙන ක්‍රියාව නම් අපි අගේ කරන්නම ඕනේ ශ්‍රී ලංකාවේ දුප්පත් ජනතාව තමා වැඩියෙන්ම සිටින්නේ එම නිසා ජනාධිපති සහා අලුත් රජයේ මෙම වැඩ පිළිවෙලවල් වලට ජනතාවගේද සහාය ලැබෙන තරමට රට සහ ජනතාව ශක්තිමත් කරන්න ජනතාව ගේ ආර්ථිකය ශක්තිමත් කරන්න පවතින රජයට සහයෝගය දක්වන්න කියා අගමැති ජනතාවගෙන් ඉල්ලනවා.ඒ වගේම දුප්පත් සහා මද්‍යම ප්‍රාන්තික ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකර පහසු ගෙවීමේ ක්‍රමයට වසර 25 දක්වා ගෙවීම කරන්නද ජනතාවට මෙම මස 1වෙනිදා සිට සිදුවෙනවා ඔබටද ඒ සදහා අයදුම් කරන්න හැකියාව සලසා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *